ආ… කොහොමද? දැනට ගහපු සිරාම වැල බලල යන්නද ආවෙ? එහෙනං සොරි තමා. මගේ බ්ලොග් එකේ වැල දාන්නේ නෑ. සර්ච් රෙස්ට්‍රික්ෂන්ස් අයිං කරල ගූගල් දෙයියගෙං ඇහුවනං ඇති පදං වැල සයිට්ස් හොයල දේවි!
මම මේ කියන්න හදන්නේ අද පන්ති ගිහිං ගෙදර ඇවිල්ලා ජංජාලෙට ලොග් උනාම දැකපු, කිහිපදෙනෙකුට වෙලා තිබුනු වින්නැහියක් ගැන!
ජීමේල් එකට ලොග් උනු ගමංම දැක්කා කවුද කෙනෙක් මගෙ Facebook වෝල් එකේ පෝස්ට් කරල තියනව “Supun, this is without doubt the sexiest video ever! : P : P : P” කියල පෝස්ට් එකක්. කවුද බොලේ මේ වැල වීඩියෝ වෝල් එකේ පෝස්ට් කරන්නේ, මම ගිහිං බැලුව වෝල් එකට.

බැලූ බැල්මට Facebook Video එකක් වගේ පෙනුනට මේක වීඩියෝ එකක් නොවන බව විමසිල්ලෙන් බැලුවොත් අඳුනගන්න පුළුවන්.
ඒ කොහොමද, පෝස්ට් එකට අදාළ ඇප්ලිකේෂන් එක ලෙස වැටිලා තියෙන්නේ “Winamp” කියලා නමක්. ඒ කියන්නේ Facebook වෙත පටවනු ලැබූ වීඩියෝවක් නෙවෙයි. නමුත් මේක එහෙම එකක් කියලා පෙන්වන්න ඕන නිසා Facebook Video වලට යොදාගන්නා අයිකනය මේකට පාවිච්චි කරලා තියනවා.
ඊළඟට මම කළ වැඩේ ඕක මත ක්ලික් කිරීම. ඒකේ සබැඳිය යොමුවෙන ස්ථානය තමයි http://apps.facebook.com/mmmas_fgdf. ඒ කියන්නේ මේක යොමු වෙන්නේ Facebook Application එකට. මේ පහල තියෙන්නේ එහි හඳුන්වාදීමේ තිරය:

මොකද හිතන්නේ, මෙතෙක් හදපු සිරාම වැල බැලීමේ ඒකායන පරමාර්ථයෙන් මම “Allow” ක්ලික් කරන්න ඇතිද? අනේ නෑ, මම Facebook එකේදී වැල බලන්නේ නෑ!
මම කලේ ඒ application එකේ Facebook Page එක වෙත යන්න තිබුනු සබැඳිය ක්ලික් කරලා එය වෙත යාම! එහි ලිපිනය තමයි http://www.facebook.com/apps/application.php?id=119488048083147.
මේ application එකේ නම, ඒ කියන්නේ “Winamp” දිහා බැලූ පමණින්ම අපිට සැකයක් මතු වෙනවා. මොකද Winamp කියන්නේ Microsoft Windows මෙහෙයුම් පද්ධතිය සඳහා නිර්මාණය වුනු මාධ්‍ය ධාවකයක් වන නිසා, එය වෙබ් අඩවියක් මත ක්‍රියාකරනවායැයි සිතීම අපහසුයි!
මම බැලුවා මේ ඇප්ලිකේෂන් එක ගැන මේකෙ භාවිතා කරුවන් මොකද කියන්නේ කියලා. පිටුව පාලනය කරන කෙනා මුල් පිටුවේම භාවිතා කරන්නන්ගේ ප්‍රතිචාර පෙන්වීම වලකලයි තිබ්බේ. එම ප්‍රතිචාර වෙනම “Others” කියන කොටසකට දාලයි තිබුනේ. කොහොම වෙතත්, මේ තියන්නේ භාවිතාකරු ප්‍රතිචාර:

මේ ටික දිහා බලලා මම නිගමන දෙකකට ආවා.
- මීට වඩා ප්‍රතිචාර ප්‍රමාණයක් මෙම application එකට ලැබිලා තිබෙන්නට ඕන. මෙය පාලනය කරන කෙනා ඒවා මකා දමනවා.
- මේ application එක ස්ථාපනේ කරන කිසිම කෙනෙක් එහෙම කරන්න කලින් පරිශීලක ප්‍රතිචාර කියවලා නෑ!
මේ application එක එහි භාවිතාකරුවන්ගේ ගිණුම් අනිසි ලෙස යොදාගන්නා බව පැහැදිළියි. මම ඊළඟට කලේ මගේ වෝල් එකේ මෙය පෝස්ට් කිරීමට යොදාගෙන තිබූ ගිණුම හිමි පුද්ගලයාට මේ පිලිබඳව ලියුමක් යැවීම.

