Twitter කියන්නේ ලෝකයේ ජනප්‍රියම ක්‍ෂුද්‍රබ්ලොග්කරණ (microblogging) සේවාවයි කියලා කීවොත් වැරදි නැහැ. අකුරු 140ක ඉඩකඩක් තුළ තමන්ගේ අදහස් කියන්නට හෙවත් “ට්‍වීට් කරන්න”ටත්, අනිත් අයට පිළිතුරු දෙන්නටත් වගේම අනිත් අයගේ අදහස් නැවත ප්‍රචාරය කරන්නට හෙවත් “රිට්‍වීට් කරන්න”ටත් මේ සේවාවෙන් ඉඩ ලැබෙනවා.
නමුත් හැම දේම අපිට ඕන විදියට හරවල පෙරළල ගන්න අපේ කස්ටිය මේ ට්‍විටර් සේවාව දැන් දැන් චැට් කරන්නත් යොදාගන්නවා. ඒ කියන්නේ යම් කෙනෙක් ට්‍වීට් කරපු දේකට දෙන ප්‍රතිචාර ට්‍වීටයට නැවත මුල් පුද්ගලයා විසින් නැවත ප්‍රතිචාර පළකිරීමත්, මේ ආකාරයට මේ ක්‍රියාවලිය සාමාන්‍ය ට්‍වීට්-ප්‍රතිචාර සිද්ධියකට වඩා දිගින් දිගට පවත්වාගැනීමෙන් සංවාදයක ස්‍වරූපයක් ගන්නා යම් දෙයක් ට්‍වීට් ඇසුරින් නිර්මාණය වෙනවා.
නමුත් මේ තත්වය Twitter හි නිර්මාපකයන් බලාපොරොත්තු නොවන දෙයක් නිසා දිගින් දිගට යන සංවාද වලට අදාළ ට්‍වීට එක් තැනකදී බලාගන්න හැකියාව Twitter අඩවියේ නැහැ. ඒ නිසා වෙනත් තුන්වැනි පාර්ශව විසින් ඒ අඩුපාඩුව සපුරන්නට පුළුවන් සේවාවන් නිර්මාණය කරලා තියනවා.
එයින් එකක් තමයි මම “ඔබේ tweets වලට එන reply-tweets පිළිවෙලට බලාගමු?” නම් ලිපියෙන් මීට කලින් හඳුන්වලා දීපු Tweetree සේවාව. නමුත් ඒ සේවාවේ තිබෙන දුර්වලතාවයක් තමයි. එක් ට්‍වීටයක් සඳහා ප්‍රතිචාරයන් 2ක් හෝ වැඩිගණනක් අවස්ථා 2ක් හෝ වැඩි ගණනකදී ලැබුනොත් එම ප්‍රතිචාර කිහිපය එකම ස්ථානයක දක්‍වන්නේ නැතිව, ස්ථාන කිහිපයක මුල් ට්‍වීටයද නැවත නැවත සඳහන් කරමින් කිහිප වතාවක් දැක්‍වීම. ඉතින් විශාල ප්‍රතිචාර ගණනක් හුවමාරු වන ට්‍විටර් සංවාද සඳහා ඒ සේවාව සුදුසු වෙන්නේ නැහැ.
නමුත් මම දැන් කියන්න යන Twitoaster නම් සේවාව එකී දුර්වලතාවයෙන් මිදුනු එකක්.

Twitoaster වලින් වාර්තා කරගන්නේ අපගේ එක් හෝ ප්‍රතිචාරයක් තිබෙන ට්‍වීට විතරයි. නමුත් Twetree මගින් ඕනෑ එපා සියළුම ට්‍වීට වාර්තා කරගන්න නිසා, මෙයත් මෙහි වාසියක්. මුල් ට්‍වීටයට ලැබෙන ප්‍රතිචාර මෙන්ම ප්‍රතිචාර ට්‍වීටවලට ලැබෙන ප්‍රතිචාරද පෙළගස්වා පෙන්වීමේ හැකියාව මෙයට තිබෙනවා. ඒ හැරුනාම අපේ ට්‍වීට වලට එන ප්‍රතිචාර පිළිබඳ සංඛ්‍යාන දත්ත විශ්ලේෂණය කිරීමේ පහසුකමකුත් මෙහි අන්තර්ගත වෙනවා.

යන්න: Twitoaster අඩවියට.


එල එල, ඕක මාර ප්‍රයෝජනයි!
Posted by තමීර on October 17th, 2009.
ප්‍රයෝජනදත් අහනවා !
ඔය වගේ tweets ටික thread view එකෙන් පෙන්නන Desktop Client එකක්වත් එන්නෙ නැති හැටි
Posted by ඉන්දරේ on October 17th, 2009.
@තමීර: අනිවා!
@ඉන්දරේ: කෝ තාම තමුන්නැහේ ඒකට සෙට් වෙලා නෑ නේ? :O
Posted by budhajeewa on October 17th, 2009.
ඔන්න මාත් ආවා.
මට නං මේකෙ අල්ලලා ගිය දේ තමයි අර wordpress plugin එක !
Posted by ඉන්දරේ on October 17th, 2009.
@ඉන්දරේ: එළස්!
Posted by budhajeewa on October 18th, 2009.
එළ වටිනවා මමත් ගියා
Posted by Anonymous on October 18th, 2009.
එළ වටිනවා
Posted by Dar[K] on April 29th, 2010.