පහුගිය දවස් කිහිපය තුළ සිංහල බ්ලොග් කිහිපයක අප විසින් “සමරණ” දින ගැන සංවාදයක් ගොඩ නැගිලා තිබ්බා. ඒවායේ ගොඩනැගුනු සංවාද අනුව පැහැදිළි වුනු කරුණ තමයි ලංකාව තුළ නොයෙක් නොයෙක් පාර්ශව විසින් සැමරීමට” යොමුවන්නේ ඔවුන්ට හොඳට මාර්කට් කරන්න පුළුවන් වර්ගයේ “දින” සෙට් එකක් කියන එක.
මේ වගේ ඔවුන්ට මාර්කට් කරන්න බැරි “දින” ගැන අපි දන්නෙත් නෑ. මේ වගේ එකක් ගැන මට අද දැනගන්න ලැබුනේ Mashable හි පළවු “Pi Day: Google Doodle Celebrates Math Nerds Everywhere” නම් ලිපිය හරහායි.
පයි දිනය ලෙස අද සමරන්න හේතුව තමයි π හි අගය වන 3.141592654… හි මුල් ඉලක්කම් තුනෙන් දැක්වෙන 3.14 යන්න තුන්වැනි මාසයේ දහහතරවන දිනය යන්නට සම්බන්ධ කර ගත හැකි වීම.
අද වෙනකන් මෙහෙම දිනයක් තියනවා කියන එක මම දැනන් හිටියෙ නෑ. අඩු තරමේ අපේ ගණිත ගුරුවරයකුගේ කටින්වත් මේ ගැන නිකමටවත් කියවුනේ නැහැ.
මට මතු කරන්න ඕනෑ කාරණාව වන්නේ බටහිර විසින් සමරණ සෑම දිනයක්ම අප විසින් සැමරිය යුතුය යන්න නොවේ. බටහිරින් නොව කොයි දෙසින් උව අප ළඟා කරගත යුත්තේ යම් වටිනාකමක් තිබෙන දේවල්. නොවටිනා දේවල් රැසක් ලං කරගෙන සිටින අපට ඇයි අඩු තරමේ මේක ගන්න බැරි වුනේ?
පයි දිනය ගැන වැඩිදුර තොරතුරු:
http://en.wikipedia.org/wiki/Pi_Day

මෙන්න ගන්නවා නම් ගන්න දේවල්! දන්න විදියට pi විතරක් නෙවෙයි, golden ratio වගේ ගණිත සංසිද්ධි වගේම නිව්ටන්, අයින්ස්ටයින් වගේ විද්‍යාඥයන්ගෙ උපන්දින පවා පිටරටවල සමරනවා. (අයින්ස්ටයින්ගෙ උපන්දිනයත් අද – මාර්තු 14). අපි ඉතින් සමරන්නෙ වැලන්ටයින් දිනයයි කාන්තා දිනයයි විතරනෙ.
Posted by තමීර on March 15th, 2010.
හරි ෂෝක්…..
යවපන්කෝ එහෙනම් ඉන්විටේෂන් එකක්.
"රාහුල විද්‍යාලයේ පයි දිනයට සුජාතා විද්‍යාලයට ආරාධනා කියල." එලට තියෙයි..
Posted by තරිඳු on March 15th, 2010.
@තමීර: අඩේ… අයින්ස්ටයින් ලොක්කගෙ උපන්දිනෙත් අදද? මාරෙට මැච් වෙලා තියනවනෙ.
@තරිඳු: නරකත් නෑ. "මැත්ස් ඩේ" එකක් කියලා ලොකු පරාසයක event එකක් කරනවට වඩා, පයි වගේ දෙයක් ගැන කතා කරන්න යොදාගන්න එක හොඳයි. එතකොට ගැඹුරටම ඒකෙ භාවිතාවන් ගැන කතා කරන්න පුළුවන් නේ. හොඳ අයිඩියා එක! (handshake)
Posted by budhajeewa on March 15th, 2010.
අයියාත් මාර දේවල් නේ සොයන්න යන්නේ
@තරිඳු: යසට තියේවි (chuckle)
Posted by Anonymous on March 15th, 2010.
එතකොට 7 වෙනි මාසේ 22 නෙවෙයිද ෆයි දිනය.
Posted by Anonymous on March 15th, 2010.
තුනයි දශම එකයි හතරයි එකයි පහයි නමයයි දෙකයි හයයි පහයි තුනයි…….
Posted by අකිල on March 15th, 2010.
@සිතිජ සහන් හසාර හේවාගමගේ: හොයන්න ගියේ නෑ බං, Mahable එකේ අහම්බෙන් දැක්කේ. (wasntme)
@අකිල: හතෙං විසිදෙක!
Posted by budhajeewa on March 15th, 2010.
@budhajeewa: ආ ඒක මිසක් 8-|
Posted by Anonymous on March 15th, 2010.
@ගයාන් තාරක: නැහැ නේ!
"ෆයි" නෙවෙයි බං, "පයි"!
ෆයි – Φ
පයි – π
Posted by budhajeewa on March 15th, 2010.
machan meka mara atal day 1…. man pi day 1ta danselak denna hithan inne next year ekedi ,,,,,Einstine ta pin pinisa,,,,kawuruhari board 1k liyala deepan dansalata
Posted by indika kumara on March 15th, 2010.
@indika kumara: දන්සලක් දෙනවද? එළේල, අපිටත් කියහං ඕක දෙනකොට!
Posted by budhajeewa on March 15th, 2010.
ආහ්, π ලකුණක් දාලා day කියලා මොකද්ද Event එකක් ගැන බැනර් එකක් ඊයේ පෙරේදාවක දැක්කේ ඒකයි. මට නම් නිච්චයක් තිබ්බේ නෑ ඒ ගැන මේක දකින කං.
Posted by ~බිன்ku~ on March 15th, 2010.
ඔය රටේ නැති දින සමර සමර ඉන්නවට වඩා නරකද රටට වැඩක් ඇති දෙයක් කලොත්. මන්ද මට මේක දැක්කහම එහෙමයි හිතුනේ. අර වැලන්ටයින් කියල පූජකයෙක් දිවි නහගත්තු දවසේ අපේ කෙල්ලො කොල්ලො අතේ තියන තුට්ටු දෙක මල් වලටයි කාඩ් වලටයි නාස්ති කරල නහින්නේ. කිසි තේරුමක් නෑනෙ. මව්වරුන්ගේ දිනය කියල එදාට විතරක් අම්මට වඳිනවා. ඊට හොඳයි නොවැඳම ඉන්න එක.
Posted by රවින්ද on March 15th, 2010.
@~බිன்ku~: අපිම ඉන්න ඕන ඉතිං!
@රවින්ද:
[said]
මට මතු කරන්න ඕනෑ කාරණාව වන්නේ බටහිර විසින් සමරණ සෑම දිනයක්ම අප විසින් සැමරිය යුතුය යන්න නොවේ. බටහිරින් නොව කොයි දෙසින් උව අප ළඟා කරගත යුත්තේ යම් වටිනාකමක් තිබෙන දේවල්. නොවටිනා දේවල් රැසක් ලං කරගෙන සිටින අපට ඇයි අඩු තරමේ මේක ගන්න බැරි වුනේ?
[/said]
Posted by budhajeewa on March 15th, 2010.
අපිට අයින්ස්ටයින් නිව්ටන් පයිතගරස් ප්ලේටො වගෙ අය කියපු දේවල් කොච්චර වැදගත්ද? ඇත්තටම ඒ වගේ දින අපි සැමරුවොත් අපේ පොඩි එවුන් දැනගනී…….පොරවල් වනාහි කිනම් ආකාරයෙ ඩයල්ද කියල………..මම මෙ ලඟදි දැක්ක අපේ පංචායුදෙ පොතක් එලිදක්වන එකක්……අන්න අපේ අයට මාර වැදගත් දවස…..
Posted by indika kumara on March 15th, 2010.
ඔය එක එක දින සමරුව කියල ඇති ඵලේ මොකද්ද?
Posted by තිසර on March 15th, 2010.
මැයි 17- සමරන්නෙ ප්‍රභාකරන්ගෙ තෘස්තවාදය නැතිවීම සිහිකරන්න…..ජීවිතය යුද්දය කියන දරුනු රකුසාට දීපු ලස්සන මිනිසුන් හිටිය කියල ලෝකෙට පෙන්නන්න….සහ දැනුත් දුක් විඳින උන්ගෙ පොඩි එවුන්ට තාත්ත කොච්චර ලොක්කෙක්ද කියල පෙන්නන්න…………
පෙබරවාරි 4- යුද්දයක් නැතිව අපිට රට නිදහස් කරල දීපු ඩී ඇස් මහත්තයල සිහිකරන්න….එදාට එන්ගලන්තෙ පරණ සුඩ්දො සතුටු වෙන්නෙ මුන්ගෙන් නිදහස් උනාට….
මාර්තු 15-අපේ අයට මේව කරන්න බෑ කියල සුද්දට රට දීපු වීරයො මතක කරන්න…………
දෙසැම්බර 25-මිනිහෙක් ඇණගහල අපි වෙනුවෙන් මැරුණම අපිට ඒ දුකට තාම බොන්න පුලුවන් කියල අනෙක් ආගම් වල අයට පෙන්නන්න….
Posted by indika kumara on March 15th, 2010.
"පයි" please use correct sinhala dont use bad words.
කරුණාකර නිවරදි අක්ෂර භාවිතා කරන්න. ෆයි දිනය ලෙස එය වෙනස් විය යුතුයි
Posted by Suddaya on March 16th, 2010.
@තිසර:
[said]
මට මතු කරන්න ඕනෑ කාරණාව වන්නේ බටහිර විසින් සමරණ සෑම දිනයක්ම අප විසින් සැමරිය යුතුය යන්න නොවේ. බටහිරින් නොව කොයි දෙසින් උව අප ළඟා කරගත යුත්තේ යම් වටිනාකමක් තිබෙන දේවල්. නොවටිනා දේවල් රැසක් ලං කරගෙන සිටින අපට ඇයි අඩු තරමේ මේක ගන්න බැරි වුනේ?
[/said]
@indika kumara:
ඔවු, අනවශ්‍ය හැමදේම ගන්න අපිට ඇයි මේ වගේ දෙයක් මගහැරුනේ කියන එකයි මම ප්‍රශ්න කරන්නේ.
@Suddaya:
[said:Suddaya]
“පයි” please use correct sinhala dont use bad words.
[/said]
How did "පයි" became a bad word? It is the sound of the Greek letter "π".
[said:Suddaya]
කරුණාකර නිවරදි අක්ෂර භාවිතා කරන්න. ෆයි දිනය ලෙස එය වෙනස් විය යුතුයි
[/said]
වැරදියි. ග්‍රීක් හෝඩියේ "පයි" සහ "ෆයි" යනු අක්‍ෂර දෙකකි.
ෆයි – Φ
පයි – π
ගණිතයේදී මේවාට වෙන් කළ අර්ථ ඇත.
Φ – http://en.wikipedia.org/wiki/Phi_(letter)
π – http://en.wikipedia.org/wiki/Pi_(letter)
Posted by budhajeewa on March 16th, 2010.
http://everything-everyday.blogspot.com/2010/03/b…
Posted by namal on March 26th, 2010.
@namal:
බොහොම ස්තුතියි දැනුවත් කිරීමට!
මේ බ්ලොගයේ පළවන ලිපි යම් license එකකට යටත් කිරීමට කාලය හරි වගේ.
Posted by budhajeewa on March 26th, 2010.