බින්කු සහෝදරයයි මායි කරපු සංවාදයක් “බඩී සහ බිංකු සමග: උබුන්ටු මෘදුකාංග ස්ථාපනය සහ රිපොසිටරීස්.” නමින් මේ බ්ලොගයේ පළ කළා ඔබට මතක ඇති. ඒ ලිපියේ ප්‍රතිචාර දැක්වීම් වල එක තැනක මම සඳහන් කළා “මේකට පොඩි විසඳුමක් දැනටම උබුන්ටු තුළ තියනව. මම ලියන්නම්.” කියලා. ඒ කියන්නේ අන්තර්ජාල සබඳතාවක් රහිතව උබුන්ටු හරහා මෘදුකාංග ස්ථාපනය කරගන්න පොඩි ක්‍රමයක් ගැන ලියනවා කියලයි මම පොරොන්දු වුනේ. ඒ පොරොන්දුව ඉටු කරන්නයි දැන් මම හදන්නේ.
ඍජු අන්තර්ජාල සබඳතාවක් නැතිව මෘදුකාංග ස්ථාපනය කරන්නට අවැසි පහසුකම Ubuntu සමග පෙරනිමියෙන්ම එන Synaptic Package Manager මගින් කරන්නට පුළුවන්.
ඒ සඳහා System -> Administration -> Synaptic Package Manager මගින් Synaptic Package Manager වෙත යන්න.
ඉන්පසු ඔබේ පරිශීලක ගිණුමේ මුරපදය විමසාවි. මොකද දැන් අපි යන්න හදන තැන හිතුමතේ දඟකරන්න එච්චර හොඳ තැනක් නෙවෙයි.
ඊට පස්සේ අපි යොමු වෙනවා Synaptic Package Manager එක වෙතට.
එතනින් අපිට පුළුවන් අපිට ස්ථාපනය කරන්නට අවැසි මෘදුකාංගය තෝරාගන්නට. එවිට ඊට අදාළ රඳාපැවතුම් මෘදුකාංගත් ස්ථාපනය සඳහා විමසනවා. එය පිළිගන්න.
මින් අනතුරුව කරන්නට තිබෙන්නේ එහි File -> Generate Package Download Script තෝරාගෙන අදාළ ගොනුව යම් තැනක සුරැකගැනීමයි.
(වැදගත්!: මෙය අප විසින් root භාවිතාකරු ලෙසින් ධාවනය කරන මෘදුකාංගයක් නිසා මෙහි සංවාද කොටු වල Desktop යනාදී කෙටිමං මගින් සබැඳෙන්නේ root භාවිතාකරුගේ නාමාවලිවලට මිස අපගේ පෞද්ගලික භාවිතුකරු ගිණුමේ නාමාවලිවලට නොවේ. අපගේ පෞද්ගලික නිවස්න නාමාවලියේ යම් ස්ථානයක ගොනුව සුරැකගැනීමට අවැසි නම්, “/home/” නාමාවලියේ ලයිස්තුගතකර ඇති අපගේ පෞද්ගලික නිවස්න නාමාවලියට යා යුතුය.)
ඒ සුරැකෙන ගොනුවේ ලයිස්තුගතව ඇති ගොනු ඍජු අන්තර්ජාල සබඳතාවයක් ඇති පරිගණකයක් හරහා බාගන්නට අපිට පුළුවන්.
එසේ බාගත් ගොනු සියල්ල තනි බහාලුමකට දමා එම බහාලුම File->Add Downloaded Packages හරහා Synaptic Package Manager වෙත ලබාදීමෙන් ඒ සියළු ගොනු පරිගණකයේ ස්ථාපනය කරගත හැකියි.
3 responses to “ඍජු අන්තර්ජාල සබඳතාවක් නොමැතිව Ubuntu මෘදුකාංග ස්ථාපනය.”
APTONCD මගින් ස්ථාපනය කල මෘදුකාංග වල repo එකක් හදා ගැනීමත් කරන්න පුළුවන් හොඳ දෙයක්. හැබැයි මේකෙ තියන අවුල තමයි repo එකට එන්නෙ ආසන්න දින කීපයක ස්ථාපනය කරන ලද මෘදුකාංග විතරයි.
@රවින්ද: මම නං හිතන්නේ වෙන මොනම ක්‍රමයකටත් වඩා අන්තර්ජාල සබඳත්වයක් නැති පරිගණකයක මෘදුකාංග ස්ථාපනය කරන්න හොඳම ක්‍රමේ මේක.
පොඩි ගැටළුවක් තියෙන්නේ අන්තර්ජාල සබඳතාවය නැතිව repository තොරතුරු යාවත්කාල කරන ක්‍රමයක් නොමැති වීම. ඒත් එක කාලෙකට සැරයක් අන්තර්ජාලේ තියන තැනකට පරිගණකේ අරං යෑමෙන් හෝ ඩයල්-අප් සබඳතාවයකින් උනත් කරගන්න පුළුවන් නිසා ගැටළුවක් නෑ.
File->Add Downloaded Packages හරහා Synaptic Package Manager වෙත ලබාදීමෙන් ඒ සියළු ගොනු පරිගණකයේ ස්ථාපනය කරගත හැකියි.
මෙහෙමත් පුළුවන්,
# dpkg -i *