Facebook කියන්නේ මේ වන විට ලෝකයේ ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවිය කියන එක අවිවාදිතයි. මේ අඩවියෙන් ලබාදෙන සේවා ගොන්නක් අතරේ, පිංතූර එකතු සකස් කිරීම කියන්නේ තවත් එක සේවාවක්. ඔබ Ubuntu මත සිට Firefox සමග Facebook වෙබ් අඩවිය භාවිතා කරනවා නම්, මේ පිංතූර එකතු සකස් කිරීමේ කාර්යය පහසු කරන්නට Facebook විසින් නව ක්‍රමයක් හඳුන්වලා දීලා තියනවා.
මේ ක්‍රමේ මට හම්බවුනේ අහම්බයෙන් වගේ. ඒ අපේ ඉස්කෝලේ වෙබ් අඩවියේ අතීතය දැක්වෙන පිංතූර ටිකක් මෙතන ක්ලික් කළාම එන Facebook පිංතූර එකතුව වෙත පටවන්නට උත්සාහ කරන විටයි.
මෙයින් වෙන්නේ Facebook හි පිංතූර පැටවුම් ක්‍රියාවලිය සඳහා Firefox සුසර කරන්නට හැකි ප්‍ලගිනයක් අපගේ Firefox වෙත එක් කිරීමයි. මෙය නමින් “Facebook Plug-in” වනවා.
මෙය ස්ථාපනය කර ගැනීම හා මෙ මගින් Facebook පිංතූර එකතුවක් නිර්මාණය කිරීම පිවවරෙන් පියවර පහත දැක්වෙනවා:
1. ඔබගේ Facebook ප්‍රොෆයිලයේ “Photos” ටැබයට යන්න.

2. එහි ඇති “Create a Photo Album” බොත්තම ක්ලික් කරන්න.
![]()
3. ඉන්පසු මතුවන සංවාදකොටුවේ “Install” බොත්තම ක්ලික් කරන්න.

4. ඉන්පසු ලබාදෙන සබැඳිය ඔස්සේ අදාළ ගොනුව බාගන්න.

5. බාගන්නා ලද ගොනුව හැකිළුමක් වන අතර එය ලිහාගන්න.

7. හැකිළුම ලිහුනු බහාලුම තුළ ඇති “libnpfbook_1_0_0.so” ගොනුව පිටපත් කරගන්න.

8. මින් අනතුරුව කළ යුත්තේ එම ගොනුව ඔබගේ Firefox ස්ථාපනයේ “plugins” බහාලුමට පිටපත් කිරීමයි.
එම බහාලුම ~/.mozilla/plugins හෝ ඔබ Firefox දමා ඇති බහාලුමේ ඇති “plugins” බහාලුමයි.
9. අනතුරුව මෙම සංවාදකොටුවේ “Done Installing” බොත්තම ක්ලික් කරන්න.

9. සාමාන්‍ය ලෙස පිංතූර එකතුවට නමක්, විස්තර ආදිය ලබා දෙන්න.

10. පිංතූර එක් කිරීම සඳහා “Select Photos” යන බොත්තම ක්ලික් කරන්න.

11. ඉන්පසු ඔබේ පරිගණකයේ ඇති ගොනු Facebook වෙත දැක්විය හැකි පහත ආකාරයේ සංවාද කොටුවක් විවර වනු ඇත.

12. ඔබේ පරිගණකයේ ඇති බහාලුම් වලට පියවරෙන් පියවර එය මගින් ඇතුළු විය හැක.

13. අවශ්‍ය පින්තූර තෝරාගන්න.

14. තෝරාගැනීමෙන් අනතුරුව “Use Selected Photos” බොත්තම ක්ලික් කරන්න.

15. තෝරාගෙන ඇති පිංතූර සංඛ්‍යාව “Select Photos” බොත්තම මත දිස්වනු ඇති.
![]()
16. අවැසි සියළු පින්තූර තෝරා ගැනීමෙන් අනතුරුව හා විස්තර ඇතුලත් කිරීමෙන් පසුව “Create Album” බොත්තම ක්ලික් කරන්න්‍යස.
![]()
17. සුළු මොහොතකින් ඔබ තෝරාගත් පින්තූර සියල්ල Facebook වෙත පැටවීම ඇරඹෙනු ඇති.

18. මෙම නව ක්‍රමය මගින් පිංතූර පටවන විට සියළු වැඩ නතරකොට පෙරමෙන් පැටවුම් ක්‍රියාවලිය දෙස බලා සිටීමට අවැසි නොවේ. පැටවුම් ක්‍රියාවලිය ආරම්භ වූ සැනින් එහි දර්ශකය Facebook හි පහත ඇති මෙවලම් තීරුවට එක් වන අතර ඒ පැටවුම් ක්‍රියාවලිය සිදුවන අතරම Facebook හි වෙනත් පිටු කෙරේ පිවිසීමේ හැකියාව මේ හරහා ලැබේ.

19. පැටවුම අවසන් වූ පසු එම දර්ශකයෙන්ම ඒ බව දැනුම්දේ.

20. ඉහත ක්‍රමය මගින් පටවන ලද පිංතූර රැගත් පිංතූර එකතුව පහත ලෙස දැකගත හැකිය.

Facebook විසින් මේ ප්‍ලගිනය සමග ලබාදෙන Read Me ගොනුවට අනුව, මෙය තවමත් නිළ වශයෙන් සහය දක්වන්නේ Ubuntu 8.04 හෝ ඊට වඩා අලුත් සංස්කරණයක් මත ධාවනය වන Firefox 3.0 හෝ ඊට වඩා අලුත් සංස්කරණයක් සඳහා පමණයි. නමුත්, වෙනත් වෙබ් ගවේෂක, ඩිස්ට්‍රෝවන් සහ සැකසුම් සමග වුවද ක්‍රියාකරවීමට හැකි බවත් ඔවුන් කියනවා.
මේ ගැන දැනගත්තු ගමන් මම කරපු අනිත් වැඩේ අපේ සිතිජ සහන් මලයට කියලා මෙහි Winodws මෙහෙයුම් පද්ධතිය සඳහාත් සංස්කරණයක් තියේද කියලා හොයලා බලන එක, නමුත් එහෙම එකක් නැති බවයි ප්‍රතිචාරය වුනේ.
මට දැනුනු හැටියට නම්, පෙර Facebook විසින් භාවිතා කළ Simple Uploader හා Java Uploader ට වඩා මෙය ඉක්මන්.


Wow, Seems like Facebook recommending Linux unlike other Opening Systems!
Posted by ~බිன்ku~ on January 14th, 2010.
මේව දැකලවත් ලිනක්ස්වල අගේ මිනිස්සුන්ට තේරුණොත් ඇති.
Posted by තමීර on January 14th, 2010.
අයියා මම එච්චර linux පාවිච්චි කරන්නේ නෑ නේ
ඒත් ගොඩක් ප්‍රයෝජනවත් ලිපියක්….
Posted by Anonymous on January 14th, 2010.
@~බිன்ku~: Yeah, thats kinda good thing, isn't it?
@තමීර: ඔවු ඇත්තටම. මේ වගේ දෙයක් හරහා හෝ ලිනක්ස් වලට මිනිස්සු එනවා නම් ලොකු දෙයක්. :nod:
@සිතිජ සහන් හසාර හේවාගමගේ: මල්ලිත් ලිනක්ස් වලට පොඩි ට්‍රයි එකක් දීල බලන්න. ඔයා වගේ කෙනෙක් දැන්ම ලිනක්ස් වෙත හුරු වෙන එක ගොඩක් වැදගත්. ලිනක්ස් විතරක්ම ඕන නෑ, dual-boot විදියට Winodws සමගම ලිනක්ස්නුත් දාමු? :rock:
මල්ලි, ඔයාගෙ "Wordpress වලට Skype Emoticons ලේසියෙන්ම දාමු" (http://blog.sithija.info/?p=569) ලිපියේ විදියට මාත් ඔන්න smilies ටිකක් දාගත්ත.
Posted by budhajeewa on January 14th, 2010.
@budhajeewa -: එළ එළ අයියා. සුබ පැතුම් අළුත් මූණු ටිකට දිගටම පාවිච්චි කරන්න…
Posted by Anonymous on January 14th, 2010.
සකර්බර්ග් අයියා මොකද මේ ලිනක්ස් වලට පණ දෙන්න ගිහින්?
Posted by ඉන්දරේ on January 15th, 2010.
උඹ මොනව කිව්වත් වින්‍ඩොස් අත අරින්න බෑනෙ. තහනම් කරත් අපිට පුරුදු එකනෙ. ඒකෙ වැඩ කරන ගමන් උබුන්ටුත් පාවිච්චි කරනව.
Posted by vidura on January 15th, 2010.
@සිතිජ සහන් හසාර හේවාගමගේ: එළම තමා මල්ලියෝ!
@ඉන්දරේ: එහෙම තමා වැදගත් මිනිස්සු!
@vidura: අපිට අත අරින්න බැරි වෙලා තියෙන්නේ Windows මෙහෙයුම් පද්ධතියද එහෙමත් නැත්නම් ඒක උඩ දුවන්න විතරක් පුළුවන් මෘදුකාංගද කියන එක සම්බන්ධයෙන් මොකද කියන්නේ?
Posted by budhajeewa on January 15th, 2010.
@vidura -: මටත් ඒ ටිකම තමා වෙලා තියෙන්නේ. මම ඒකයි linux වලට කැමති නැත්තේ (මේක කිව්වම අපේ බුධාජීව අයියාට තරහයයිද දන්නේ නෑ
)
Posted by Anonymous on January 15th, 2010.
@බුධාජීව -: අයියා ඒක නෙමෙයි මේ පින්තූර වල watermark දාන්නේ photoshop වලින්ද එහෙමත් නැත්නම් වෙන මෘදුකාංගයකිනද?
Posted by Anonymous on January 15th, 2010.
@සිතිජ සහන් හසාර හේවාගමගේ: හෙහෙ… මට මොකටද බං ඕකට තරහ යන්නේ?
මේ වගේ පින්තූර එඩිට් කරන්නේ නම් GIMP [ http://gimp.org ] වලින්. ඒත් මම කෝකටත් කියලා Photoshop නුත් දාගෙන ඉන්නේ Wine [ http://winehq.org ] හරහා.
Posted by budhajeewa on January 15th, 2010.
ගොඩක් තැංකූ දුන්න ඔත්තුවට…
Posted by Anonymous on January 16th, 2010.
@සිතිජ සහන් හසාර හේවාගමගේ: වෙල්කම් වේවා!
Posted by budhajeewa on January 16th, 2010.