ජාලය තනි යායක් !


ඔන්න කවදාවත් නැතුව මගේ බ්ලොග් ලිපියකට කලාත්මක (?) මාතෘකාවක් වැටුනා. බය වෙන්න එපා.. ලිපිය නං කොහෙත්ම කලාත්මක නෑ !!

මං මේ කියන්න හදන්නේ මම අන්තර්ජංජාලේ වැඩිපුරම භාවිතා කරන පහසුකම් ටික එකිනෙකට සම්බන්ධ කරපු හැටි ගැන ඔයාලට කියන්න ඕන නිසා. සමහරවිට ඔයාල මේක මීට කලිං කරල ඇති.. අවුලක් නෑ, නොකරපු එකෙකෙනෙක් හරි ක්‍රමේ දැනගනීවි නේ ?

ඔන්න ඉස්සෙල්ලම අපේ මෙහෙයුමේ ක්‍රියාන්විත ටික ලයිස්තු ගත කරමු.

  1. Facebook status text එක ලෙසින් Twitter sttatus text එක ලබාගැනීම. (Facebook + Twitter)
  2. Facebook Notes ලෙස බ්ලොග් ලිපි ලබාගැනීම. (Facebook + Blog)
  3. Facebook හි Shared Items වලට Google Reader හි Shared Items ලබාගැනීම. (Facebook + Google Reader)
  4. බ්ලොග් එකේ පැති තිරුවට Twitter status text එක ලබා ගැනීම. (Blog + Twitter)

අපි දැං වැඩේට බහිමු..

Facebook status text එක ලෙසින් Twitter status text එක ලබාගැනීම. (Facebook + Twitter)

  1. Twitter නැමැති Facebook යෙදවුම ස්ථාපනය කරගන්න. මෙන්න එහි ලිපිනය : http://facebook.com/apps/application.php?id=2231777543
  2. ඉන්පසු එම යෙදවුම වෙත යන්න. මෙන්න එහි ලිපිනය : http://apps.facebook.com/twitter/
  3. ගොස් එහි ඇති “Allow Twitter to Update Your Facebook Status” බොත්තම ක්ලික් කරන්න. මෙමගින් ඔබේ Twitter status text එක Facebook status text එක ලෙස යෙදවීමට මෙම යෙදවුමට බලය ලැබෙයි. මෙම බලය ඉවත් කිරීමට මෙම යෙදවුම් පිටුවේ සිටියදීම Facebook “Settings” මෙනුනේ “Twitter Settings” තේරුවිට මතුවන සංවාද කොටුවේ “Addisional Permissions” ටැබය වෙත ගොස් එහි “Update my status without notifying me.” යන පෙළට ඉදිරියෙන් ඇති කොටුවේ √ ලකුණ ඉවත් කරන්න. (දැන් “Twitter සිට Facebook වෙත” අදියර සම්පූර්ණයි.)
  4. ඔබට මෙම යෙදවුම් පිටුවේ සිටම – Twitter වෙත යාමෙන් තොරව – ඔබේ Twitter status එකත් update කළ හැකියි. (දැන් “Facebook සිට Twitter වෙත” අදියර සම්පූර්ණයි.)
  5. මේ යෙදවුම Facebook හි පොත්සලකුණු කෙරුමෙන් ඉක්මනින් මෙම පහසුකම භාවිතා කරන්නට මග පාදාගන්න පුළුවන්.

Facebook Notes ලෙස බ්ලොග් ලිපි ලබාගැනීම. (Facebook + Blog)

  1. ඔබේ Facebook profile එකට යන්න.
  2. එහි “Settings” යන්න ක්ලික් කරන්න.
  3. එවිට මතුවන පිටුවේ “Stories Posted by You” ය‍ටතේ ඇති, “Imported Stories:” යටතේ ඇති, “Available Sites:” යටතේ ඇති ලයිස්තුවෙන් “Blog/RSS” තෝරාගන්න.
  4. එවිට මතුවන පිටුවේ “Public URL” වෙත ඔබේ බ්ලොගයේ RSS පෝෂක ලිපිනය ලබා දෙන්න.

Facebook හි Shared Items වලට Google Reader හි Shared Items ලබාගැනීම. (Facebook + Google Reader)

  1. ඔබේ Facebook profile එකට යන්න.
  2. එහි “Settings” යන්න ක්ලික් කරන්න.
  3. එවිට මතුවන පිටුවේ “Stories Posted by You” ය‍ටතේ ඇති, “Imported Stories:” යටතේ ඇති, “Available Sites:” යටතේ ඇති ලයිස්තුවෙන් “Google Reader” තෝරාගන්න.
  4. එවිට මතුවන පිටුවේ “User Name :” වෙත Google Reader User Name එක ලබා දිය යුතුයි. ඒ සඳහා :
    1. http://google.com/reader/ වෙත යන්න.
    2. එහි “Settings” ක්ලික් කරන්න.
    3. එහි “Folders and Tags” ටැබය ක්ලික් කරන්න.
    4. එහි “view public page” නම් සැබැඳියේ ලිපිනය ලබාගන්න.
    5. එය “http://www.google.com/reader/shared/00545620650772774828” ලෙස දිස්වනු ඇති අතර, එහි “00545620650772774828” වැනි අංකය පිටපත් කරගන්න.
  5. එම අංකය “User Name :” වෙත ලබා දෙන්න.

බ්ලොග් එකේ පැති තිරුවට Twitter status text එක ලබා ගැනීම. (Blog + Twitter)

  1. WordPress සඳහා නොයෙකුත් Twitter ප්ලගින ඇති අතර, කැමති ප්ලගිනයක් ගෙන එහි විජට්ටුවක් පැති තීරුවට එක් කරන්න.
  2. ඔබේ Twitter Profile එකේ ලිපිනය (http://twitter.com/ඔබේ-Twitter-නාමය) ලබා දෙන්නට සිදුවේවි.

ඔන්න ඔහොම තමා මම වැඩිපුරම භාවිතා කරන අන්තර්ජංජාල පහසුකම් එකට එකක් සම්බන්ධ වෙලා “ජාලය තනි යායක්” වුනේ !


Leave a Reply

Your email address will not be published. Required fields are marked *