මම හිතුවෙ වැඩේ එතනින් සමාප්තයි කියලා. ඒත්…

මේක අර මගේ වෝල් එකේ පෝස්ට් කරපු කෙනාට විතරක් සිද්ද වෙච්ච දෙයක් නෙවෙයි, ගොඩක් දෙනෙක් මේ අකරතැබ්බයට මුහුණපාලා කියලා මම දැනගත්තේ එතකොට.
මේ පහළ තියෙන සිද්ධියේ කෙනා නම් ගොඩක් ලොකු අමාරුවක වැටිල තියෙන්නේ!

එතන වැදගත් දේ තමයි අදාළ application එක විදියට සඳහන් වෙලා තියෙන්නේ “K-Multimedia” කියල එකක්!
ඔය සමහරු තමංගෙ Facebook “යාළුවන්”ට මල් යවන්න, බීම යවන්න, සපත්තුවෙං ගහන්න ආදී නොයෙක් නොයෙක් විච්චූරණ කරන්නට තමන්ගේ ගිණුමට ඈඳාගන්නා applications අවසානයේ නවතින්නේ මේ වගේ වින්නැහියක් වෙලා. අදාළ application එකේ පිටුවේ කෙනෙක් කියලා තිබ්බා මෙම application එක පාවිච්චි කරනකොට – ඔහු Microsoft Windows මෙහෙයුම් පද්ධතිය පරිහරණය කරන කෙනෙක් වෙන්න ඕනෑ – AVG Antivirus එකෙන් අනතුරුඇඟවීම් ආවා කියලා. මේ application එක Windows සඳහා වන Virus පතුරුවන එකක් වෙන්නත් පුළුවන්!
මේ සිද්ධියෙන් අප මතක තබාගතයුතු දේවල් 2ක් තිබෙනවා:
- Facebook හි විච්චූරණ applications පාවිච්චි කරන්න එපා.
- Pornographic videos ආදිය බැලීමට Facebook ආදී තැන් පාවිච්චි කරන්න හිතන්න එපා. Facebook කියන්නේ විවෘත තැනක්, ඒ ඒ දේවල්වලට වෙන් වුනු වෙනමම තැන් තිබෙනවා.
ඔබත් මෙවැනි අකරතැබ්බයකට මුහුණ දුන්නා නම්, වහාම එම application එක remove කරලා block කරන්න!


