ඔබේ සබැඳි වලින් වෙබ් පිටුවක්.


දැන් මේ කියන්නේ අපි භාවිතා කරන වෙබ් අඩවි වල ලිපිනයන් එකතු කරලා වෙබ් පිටුවක් හදාගන්න පහසුකම් සලසලා දෙන වෙබ් අඩවියක් ගැන. ඒ විදියෙ වෙබ් පිටුවක් හදාගත්තාම අපිට පුළුවන් අපිට ප්‍රයෝජනවත් වෙබ් අඩවි වලට ලෙහෙසියෙන් ප්‍රවේශ වෙන්න, ඒවායේ ලිපිනයන් මතක තබාගැනීමේ කරදරයෙන් මිදිලා.

හි ක්‍රියාත්මක වන මේ සේවය වෙත දැනට අපගේ වෙබ් ගවේෂකයෙන් හෝ වෙනත් මාර්ගගත පොත්සලකුණු සේවාවන්ගෙන් අපනයනය කළ පොත්සලකුණු ආනයනය කරන්නත්, මෙහි ඇති පොත් සලකුණු අපනයනය කරන්නත් පුළුවන්.

මෙහි ඇති විශේෂත්වය වන්නේ අනෙකුත් පොත්සලකුණු සේවාවන් මෙන් නොව, සරල වෙබ් පිටුවකින් අපගේ පොත් සලකුණු සියල්ලම දැක ගන්නට පුළුවන් වීමයි. තමන්ට පමණක් නොවෙයි, එම වෙබ් පිටුවට එන ඕනෑ කෙනෙකුට එම පොත්සලකුණු පැහැදිළිව පේනවා. නමුත් ඔබට අවැසිනම් ඕනෑම පොත්සලකුණත් ඔබට පමණක් පෙණෙන තත්වයට පත් කරගන්නත් පුළුවන්. එනිසා, මෙය තමන් භාවිතා කරන වෙබ් අඩවි ගැන මිතුරන් දැනුවත් කරන්නත් හොඳ විදියක්.

ඉතා අගනා ලෙස Ajax මගින් බලගැන්වූ පරිශීලක අතුරුමුහුණතක් මෙහි අන්‍තර්ගත නිසා, මෙහි වැඩ කිරීම ඉක්මන්.

පහසුවෙන් අපේ පොත්සලකුණු කළමනාකරණය කරගන්නට පුළුවන් විදියට,

  • පොත්සලකුණු drag-n-drop කරන්න.
  • පොත්සලකුණු වර්ගීකරණය කරන්න.
  • සම්පූර්ණ වර්ගීකරණයක්ම වර්ණ ගන්වන්න.
  • තනි පොත්සලකුණක් වර්ණ ගන්වන්න.

වැනි නොයෙකුත් පහසුකම් මෙහි තිබෙනවා.

,

3 responses to “ඔබේ සබැඳි වලින් වෙබ් පිටුවක්.”

  1. මේ වැඩේ මරු. Google bookmarks වලට වැඩිය ලේසියි. මම දැන් ක්‍රෝම්වල bookmark ලයිස්තුව start.ioවලට එකතුකළා. Folders අඳුර ගනිද්දි පොඩි අවුලක් තියෙනවා. එචිචරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *