බීටාමෘදුකාංග ලෝකේ “බීටා” කියලා නම් කරන්නේ, යම් මෘදුකාංගයක අවසන් නිකුතුවට පෙර පරීක්‍ෂා කර බලා දෝෂ හඳුනා ගැනීම සඳහා තෝරාගත් පිරිසක් වෙත නිකුත් කරනා නිකුතුවක්. “ඇල්ෆා” කීවාම ඊටත් වඩා පහළ සංවර්ධන අවධියේ තිබෙන යම් මෘදුකාංගයක්, කලිංටත් වඩා සීීමිත පිරිසක් වෙත පරීක්‍ෂා කිරීම සඳහා ලබා දෙන මෘදුකාංග නිකුතුවක්.

කල්පනා කරලා බලනකොට, මගේ කොම්පීටරේ තියන සොට්ටෙයා වලිං වැඩි හරියක් බීටා, එහෙම නැත්නම් ඇල්ෆා. නිතර භාවිතා කරනා වෙබ් අඩවි වලිං කීපයක්මත් බීටා හෝ ඇල්ෆා. ඒ නිසා කෙනෙකුට පුලුවං මම “බීටා මේනියාවෙන්” භයානක ලෙස පෙළෙන්නෙකු ලෙස හඳුන්වන්න! :P Continue reading

“A screencast is a digital recording of computer screen output, also known as a video screen capture, often containing audio narration. Although the term screencast dates from 2004, products such as Lotus ScreenCam were used as early as 1994. Early products produced large files and had limited editing features. More recent products support more compact file formats such as Adobe Flash and have more sophisticated editing features allowing changes in sequence, mouse movement, and audio.

Just as a screenshot is a picture of a user’s screen, a screencast is essentially a movie of the changes over time that a user sees on his monitor.” Continue reading

මගේ මෙහෙයුම් පද්ධතිය තමයි Ubuntu. ඒක ලෝකයේ ජනප්‍රියම Linux බෙදාහැරීම් වලින් එකක්. මේ ලිපියෙන් මම කියන්න සූදානම් වෙන්නේ Ubuntu මෙහෙයුම් පද්ධතිය අලුතින් ස්ථාපනය කළාට පසු එය මාගේ භාවිතාවට ගැළපෙන තත්වයට පත් කර ගැනීම සඳහා මම අනිවාර්යයෙන් කරන දේවල් කිහිපයක්. ඒවායින් ඇතැම් ඒවා සමහරවිට ඔබටත් වැදගත් වෙන්න පුළුවන්. Continue reading

දැං මේ කියන්න හදන්නේ Ubuntu 9.10 (Karmic Koala) මත සිංහල භාෂාව සක්‍රීය කිරීම ගැන. මීට කලින් සංස්කරණ වලදී අපිට සිදු වුනේ උබුන්ටු මත සිංහල ස්ථාපනය ගැන කතා කරන්න, මොකද කලිං විජේසේකර යතුරු පුවරුව වගේ ඒවා උබුන්ටු සමග පෙරනිමියෙන් ආවේ නහැ. නමුත් දැන් අපිට එච්චර මහන්සි වෙන්න ඕන නෑ, පෙරනිමියෙන් එන සිංහල භාෂාව සක්‍රීය කරගන්න විතරයි තියෙන්නේ. Continue reading

බින්කු සහෝදරයයි මායි කරපු සංවාදයක් “බඩී සහ බිංකු සමග: උබුන්ටු මෘදුකාංග ස්ථාපනය සහ රිපොසිටරීස්.” නමින් මේ බ්ලොගයේ පළ කළා ඔබට මතක ඇති. ඒ ලිපියේ ප්‍රතිචාර දැක්වීම් වල එක තැනක මම සඳහන් කළා “මේකට පොඩි විසඳුමක් දැනටම උබුන්ටු තුළ තියනව. මම ලියන්නම්.” කියලා. ඒ කියන්නේ අන්තර්ජාල සබඳතාවක් රහිතව උබුන්ටු හරහා මෘදුකාංග ස්ථාපනය කරගන්න පොඩි ක්‍රමයක් ගැන ලියනවා කියලයි මම පොරොන්දු වුනේ. ඒ පොරොන්දුව ඉටු කරන්නයි දැන් මම හදන්නේ. Continue reading