ඔබේ බ්ලොගයේ නවතම තොරතුරු Facebook වෙත ස්‍වයංක්‍රීයව යවන්න


මම මේ කියන්න හදන්නේ අපේ බ්ලොග් අඩවියට තවත් පාඨකයන් හසු කරගන්න පුළුවන් ක්‍රමයක්. වැඩිදෙයක් නෑ, අපේ බ්ලොග් එකේ RSS පෝෂකය Facebook වෙත ලබාදීමයි සිදු වෙන්නේ. එතකොට ඔබ බ්ලොගයේ ලිපියක් පළකරන වාරයක් පාසා ඔබේ Facebook profile එකට ඒ ලිපිය වෙත සබැඳියක් එකතු වෙනවා.

මේක මේ අළුත් දෙයක් නොවුනට මේක දැන් ලියන්නේ අස මේක මට අහුවුනු නිසයි වැඩේ පරීක්‍ෂා කරල බලන්න මොකක් හරි ලියන්න ඕන නිසයි !

මෙහෙමයි කරන්නේ :

  1. Facebook profile එකට යන්න.
  2. Wall ටැබ් එකට වහාම යටිත් තියන සබැඳි වලින්, “Import” ක්ලික් කරන්න.
  3. ඊට පස්සේ “Available Sites” කියල එන ලයිස්තුවෙන් “Blog/RSS” ක්ලික් කරන්න.
  4. ඔබේ බ්ලොගයේ RSS පෝෂක ලිපිනය දෙන්න.
  5. “Import” ක්ලික් කරන්න.

වැඩේ හරි !

,

6 responses to “ඔබේ බ්ලොගයේ නවතම තොරතුරු Facebook වෙත ස්‍වයංක්‍රීයව යවන්න”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *