ඔබේ වෙබ් අඩවියට PodiPodi වැඩකෑලි ටිකක් දාගමු ?


ඔබේ වෙබ් අඩවියට අළුත්ම විදියේ වැඩකෑල්ලක් නොහොත් ගැජමැටික්ස් එකක් දමාගන්න විදියක් කියන්නයි මම දැන් හදන්නේ. මේ සේවාව භාවිතයෙන් අළුත්ම ආකාරයේ හැකියාවන් කිහිපයක් ඔබගේ අඩවියට ලෙහෙසියෙන්ම ලබා දෙන්නට හැකියාව ලැබෙනවා.

මින් සිදුවන්නේ අපේ වෙබ් අඩවියට command-line එකක හෝ සංවාදකොටුවක ආකාරයේ පොඩි ගැජමැටික් එකක් (එය බලාගන්න දැන් Shift+Space කරන්න.) එකතු කිරීමයි. අපිට කරන්නට තියෙන්නේ මින් ලබාදෙන තනි පේළියේ පොඩි JavaScript කේතය මේ ගැජමැටික්ස් එක එකතු වෙන්න ඕනෑ හැම වෙබ් පිටුවේම HTML Head අංශය ඇතුලේ යෙදීමයි.

වැදගත් ! : දැනට මේ අඩවියෙන් ඉඩ දෙන ආකාරයට අනුව, එක ගිණුමකින් එක ඩෝමේනයක් සඳහා පමණයි මෙම සේවාව භාවිතා කරන්නට පුළුවන්. මෙය ක්‍රියාත්මක වන්නේ අපි සඳහන් කරන ඩෝමේනය තුළ පමණයි. එ කියන්නේ අපි සඳහන් කරන ලද ඩෝමේනය තුල ක්‍රියාත්මක වන මෙම කේතය වෙනත් ඩෝමේනයක ඇති වෙබ් පිටුවක සඳහන් කළාට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කොහොම වුනත්, අපිට ඕනෑ වෙලාවක අපි සඳහන් කරලා තියන ඩෝමේනය වෙනස් කරන්නට පුළුවන්.

මේ ගැජමැටික්ස් එක හරහා මෙන්න මේ හැකියාවන් අපේ අඩවියට ලබාගන්නට පුළුවන්. අපිට කැමති ඒවා සක්‍රීය කරන්නත් අකමැති ඒවා අක්‍රීය කරන්නත් පුවවන්.

  • පොත්සලකුණු – එනම් වෙබ් සබැඳි – ලයිස්තුවක් පෙන්වීම.
  • වෙබ අඩවියේ හිමිකාරීත්‍වය පිළිබඳ තොරතුරු පෙන්වීම.
  • වත්මන් පිටුවතුළ සෙවීම.
  • Flickr පිංතූර.
  • Google සෙවුම.
  • “Google Images” පින්‍තූර සෙවුම.
  • “Google Maps” සිතියම් සෙවුම.
  • අපේ අඩවිය ගැන භාවිතාකරුවන්ට තම මිතුරන්ට කියන්න අවස්ථාව දීම (Tell-a-Friend).
  • ඔබේ Twitter ගිණුමේ අළුත්ම Tweets 20 පෙන්වීම.
  • WikiPedia සෙවුම.
  • Yahoo! සෙවුම.
  • Yahoo! Images සෙවුම.
  • YouTube සෙවුම.

මේ ගැජමැටික්ස් එකේ පෙනුමත්, පිළිගැනුම් පණිවිඩයත් අපට ඕනෑ විදියට සකස් කරන්න පුළුවන්.

ඔත්තුවක් ! : ඔබ භාවිතා කරන්නේ WordPress නම් සහ All In One SEO ප්‍ලගිනය පාවිච්චි කරනවානම්, තීම් එකේ එක එක ගොනු විවෘත කර කර මේ සේවාවෙන් දෙන JavaScript එක ඇතුල් කරන්න මහන්සි වෙන්නේ නැතිව, All In One SEO ප්ලගිනයේ සැකසුම් වලට ගිහිං, එතන තියන “Additional Post Headers:”,”Additional Page Headers:” සහ “Additional Home Headers:” කියන පෙළ කොටු වල ඒ JavaScript එක ලියලා සුරැක්කා නම්, වැඩේ ගොඩ. මම මේ බ්ලොග් එකට මේ ගැජමැටික්ස් එක දාගත්තේ එහෙමයි.

ගිහින් බලන්න : http://podipodi.com/

,

6 responses to “ඔබේ වෙබ් අඩවියට PodiPodi වැඩකෑලි ටිකක් දාගමු ?”

  1. මේ වෙල්කම් මැසේජ් එක එක පාරක් විතරක් පෙන්නන්න විදියක් නැද්ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *