ඔබේ ඊමේල් ලිපිනය සරල වෙබ් ලිපිනයක් බවට පත්කොට, ස්පෑම් වලින් ආරක්‍ෂා කරමු


ස්පෑමි යන්න අද දින අප හැමටම කරදරයක්. වැදගත් ලියුම් ගොඩක් අස්සේ එක් නොවැදගත් ලිපියක් තිබීම වෙනුවට, නොවැදගත් ලිපි ගොඩක් අතරේ වැදගත් ලිපි කිහිපයක් හමු වන තරමට අද ස්පෑම් වසංගතයක් වෙලා. විදේශයන්හි මතු නොව අන්තර්ජාල ගුරාලාට පිං සිද්ධ වෙන්න, ලංකාවේත් දැං ස්පෑම් කරුවන් බෝවෙලා.

මේ ස්පෑම් කරුවන් අතට ඔබේ ඊමේල් ලිපිනය පත් නොවන්නට ගත හැකි සරල, එහෙත් ප්‍රයෝජනවත් විසඳුමක් ගැනයි මේ කියන්නට යන්නේ.

එය නමින් “scrim” කියා හඳුන්වනවා.

මෙන්න මේකයි මේ සේවාවේදී සිදුවන්නේ.

  1. ඔබ ඔබේ ඊමේල් ලිපිනය scrim වෙත ලබා දෙනවා.
  2. scrim ඔබට සරල වෙබ් ලිපිනයක් ලබා දෙනවා. (උදා : http://scr.im/my-text. මෙහි “my-text” යන්න සඳහා ඔබට කැමති ඕනෑම (නමුත් ලබාගත හැකිව පවතින (available).) අකුරුපෙළක් ලබා දිය හැකියි.).
  3. ස්පෑම්කරුන්ට ඔබේ ඊමේල් ලිපිනය ලබාගත හැකිව පවතින සංවාද මණ්ඩප, සංවාද ආදී තැන් වලදී ඔබ ඔබේ නියම ඊමේල් ලිපිනය වෙනුවට scrim වෙතින් ලබා ගත් සරල වෙබ් ලිපිනය සටහන් කරනවා.
  4. ඇත්තෙන්ම ඔබේ ඊමේල් ලිපිනය දැනගැනුම අවැසි මිනිසෙකු මේ වෙබ් ලිපිනය මත ක්ලික් කළ පසු ඔහුව රැගෙන යනවා human verification පිටුවකට.
  5. අදාළ verification process එක නිවැරදිව කෙරුනොත් පමණක් අදාළ පුද්ගලයාට ඔබේ ඊමේල් ලිපිනය බලා ගන්න පුළුවන්.

කොහොමද, වැඩේ සරලයි නේද ?

මෙන්න උදාහරණයක් : http://tr.im/qPQP (මේ මාගේ ඊමේල් ලිපිනයට වෙබ් යොමුවයි. මෙන්න ඍජු සබැඳිය : http://scr.im/budhajeewa)

ගිහින් බලන්න : http://tr.im/qPMC (tr.im ලිපිනයක් දුන්නේ මෙම ලිපිනයට අදාළ statistics බලා ගැනුමට පමණි. කිසිදු referral ක්‍රමයක් මෙහි නැත. අවැසි නම් මෙන්න ඍජු සබැඳිය : http://scr.im/)


9 responses to “ඔබේ ඊමේල් ලිපිනය සරල වෙබ් ලිපිනයක් බවට පත්කොට, ස්පෑම් වලින් ආරක්‍ෂා කරමු”

  1. @ශාකුන්තල :
    හෆ්ෆා.. ඔවු නේන්නං ! සොරි ඈ..
    මෙච්චර ලස්සන ඇඩ්ඩස් එකක් (blog.buddy-j.jeewaya.com) තියාගෙන මටම ඒක වැදරුනු හැටි ! 😛

    [said : ශාකුන්තල]

    Comment වලට එන reply අපට ඊ මේලෙන් එන්නෙ නැත. මේකට මොකක් හරි කරන්ඩෝ…

    [/said]

    හෆ්ෆා.. එහෙම එන්නෙ නැත්ද ? මම හිතං හිටියෙ Subscribe by E-Mail හරි මොකක්හරි මගුලක් comment form එකට යටින් තියනව කියල. මොකද ඇඩ්ඩිං හැටියට ලොග් උනාම මට ඔයාලට පේන සමහර එවුව පේන්නෙ නෑ නෙ.

    ඉතිං මොකදැයි මේකට කරන්නෙ ?

  2. දෝෂය: කරුණාකර වලංගු ඊමේල් ලිපිනයක් ඇතුළත් කරන්න

    මේ තියෙන්නේ scr.im මගින් මෙතන කමෙන්ට් කරන්න ගියාම ආපු මැසේජ් එක.

    Form Validation වලදී @ සලකුනෙන් තමා මෙය නිවැරදි ඊමේල් එකක්ද කියල බලන්නේ. ඉතින් ඒ වගේ වෙලාවකට මේක පාවිච්චි කරන්න බෑ නේද?

  3. @ශාකුන්තල :
    වෙල්කම් වේවා ! 🙂

    @ඉන්‍ද්‍රනාම :
    ඔවු. තාක්‍ෂණික හේතූන්මත ඊමේල් ලිපිනය සඳහන් කරන්නට වෙන ස්ථාන වලදී මෙය භාවිතා කර හරියන්නේ නෑ.

    නමුත් මිනිසුන්ට බලාගැනීමට පමණක් ඊමේල් ලිපිනය කියයුතු තැන් වලදී මෙය වැදගත්.

    ඇමුණුම 1 :
    නිවැරදි ඊමේල් ලිපින හඳුනා ගැනීම.

    * එක් @ ලකුණක් පමණක් තිබීම.
    * @ ලකුණට පෙර alphanumeric සංකේත පමණක් තිබීම. (මෙය දැන් බොහෝ තැන් වල නැහැ. උදාහරණයක් විදියට WordPress + ලකුණ පිළිගන්නවා. උදා : abc+xyz@dmn.ext)
    * @ ලකුණට පසු එක් තිතක් පමණක් තිබීම.
    * එම තිතට පසු අකුරු 2,3 හෝ 4 වන පෙළ කොටසක් තිබීම යන කරුණු සමග අප ඇතුලත් කරන පෙළ ගැළපෙනවාද යන්න බැලීමෙනුයි නිවැරදි ඊමේල් ලිපිනයක් හඳුනාගන්නේ.

  4. "* @ ලකුණට පසු එක් තිතක් පමණක් තිබීම."
    වැරදියි. someone[at]ucsc.cmb.ac.lk මෙහෙම ලිපින තියෙනවා.

    —-
    Comment වලට එන reply අපට ඊ මේලෙන් එන්නෙ නැත. මේකට මොකක් හරි කරන්ඩෝ… 🙁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *