ඔබේ කැමැත්ත බෙදාහදාගන්න කැමති ද ?


අපි ගොඩක් ගොඩක් දේවල්වලට කැමතියි. ඒ කැමැත්ත වැඩිවීම ඒ දේ බෙදාහදාගන්න තියන කැමැත්තට ප්‍රතිලෝමව සමානුපාතිකයි. නමුත්, දැන් මම කියන්න යන දේ නිසා, කැමති දේ බෙදාහදාගැනීම කෙසේ වෙතත්, ඒ කැමති දේවල් ගැන විස්තර මුළු ලෝකෙත් එක්කම බෙදා හදාගැනීමේ හැකියාව අපිට ලැබෙනවා.

තවත් වැල්වටාරම් නැතිව කෙළින්ම කාරණයට බැස්සොත්, මම මේ කියන්න හදන්නේ හි ක්‍රියාත්මක වන “Likaholix” නම් සේවාව ගැන.

මේ හරහා අපිට හැකියාව ලැබෙනවා අපි කැමති චිත්‍රපටි, කෑම, ඇඳුම් පැළඳුම්, මෘදුකාංග, ගස් වැල්, සත්තු, සංචාරක ප්‍රදේශ, රූපවාහිනී වැඩසටහන්, භාෂා, පරිගණක වගේ ඕනෑම දෙයක් ලයිස්තුගත කරගන්න. එතකොට අපේ යාළුවොන්ට පුළුවන් ඒවා දිහා බලලා “හා මමත් ඕකට කැමතියි” කියල කියන්න. ඒවගේමයි අනිත් අය කැමති දේවල් ගැන අපිටත් අදහස් පළ කරන්න පුළුවන්.

මේ සේවාව මගින් අපි කැමැත්ත පළ කරන දේවල් පිළිවෙලට වර්ගීකරණය කරලා පෙන්වීමත් සිදු කරනවා. ඒ නිසා අපිට ඕන උනොත්, හම්.. අපි හිතමු, අපි බලපු චිත්‍රපටි මොනවද කියල පස්සෙ කාලෙක බලාගන්න, කරන්න තියෙන්නේ මේ සේවාවේ “Movies” කියන වර්ගීකරණයට ඔළුව දාලා බලන එකයි, එතකොට අපි කැමැත්ත පළ කරපු චිත්‍රපටි මොනවද කියන එක අපිටම බලාගන්න පුළුවන්.

තවත් දෙයක්තමයි අපි මෙතන කැමැත්ත පළකරන දේවල් ගැන විස්තර Facebook වලට යැවීමේ හැකියාවත් මේ සේවාවට තියනවා. ඒ නිසා අපේ Facebook වල යාළුවන්ටත් අපේ කැමැත්තවල් ගැන අදහස් පළකරන්න හැකියාව ලැබෙනවා.

මේ Likaholix කියන සේවාව නිර්මාණය කරලා තියනවා කියන්නේ Google වල වැඩකරලා එතනින් ඉවත් වුනු කණ්ඩායමක් ලු. ඒ බව මම ජංජාලේ කීප තැනකදිම දැක්කා.


2 responses to “ඔබේ කැමැත්ත බෙදාහදාගන්න කැමති ද ?”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *