මේ දවස් වල ලෝක කුසලාන ක්රිකට් උණ නැගලා යනවා. සමහරු දිනනවා, සමහරු පැරදීගෙන ඇවිත් දිනනවා, සමහරු දිනාගෙන ඇවිත් පැරදෙනවා, සමහරු මුල ඉඳංම පරදිනවා. වර්ල්ඩ් කප් එකක් තියනකොට අපි ඉතිං බලන්නේ ලංකාව ගහන මැච් විතරක් නෙවේ නෙ, අනිත් ඒවත් හැම එකක්ම වගේ බලනවා.
මැච් එකක් බලද්දී නිකං අම්පයර්ස්ල වගේ එහෙටත් නැතුව මෙහෙටත් නැතුව බලනකොට කිසි කික් එකක් නෑ. ඒ නිසා එදා වේල මැච් එක ෂේප් කරගන්න කාට හරි චියර් කරනවා. දැං මේ ලියන්න හදන්නෙ මම කොහොමද එහෙම චියර් කරන කණ්ඩායම තෝරගන්නේ කියන එක.
මෙන්න මේකයි සරල ක්රමේ:
- ශ්රී ලංකාව.
- ශ්රී ලංකාවට මග පාදන්නන්.
- දුර්වල (?) කණ්ඩායම්.
- අවස්ථාව අනුව.
1න් කියවෙන දේ පැහැදිළියි නෙ. ශ්රී ලංකාව ගහන මැච් එකක ලංකාවට චියර් කරන්නෙ නැතුව වෙන මොනා කරන්නද? 😀
2න්, ඒ කියන්නේ “ශ්රී ලංකාවට මග පාදන්නන්” කියන්නේ යම් තරගයකින් යම් කණ්ඩායමක් දිනුවොත් ශ්රී ලංකාවට තමංගේ ඉලක්කයන් කරා යන්න වැඩි අවස්ථාවක් ලැබේද, අන්න ඒ කණ්ඩායමට මම චියර් කරනවා. ඒකෙත් අවස්ථා 2ක් තියනවා.
2.1 තමයි, යම් දක්ෂ යැයි සම්මත කණ්ඩායමක් සමග සාපේක්ෂව දුර්වල කණ්ඩායමක් තරග වදින විට, මම ඒ දුර්වල කණ්ඩායමට චියර් කරනවා. හේතුව තමයි එමගින් එකී දක්ෂ කණ්ඩායමේ දළ ලකුණු වේගය අඩු වීම සහ දුර්වල කණ්ඩායම ජයගතහොත් දක්ෂ කණ්ඩායමේ අවසන් ලකුණු ප්රමාණය අඩු වීම. එමගින් ඉදිරියේදී එකී දක්ෂ කණ්ඩායම ශ්රී ලංකාව සමග තරග වදින විට ශ්රී ලංකාවට හිතකර තත්වයක් ඇති වී තිබීම.
2.2 තමයි, ඒ වන විට පවතින අවස්ථාව අනුව චියර් කරන කණ්ඩායම තෝරා ගන්නේ. ඒ කියන්නේ දක්ෂයන් දෙදෙනෙකු හෝ දුර්වලයන් දෙදෙනෙකු තරග වදින විට, ඒ අවස්ථාවේ අවසන් ලකුණු ප්රමාණය හා දළ ලකුණු වේගය අඩු කණ්ඩායමට මම චියර් කරනවා. එමගින් දක්ෂයා තවදුරටත් ඉහළ ඒම වලකිනවා.
ඉහත ක්රමය අනුව කණ්ඩායම් තරග අවදියේ ඒ ඒ තරගත්, මම චියර් කරන කණ්ඩායමුත් සම්බන්ධ වගු පහත දැක්වෙනවා.
යතුර:
චියර් කළ කණ්ඩායම ජයග්රහණය කළ අවස්ථා. |
චියර් කළ කණ්ඩායම පරාජය වුනු අවස්ථා. |
කිසිදු කණ්ඩායමකට චියර් නොකළ අවස්ථා. |
ප්රතිඵලයක් රහිත හෝ ජය-පරාජයෙන් තොර තරග. |
කණ්ඩායම් වටයේ තරග:
A කණ්ඩායම.
