මේ කියන්න ලේස්ති වෙන්නේ ඉතාම සරල නමුත් අමුතුම සංකල්පයකට අනුව නිර්මාණය වුනු සේවාවක් සපයන වෙබ් අඩවියක් ගැන. වෙනත් සේවා වගේ නෙවෙයි මේක දැකපු ගමන් මට හිතුනේ “හෆෝ මේක මහලොකු දෙයක්ද, මටත් කරන්න තිබ්බානේ!” කියලා. එතකොට මේ වෙබ් අඩවියේ වටිනාකම මොකක්ද? ඕනම කෙනෙකුට කරන්න පුළුවන් තරම් සරල දෙයක්, අනිත් අය කරන්න තියා හිතන්නේවත් නැතිව ඉන්නකොට, ඉදිරිපත්වෙලා කරපු එක!
මොකක්ද හැබෑට මේ කාටත් කරන්න පුළුවන් කම තිබුනු නමුත් නොකරපු, සරල උනත් වැදගත් දේ? හොඳයි මම කියන්නම්; ඒ තමයි, වෙබ් පිටු ලිපින ලයිස්තුවක් හදාගෙන, Next බොත්තමක් ක්ලික් කරනකොට පිටුවෙන් පිටුවට ඉදිරියට යන්න හැකියාවක් තියන සේවාවක් නිර්මාණය කිරීම.
මොකක්ද ඒකේ ප්‍රයෝජනේ? පොතක පරිච්ඡේදයෙන් පරිච්ඡේදය වගේ පිළිවෙලින් කියවිය යුතු වෙබ් පිටු කිහිපයක් තිබෙනවා නම්, ඒවා මේ වෙබ් අඩවිය හරහා පිළිවෙලින් ලයිස්තුගත කරලා අපේ මිතුරන්ට ලබා දෙනවා නම්, ඒ අයට පුළුවන් බස් එකක ගිහින් යම් තැනක් නරඹලා ආපහු බසයේ නැගලා වෙනත් තැනකට ගොස් එතැන නරඹනවා වගේ, ඒ ඒ වෙබ් පිටුවට ගිහිල්ලා එය කියවලා “Next” බොත්තම එබුවාම මීළඟ පිටුවට යන්න.
ඔන්න ඔය විදියට වෙබ් පිටු අතරේ බස් චාරිකා සංවිධානය සඳහා වෙන් වෙලා තිබෙන අඩවියක් තමයි මේ “The Bus Ride” කියලා හැඳින්වෙන්නේ.
මේ වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන්න නම් ඔබට Facebook ගිණුමක් තිබෙන්නට ඕන. මම දකින විදියට එය මේ වෙබ් අඩවියේ බරපතළම දුර්වලකමක්! ඉන්පසු ඔබට පුළුවන් බස් රථ ධාවන මාර්ග – ඒ කියන්නේ වෙබ් පිටු ලයිස්තු – නිර්මාණය කරන්නටත්, ඒවා ඔබේ මිතුරන්ට ලබාදෙන්නටත්.
මෙහි ලියාපදිංචි වෙන්න ඔබට Facebook ගිණුමක් අවශ්‍ය උනාට, මෙහි නිර්මාණය කරන ලද මාර්ග දිගේ ගමන් යාම සඳහා ඔබේ මිතුරන්ට Facebook ගිණුම් අවශ්‍ය වෙන්නේ නම් නෑ.
මෙන්න මම විසින් හදපු එක මාර්ගයක්. බස් එකේ ගිහිං බලන්න:
බුධාජීවගේ ලියමනේ Ubuntu සම්බන්‍ධලිපි.
ඒ ඒ පිටුව සඳහා හැඳින්වීමක් එක් කරන්නට, ඔබේ මිතුරන්ට ඒ ඒ පිටුව ගැන ප්‍රතිචාර දක්වන්නට සහ ඔබට ඒවාට පිළිතුරු දෙන්නටත් හැකියාව මෙහි තිබෙනවා.
අඩවියට යන්න: The Bus Ride


මරු..
+1
Posted by ගයන්ත on April 26th, 2010.
නියමයි..
Posted by Ansh Lucky Sri Jay on April 26th, 2010.
පට්ටා මචො | කොහොමත් බස් එකේ යනකොට මම නම් ෆේස්බුක් එකේ තම ඉන්නේ
Posted by Dar[K] on April 26th, 2010.
සුදත්ත සාදුගේ කතාව හදන්න එල ක්‍රමේ. තැන්කූ වේවා
Posted by තරිඳු on April 26th, 2010.
ආ ආ.. එලකිරි. ස්තුතියි තොරතුරට.
Posted by maduonline on April 26th, 2010.
අඩේ , මේක පට්ට
Posted by Dili/දිලින on April 26th, 2010.
නියමයිනේ( The Bus Ride)
Posted by උත්තම on April 27th, 2010.
නියම වැඩක් Learning site කරන කෙනෙකුට ගොඩක් වැදගත්.
]:) මාත් හදන්න ඕනේ. මගේ 3ds Max සිංහලෙන් බ්ලොග් එකට. එතකොට එක එක පාඩම් වලට වෙන් කරලා හදන්න පුළුවන්. ස්තුතියි තොරතුරට (rofl)
Posted by Anonymous on April 27th, 2010.
වැඩේ කරලම බලල තමයි නියමයිද නැදද කියල කියන්න වෙන්නෙ අදහස නම් නියමයි!
Posted by Anonymous on April 29th, 2010.
@ගයන්ත, @Ansh Lucky Sri Jay, @Dar[K], @තරිඳු, @maduonline, @Dili/දිලින, @උත්තම, @කසුන් නදීශන, @මනුස්සකම:
කස්ටියටම තැංකූ වේවා!
Posted by budhajeewa on April 29th, 2010.
අප්පටසිරි! කිව්වත් වගේ මේක පට්ට!
Posted by Anonymous on May 1st, 2010.
එල..නියමයිනේ
Posted by Tutorialslk on May 2nd, 2010.
@සුපුන් සුදාරක, @Tutorialslk: එළකිරිස්!
Posted by budhajeewa on May 6th, 2010.