රාහුල විද්යාලයීය විද්යා දිනය – 2008 | AWAKE 2008


අද අපේ විද්යා දිනේ තිබුනා. මම AL නොවුනත්, ඒකට සමිබන්ධ උනේ ඉස්කෝලේ වෙබ් අඩවි කණ්ඩායමෙන් (Team|RCM Web -The web team of Rahula College) ඒක ආවරණය කළේ කළේ මමයි දුල්ව්නුයි නිසා.

මෙන්න මේ ඉස්කෝල වලින් කට්ටිය ඇවිල්ලා හිටියා.

මාර සංවිධානාත්මක බවක් තිබුණා මුළු වැඩසටහනේම. වැඩැසටහනේ සියළුම අංග අතර එකින් එකට සම්බන්ධ කමක් ඇති වෙන විදියට තමයි හදලා තිබුණේ. විදේශික professor කෙනෙක්ගෙ හා ලංකාවෙ මහාචාර්ය වරයෙකුගේ චරිත දෙකක් තමයි ඉදිරිපත් කිරීම් මෙහෙයවන්නේ. ඒ දෙනො එක් එක් අඩස්ථාවල කතා බහ කරන කාරණා වලින් වැඩසටහන එක් අංගයකින් තවත් එකකට මාරු කෙරුණා. මුළු විද්ය ාදිනයම නාට්යානුසාරයෙන් ඉදිරිපත් කෙරුණා.

* * * * * * * * * * * * * * * * * * * * * * * *

පිළිගැනීමේ කතාවෙන් අනතුරුව විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතා ප්රධාන විද්යාලයීය අචාර්යවරු කිහිප දෙනෙක් හා, ආරාධිත පාසල් වල ආචාර්ය වරු විසින් පොල්කතල් පහන දැල්වීමෙන් අනතුරුව නැටුම් අංශයෙන් ලස්සන රංගනයක් ඉදිරිපත් කර තිබුණා. ප්රධාන ශාලාව අදුරු කරලා, වේදිකා ආලෝක මැද එළම එළ කිරි විදියට ඉදිරිපත් කරපු රංගනයෙන් සියළු දෙනා මුල සිටම වැඩසටහන කරා ඇද බැද තබාගන්න හැකියාව ලැබුනා.

ඊ ළගට තමයි අපේ professor ගේ හා මාහාචාර්ය ගේ චරිත කරළියට ආවේ. විදේශිකයෙක් කිවුවට එයා අමුතුම ආකාරයක ඩයල් එකක්. මෑන්ට සිංහළෙන් කියන ඒවා තේරෙනවා, සිංහළ කතා කරන්නයි බැරි. :-D. මේ දෙන්නා එකතුවෙලා බලා ඉන්නවා රාහුලේ විද්යා දිනේට අනිවාර්යයෙන්ම එනවා කියපු මේ දෙන්නගේ මිත්රයෙක් වෙච්ච මහාචාර්ය “බක්මිනිස්ටර් ෆුලරින්” කොයි වෙලාවෙ හරි මෙතනට එනකමි.

මේ දෙන්නා හිටියේ පාරක. පිටිපස්සේ තාප්පයක් තිබුනා. ඒකෙ ලියලම මාතර ස්පේ කෑන් හිගයක් ඇතිවෙන්නත් ඇති. පැත්තකින් ටයර් ගොඩක් ගොඩ ගහලා තිබුනා. දිග පුටුවකුත් තිබුනා, පාරේ තිබුන ලයිට් කනුවක් යට. පරිසරේ දැක්කම නම් හිතට නිකං මොකක්ද මොකක්ද වගේ.

බලං ඉදලා බලං ඉදලා බැරිම තැන මේ දෙන්නා තනියෙන් වැඩේ ඉදිරියට කරගෙන යන්න තීරණය කළා. ඉතින් මේ දෙන්නා ඉස්සෙල්ලාම වේදිකාවට ගෙනාවේ රුහුණු විශ්වවිද්යාලයේ ….. වරයෙක් වුනු ….. මහතා. ඔහු විසින් නව නිපැයුම් හා නව ගවේෂණ කිරීම පිළිබද දේශනයක් පවත්වනු ලැබුවා. මේ මහතා “ස්වයංක්රීය ආප්ප නිෂ්පාදන යන්ත්රය” පිළිබදව පේටන්ට් හිමිකරු.