තරගය | දිනය | කණ්ඩායම් | චියර් කරන්නේ | ප්රතිඵලය | |
1 | 2 | පෙබ 20 | KEN v NZ | KEN | NZ ට කඩුළු 10ක ජයක් |
2 | 3 | පෙබ 20 | CAN v SL | SL | SL ට ලකුණු 210ක ජයක් |
3 | 4 | පෙබ 21 | AUS v ZIM | ZIM | AUS ට ලකුණු 91ක ජයක් |
4 | 6 | පෙබ 23 | KEN v PAK | KEN | PAK ට ලකුණු 205ක ජයක් |
5 | 8 | පෙබ 25 | AUS v NZ | NZ | AUS ට කඩුළු 7ක ජයක් |
6 | 10 | පෙබ 26 | PAK v SL | SL | PAK ට ලකුණු 11ක ජයක් |
7 | 12 | පෙබ 28 | CAN v ZIM | CAN | ZIM ට ලකුණු 175ක ජයක් |
8 | 14 | මාර් 1 | KEN v SL | SL | SL ට කඩුළු 9ක ජයක් |
9 | 17 | මාර් 3 | CAN v PAK | CAN | PAK ට ලකුණු 46ක ජයක් |
10 | 18 | මාර් 4 | NZ v ZIM | ZIM | NZ ට කඩුළු 10ක ජයක් |
11 | 20 | මාර් 5 | AUS v SL | SL | ප්රතිඵල රහිතයි |
12 | 23 | මාර් 7 | CAN v KEN | CAN | CAN ට කඩුළු 5ක ජයක් |
13 | 24 | මාර් 8 | NZ v PAK | NZ | NZ ට ලකුණු 110ක ජයක් |
14 | 26 | මාර් 10 | SL v ZIM | SL | SL ට ලකුණු 139ක ජයක් |
15 | 30 | මාර් 13 | CAN v NZ | CAN | NZ ට ලකුණු 97ක ජයක් |
16 | 31 | මාර් 13 | AUS v KEN | KEN | AUS ට ලකුණු 60ක ජයක් |
17 | 33 | මාර් 14 | PAK v ZIM | ZIM | PAK ට කඩුළු 7ක ජයක් |
18 | 35 | මාර් 16 | AUS v CAN | CAN | AUS ට කඩුළු 7ක ජයක් |
19 | 38 | මාර් 18 | NZ v SL | SL | SL ට ලකුණු 112ක ජයක් |
20 | 40 | මාර් 19 | AUS v PAK | -/PAK | PAK ට කඩුළු 4ක ජයක් |
21 | 41 | මාර් 20 | KEN v ZIM | – | ZIM ට ලකුණු 161 ක ජයක් |
B කණ්ඩායම.
තරගය | දිනය | කණ්ඩායම් | චියර් කරන්නේ | ප්රතිඵලය | |
1 | 1 | පෙබ 19 | BAN v IND | BAN | IND ට ලකුණු 87ක ජයක් |
2 | 5 | පෙබ 22 | ENG v NED | NED | ENG ට කඩුළු 6ක ජයක් |
3 | 7 | පෙබ 24 | SA v WI | WI | SA ට කඩුළු 7ක ජයක් |
4 | 9 | පෙබ 25 | BAN v IRE | IRE | BAN ට ලකුණු 27ක ජයක් |
5 | 11 | පෙබ 27 | ENG v IND | ENG | ජය-පරාජයෙන් තොරය |
6 | 13 | පෙබ 28 | NED v WI | NED | WI ට ලකුණු 215ක ජයක් |
7 | 15 | මාර් 2 | ENG v IRE | IRE | IRE ට කඩුළු 3ක ජයක් |
8 | 16 | මාර් 3 | NED v SA | NED | SA ට ලකුණු 231ක ජයක් |
9 | 19 | මාර් 4 | BAN v WI | BAN | WI ට කඩුළු 9ක ජයක් |
10 | 21 | මාර් 6 | ENG v SA | -/ENG | ENG ට ලකුණු 6ක ජයක් |
11 | 22 | මාර් 6 | IND v IRE | IRE | IND ට කඩුළු 5ක ජයක් |
12 | 25 | මාර් 9 | IND v NED | NED | IND ට කඩුළු 5ක ජයක් |
13 | 27 | මාර් 11 | IRE v WI | IRE | WI ට ලකුණු 44ක ජයක් |
14 | 28 | මාර් 11 | BAN v ENG | BAN | BAN ට කඩුළු 2ක ජයක් |
15 | 29 | මාර් 12 | IND v SA | -/SA | SA ට කඩුළු 3ක ජයක් |
16 | 32 | මාර් 14 | BAN v NED | NED | BAN ට කඩුළු 6ක ජයක් |
17 | 34 | මාර් 15 | IRE v SA | IRE | SA ට ලකුණු 131ක ජයක් |
18 | 36 | මාර් 17 | ENG v WI | -/WI | ENG ට ලකුණු 18ක ජයක් |
19 | 37 | මාර් 18 | IRE v NED | -/IRE | IRE ට කඩුළු 6ක ජයක් |
20 | 39 | මාර් 19 | BAN v SA | BAN | SA ට ලකුණු 206ක ජයක් |
21 | 42 | මාර් 20 | IND v WI | WI | IND ට ලකුණු 80ක ජයක් |
පිළිමලුන් පිටු දැකීමේ වටයේ තරග:
තරගය | දිනය | කණ්ඩායම් | චියර් කරන්නේ | ප්රතිඵලය |
අර්ධ අවසන් පූර්ව තරගය 1 |
මාර් 23 | PAK v WI | WI | PAK ට කඩුළු 10ක ජයක් |
අර්ධ අවසන් පූර්ව තරගය 2 |
මාර් 24 | AUS v IND | – | IND ට කඩුළු 5ක ජයක් |
අර්ධ අවසන් |
මාර් 25 | NZ v SA | NZ | NZ ට ලකුණු 49ක ජයක් |
අර්ධ අවසන් පූර්ව තරගය 4 |
මාර් 26 | ENG v SL | SL | SL ට කඩුළු 10ක ජයක් |
අර්ධ අවසන් තරගය 1 |
මාර් 29 | NZ v SL | SL | SL ට කඩුළු 5ක ජයක් |
අර්ධ අවසන් තරගය 2 |
මාර් 30 | IND v PAK | PAK | IND ට ලකුණු 29ක ජයක් |
අවසන් තරගය |
අප්රේ 2 | IND v SL | SL | IND ට කඩුළු 6ක ජයක් |
සටහන: “-” ලෙස දැක්වෙන්නේ ඒ ඒ අවස්ථාවේ පවතින තත්වය අනුව චියර් කිරීම තීරණයකළ යුතු කණ්ඩායම්ය.
ඉතින්, ඔබ කොහොමද මේපාර වර්ල්ඩ් කප් එකට චියර් කරන්නේ?
17 responses to “මගේ වර්ල්ඩ්කප් චියර් කිරීම”
LOL 😀
මූ වගු ගහගෙනම ලෑස්ති වෙලා ඉන්නේ… පුදුම කිරිකැට් ඇම්මක්නේ..!
මම නං ෂේප් එකේ මගෙ වැඩ ටික කරගෙන මැච් එක ඉවර වුණාට පස්සේ හයිලයිට්ස් බලනවා. 🙂
එහෙම තමා නියම දේශප්රේමෙ තියනකොට! 😀
චිකේ… හයිලයිට්ස් බලල මක් කොරන්නදැ? :O
කෝ බං 95%ක්ම වගේ උඹ චියර් කරපු ටීම් පැරදිලනේ! ඒ නිසා උඹ අනිත් පැත්තට චියර් කරපං. එතකොට උඹට ඕනෙ දේ කෙරේවි 😛
මෙහෙමනේ, මගේ චියර් කෙරුම් සූත්තරේ 2.1 වගන්තිය අනුව අනිත් උංට දිනන්න 200%ක චාන්ස් තියනව කියල පෙනි පෙනී මම දුර්වල කණ්ඩායමට නෙ සපෝට් කරන්නෙ. 😀
උඹ චියර් කරා කියල දිනන්නේ නැති එකනේ මෙතන තියෙන එකම අවුල 😛 අනිත් ඔක්කොම හරි.
කීවම මොකෝ, ඒක තමයි පොඩී කේස් එකකට තියෙන්නේ! 😀
මේ විදියට චියර් කරලා, දුර්වල කණ්ඩායම් ඉස්සරහාට එනවා නම් එල…
ඒත් අන්තිමට ඒ දුර්වල කණ්ඩායමක් අතින් ලංකාව පරදුනොත් එහෙම…
අනේ අපොයි… 🙁
එහෙම උනොත් ඉතිං සොරි තමයි. 😀 අපේ කස්ටිය දැනගන්න ඕන එහෙම වෙන්න නොදී තරග දිනන්න. B)
මට නම් ක්රිකට් තරගයක් තියනවා කියලා මතක් වෙන්නෙත් කස්ටියගේ මුණු පොතේ ස්ටේටස් දැක්කම…. ඒකට මෙන්න මෙයා
හෙහ් හෙහ්.. අපි එහෙම තමා. කැපවීම ඕං! B)
මචං අන්තිම ෆයිනල් එකේදි ලංකාව එක්ක ගහන අනිත් ටීම් එකට චියර් කලොත් හරි නෙවද?
පල පල! 😛
මෙහෙමත් ක්රිකට් උණක්. ඇයි බං මෙහෙම චාට් ගහල, සමීකරණ දාල මැච් බලන්නෙ පිස්සො නෙමෙයිද බං ඈ? ඒක නෙමෙයි සීන් එක, චියර් කරන ටීම් සෙරම වගේ පරාදයි නේද? අද හැන්දෑවෙ කාටද චියර් කරන්නෙ……
එදා ටීම් දෙකටම චියර් කොලා, ඒක නිසා මැච් එක හේදිලා ගියා. ලොල්! 😀
oya nam niyamai. maath oyage paththe thamai.:D
බොක්ක හොඳේ! 😀
[…] […]