හික්..
ඔය “ගොඩක් ලොකු අමාරුවක“ වැටිච්ච කෙනා නං අපිත් අඳුරනවා..
Posted by ඉන්දරේ on May 16th, 2010.
http://www.facebook.com/pages/AGAINST-Candid-Came… othana thyanawa aragalayak
Posted by FFIVE on May 16th, 2010.
Facebook app එකකට Allow කරා කියන්නෙ ඉතින් අපේ ජීවිතේ වෙන කාගෙ හරි අතට විශ්වාසය උඩ දුන්නා වගේ වැඩක්. බොහෝම පරිස්සමෙන් කරන්න දෙයක්.
Posted by තමීර on May 16th, 2010.
මටත් ඔය වැඩේ වෙලා තිබුනනේ( දැක්ක ගමන මකලා දැම්මා ). තව පොඩ්ඩෙන් Facebook friend කෙනෙක්වත් මකලා දානවා
Posted by සම්පත් on May 16th, 2010.
හුම් හුම්…උබලටත් වේවිනෙ ඔහොම එකක්..අපිත් දෙන්නම් එදාට මඩ..!!
උබ දැන් ශර්ලක්හොම්ස් කැරැක්ටර් එකක් කරනවා නෙ ? එළ එළ
Posted by bunny on May 16th, 2010.
අනේ අර අකරතැබ්බේ ස්ක්‍රීන් ශොට්ස් උත් අරන් නෙව. මම හිතුවා ඔය සන්තෑසිය වෙන වෙලාවේ බඩී ඔන්ලයින් නැහැ කියලා.
Posted by Ansh Lucky Sri Jay on May 16th, 2010.
buhahahahaaaaa… (rofl)
Posted by ගයන්ත on May 16th, 2010.
ඔය ස්ක්‍රීන් ෂොට් අපැහදිලි කලාට මට නම් අඳුනන්න පුලුවන් කීප දෙනෙක්ම
Posted by තරිඳු on May 16th, 2010.
@තරිඳු විෂේශයෙන්ම අර හිනාව.. ලොල්
(rofl)
Posted by Ansh Lucky Sri Jay on May 16th, 2010.
matath una
Posted by Supem on May 16th, 2010.
thanks for information, ohama Deak Mathath Wena, Mama Application eka Remove kara
Posted by tharindudar on May 16th, 2010.
හක් හක් හා… විහින් කොරගන්න දේවල් නෙව. දුකා අයියගේ තාපේපෙන් නේද ඉස්සුවේ තාම තියෙනවෝ,..
Posted by Anonymous on May 16th, 2010.
මේක මටත් ලැබුනා. බොහොම ස්තුතියි දැනුවත් කළාට!
Posted by CD Athuraliya on May 16th, 2010.
දන්න කියන 3න් 4ක්ම ඉන්නවා :ඩී
Posted by Dar[K] on May 16th, 2010.
@ගයාන් තාරක ඒක දැන් එතන නැහැ.
Posted by Ansh Lucky Sri Jay on May 16th, 2010.
අඩේ අප්පා! අහිංසකඅයට වැදෙන මඩවල්!
අපරාදේ මගේ Apps-Blocking කියලා මමම දාගත්තු Facebook Application ඒක නිසා මට ඔව්වා දැන් පෙන්නේම නෑනේ බං. නොදොකිං unblock කරන්න බැරිද එතකොට???
Posted by ~බිன்ku~ on May 16th, 2010.
එල ඔත්තුව තව පොඩ්ඩෙන් සොසල් එකේදි නොමිනේට් වුනා…..FACEBOOK එකේදි මාට්ටු වුනා වෙනවා………..
Posted by Seneran Owinda on May 16th, 2010.
හෙහෙ… අනේ ඉතින්. කියන්න වචනත් නෑ මට නම්..
Posted by maduonline on May 16th, 2010.
මිස්ටර් බුධාජීව,
මේකේ email notification වැඩ නොකරන බවක් පෙනේ. මුල්ම කමෙන්ට් එක දැමීමේදී subscribe වුවත් මේ දක්වා එකදු ඊමේලයක් හෝ නොපැමිණියේයැ.
Posted by ඉන්දරේ on May 16th, 2010.
මගෙ වෝල් එකටත් 3න් දෙනෙක් පෝස්ට් කරල තිබ්බ, කවදාවත් මට පෝස්ට් එකක් නොඑවන තුන් දෙනෙක්. මටත් සැක හිතුන. WinAmp කියල තමා තිබ්බෙ. මම ඩිලීට් කරල දැම්ම.
හැබැයි ඔය පෙන්නන විඩියෝ එක නම් වැලක් නෙමෙයි, All Gags එකේ ගිය ජෝක් විඩියෝ එකක්.
Posted by Anonymous on May 16th, 2010.
කුතුහලය බන් කුතුහලය…ඒකයි මේ සේරම වින්නැහි
Posted by Anonymous on May 16th, 2010.
Posted by Anonymous on May 16th, 2010.
@ඉන්දරේ: හෙහෙ… මොනා කරන්නද, කොරන වැඩක් හත් පොළේ ගාගන්නෙ නැතුව කොරන්න දැනගන්න එපැයි!
@FFIVE: කෙලින්ම Facebook එක සම්බන්‍ධ කරගත්තා නම් වඩා හොඳයි මම හිතන්නේ පේජස් හද හදා කියව කියව ඉන්නෙ නැතිව. (nod)
@තමීර: අනිවාර්යයෙන්ම! ඒත් අපේ කස්ටිය Facebook Applications හොය හොයා ගිහිල්ලනේ ඇඩ් කරගන්නේ! 8-|
@සම්පත්: හෙහෙ… ඉක්මන් වෙන්න එපා. පොඩ්ඩක් හොයල බලල ඉන්න එක කෝකටත් හොඳා. (nod)
@bunny: ඇයි බං, උඹටත් මේ වැඩේ උනාද? (chuckle)
@Ansh Lucky Sri Jay: යා… මම පංති ගිහිං හිටියේ.
@ගයන්ත: කෙනෙක් කරදරේ වැටුනම ඔහොම හිනාවෙන එක හොඳය?
@තරිඳු: යා යා, දන්න කස්ටියට අඳුනගන්න පුළුවන් මට්ටමට වෙනස් කළේ!
@Supem: පරිස්සමෙන් වැඩ කරන්න එපැයි බොලේ!
@tharindudar: අනිවාර්යයෙන්ම ඉවත් කරන්න. හැබැයි ඉතිං අශ්වය ගියාට පස්සෙ ඉස්තාලෙ වහනවට වඩා, මුලදිම ටිකක් කල්පනාකාරීවෙලා ඔය අනං මනං විකාර applications දාගන්නෙ නැතුව ඉන්න කියල තමා මම නං කියන්නේ.
@ගයාන් තාරක: හෙහෙ.. නැතුව නැතුව!
@CD Athuraliya: ඒක එවන්න පාවිච්චි කරල තිබුන ගිණුම හිමි මිතුරාව පොඩ්ඩක් දැනුවත් කළා නං හරි. (nod)
@Dar[K]: හෙහෙ… නැතුව නැතුව!
@~බිன்ku~: මඩක් නෙවේ බං, සියල්ලන්ගේ හිත සුව පිණිස ලිව්වේ! (sun)
“Apps-Blocking”? මම නං ඒක පාවිච්චි කරල නෑ බං.
@maduonline: හෙහෙ… ඒ මොකෝ?
@Seneran Owinda: තැංකූ වේවා!
@ඉන්දරේ: අනේ මන්ද බං, මේක ලෙඩ ගොඩක් වෙලා නේ!
WordPress 3.0 ෆයිනල් රිලීස් එක ආපු ගමං ඒක ෆ්‍රෙෂ් ඉන්ස්ටෝල් එකක් දානවා. එතකං හිටු! (handshake)
@මාධව හබරකඩ: මම නං ඇප්ලිකේෂන් එක allow කරන්න ගියේ නෑ. මේකට ඕන ස්ක්‍රීන්ෂොට් එහෙම අරගෙන ටක්ගාලා ඒක බ්ලොක් කරලා දැම්මා!
@හසිත ජයසූරිය: එහෙමැයි කියල අර වඳුරො රංචුව වගේ හැසිරුනාම තමා මේව වෙන්නේ! 8-|
@සිතිජ සහන් හසාර හේවාගමගේ: අනිවාර්යයෙන්! ඒකනේ මම නිතරම කියන්නේ මේක එච්චර විශ්වාස කරන්න පුළුවන් තැනක් නෙවෙයි, කරන දෙයක් පරිස්සමෙන් කරන්න කියලා! (nod)
@හිඟන්නා: මොකක්ද බං Sims 3 App එකේ සිද්ධිය? |(
Posted by budhajeewa on May 16th, 2010.
ඇප්ලිකේෂන් එකේ Source එක බැලුවා , application එකේ Canvas URL වුනේ russian site එකක් (Source එක encrypted කරලා තිබ්බේ , data transfering URL එක ඇල්ලුවේ Wireshark එකෙන්) . Sims 3 Apps. එක තිබ්බ එක domain එකක් තම මේ russian site එක. මම හිතන්නේ Sims 3 Apps. එක හදපු එකාම තමා මේක හදලා තියන්නේ , නැතිනම් ඉතින් Sims 3 Apps. source එක copy කරලා ඕක හඳලා !!
Posted by Anonymous on May 17th, 2010.
@budhajeewa
ඇයි මතක නැද්ද මේක http://kpgtharaka.blogspot.com/2010/03/facebook.h…
Posted by Anonymous on May 17th, 2010.
මේකෙ කොටු කොටු දැම්මට පොටෝ වලින් අපිට කවුරු කවුරුත් අඳුනගන්න පුළුවන්..
Posted by අනූ on May 17th, 2010.
@අනූ: අන්න ඒ කතාවට මාත් එකගයි
බුධාජීව අයියායි මායි දන්න කොටු
Posted by Anonymous on May 19th, 2010.
@ගයාන් තාරක: අඩේ… තැංකූවේවා ඒක කිවුවට. මට නිච්චියක් තිබ්බේ නෑ නොවැ!
@අනූ, @සිතිජ සහන් හසාර හේවාගමගේ: මෙහෙමනේ, ඔය කොටු කොටු දාලා තියෙන්නේ දන්න කස්ටියට අඳුනගන්න පුළුවං මට්ටමින්.
ඔය පික්සල් 4ක්ද 5ක් ද එකතු කරල තමා කොටු හදල තියෙන්නෙ, පික්සල් 10ක් විතර එකතු කළානං අඳුනගන්න වෙන්නෙ නෑ. හුදී ජනයාගේ පාං සංවේගේ ගැන හිතලා තමා ඒම කළේ!
Posted by budhajeewa on May 20th, 2010.
[...] The sexiest video ever ලෙස පැමිනි එක මෙන්ම දැන් shocking video of a teacher [...]
Posted by Maduonline » Blog Archive » Facebook කපටි Application එක්ක ප්‍රවේසමෙන්.. on June 15th, 2010.
Posted by Namila on July 22nd, 2010.