2011 ලෝක කුසලානෙ ඉවර වෙලා සතියක්වත් යන්න කලිං ඔන්න තව ක්‍රිකට් තරගාවලියක් පටංගන්න යන්නේ. ඒ තමා ඉන්දියානු ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අන්තර්ජාතික ක්‍රීඩකයන් සමග තරග කිරීමේ අත්දැකීම ලබාදීමේ ප්‍රධාන අරමුණ ඇතිව ක්‍රියාත්මක වන IPL තරගාවලියේ 2011 වර්ෂයේ දිගහැරුම‍.

Continue reading

ක්‍රිකට් සංකේතයක් බවට පත් වෙන John Revox ගේ "Ole" හෙවත් "IPL Trumpet එක"!ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ නිකංම නිකං එහාපැත්තෙං දමන බෝලෙකට මෙහා පැත්තෙ ඉඳං පොල්ලෙං ගහන සෙල්ලමක් නෙවෙයි. ඒ හා ආශ්‍රිතව බැඳිච්ච සංස්කෘතිකමය අංග රාශියක් තියනවා. ඒ ඒ රටවල අයට ආවේනික විවිධ වින්‍දන ක්‍රම ඒ ඒ රටවල ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් තමන්ගේ රටේ පැවැත්වෙන තරග නරන අතරතුරදී යොදාගන්නවා.

ක්‍රිකට් ක්‍රීඩාව වටා ගොඩ නැගුනු මේ සංස්කෘතිය ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට කොතරම් සමීපද යන්න, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රීඩා තරග නැරඹීමේදී සංගීත භාණ්ඩ, බැනර් ආදිය භාවිතය තහනම් කිරීමට පොලිස්පති වරයා වූ අමනෝඥ සූදානමට එල්ල වූ විරෝධයත්, එකී තහනම හකුලා ගැනීමට ඔහුට සිදුවීමෙනුත් පෙන්වා දෙන්නට පුළුවන්. ඒ සම්බන්ධව ශ්‍රී ලාංකික අන්තර්ජාල භාවිතාකරුවන් අත්සන් කල පෙත්සමකුත් දියත් වුනා. මේ ඒ වෙත සබැඳියයි: http://www.petitiononline.com/wc2011sl/

කොහොම නමුත් මේ කියන්නේ ලංකාවේ ඒ මුග්ධ පපර තහනම ගැන නෙවෙයි, අසල් වැසි ඉන්දියාවෙන් ක්‍රිකට් ලෝකයට පිවිසුනු තවත් එක් සංස්කෘතිකාංගයක් ගැන. Continue reading

ICC T20 ලෝක කුසලාන තරගාවලියේ එකදිගටම සාර්ථක වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (09) ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට එරෙහිව අන්ත පරාජයක් ලැබුවා. ඊයේ දිනයේ තරගය පරාජයවීනම් සාධාරණීකරණය කළ හැකිව තිබුනද, අන්ත පරාජයකට – එනම් ලකුණු 81 පරාජයකට – ලක්වීම කිසිසේත් සාධාරණීකරණය කරන්න බැහැ. Continue reading

මේ වසරේ ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග – කාටත් තේරෙන විදියට කීවොත් IPL – සඳහා තවත් තිබෙන්නේ මාස එක හමාරක පමන කාලයක්. IPL හි රසිකයෙක් විදියට ඒ ගැන යම් ලිවීමක් කරන එක හොඳයි කියලා මට හිතුනා. Continue reading