ඒ අංගයෙන් පස්සේ අපේ මිත්රයො දෙන්නට පොඩ්ඩක් විතර නිදිමතක් ආව නිසා, මේ දෙන්නා තීරණය කළා සිංදුවක් අහන්න. එකපාරටම ශාලාවේ ලයිට් ඕෆ් උනා, එතකොට තමයි ප්රේක්රෂකයන්ගෙ අතරෙ ඉදලා ලංකාවෙ නෙවෙයි වගේ පෙනුම කියෙන පොරවල් තුන්දෙනෙක් වේදිකාව පැත්තට යන්න පටන් ගත්තේ. එක්කෙනෙක් නම් හිටියේ තනිකර කවු (ද) බෝයි ස්ටයිල් එකෙන්. මේ ගොල්ලො තුන්දෙනා වෙදිකාවට යනකොට හෙමිහිට ආපහු සැරයක් වෙදිකාවේ තිරය ඇරුණා. මෙන්න වැඩක්, අර පාරේ කට්ටියක් කී බෝඩි එකකුයි ගිටාර් කීපයකුයි තියා ගෙන ඉන්නවා. මොකාද මේ පාරක ඉදන් සින්දු කියන්න හදන්නේ ? අර මම කලින් කිවුවේ, ප්රේක්ෂකයො අතර ඉදලා ටිකක් අමුතු වර්ගයේ පෙනුම තියන පොරවල් ටිකක් ආවා කියලා, අර පාර මැද්දෙ හිටිය තුන් හතර දෙනාටත් ඒ ලයින් එකමයි තිබ්බේ. ඔන්න ඒ තුන්දෙනා වේදිකාවට ගොඩ වුනා, වේදිකා ආලෝක ආයෙමත් පටන්ගත්තා. කොහොමහරි පාරෙ හිටිය කට්ටිය, අර තුන්දෙනාටත් ගිටාර් වගයක් දුන්නා. ඉතින් ඊට පස්සේ කට්ටියම එකතු වෙලා “Right here waiting for you” සින්දුව  කියන්න පටන් ගත්තා. ඉතින් ඒ වෙලාවේ ශාලාව තනිකර මියුසිකල් නයිට් එකක් වගේ. වේදිකාවෙ අයට විතරක් ද සිංදු කියන්න පුළුවන් ? හැම ඉස්කෝලෙකින්ම ආපු හැම කෙනෙක්ම තාලෙට සිංදුව කියන්න පටන් ගත්තා. මම අර ඉස්කෝලෙ… මම මේ ඉස්කෝලෙ…. කියලා කිසිම වෙනසක් තිබුනෙ නෑ. “මේකනං මාර ලයින් මචං !” කියලා කට්ටියම එකට සිංදුව කිවුවා. ආ… එතකොට ටීචර්ස්ලා ටික… මෙන්න මේ කට්ටියත් කොල්ලො එක්ක සිංදු කියනවා !

හෙමිහිට සිංදුව ඉවර උනා. මෙන්න අපේ මිත්රයො දෙන්නා ආපහු වෙදිකාව උඩ. දෙන්නා වාදයක්. ලංකාවෙ එක්කෙනා කියනවා “නූතන අධ්යාපන ක්රමයට ටියුෂන් කළාව අනවශ්ය යි” කියලා, එතකොට අනිත් එක්කෙනා කියනවා නැහැ ඒක එහෙම නෙවෙයි කියලා. කොහොම හරි මේ ප්රශ්නෙ මේ දෙන්නට විසද ගන්න බැරි වුනු නිසා, මේ දෙන්නා කතා කරනවා රාහුලේ කොල්ලො හතර දෙනෙකුටයි, සුජාතෙ කෙල්ලො හකර දෙනෙකුටයි මේ ගැන වාදයක් කරන්න. මේ එහා පැත්තෙ තියන ඉස්කෝලෙ නේ ! හැබැයි මේ දෙන්නා විනිශ්චය මණ්ඩලේට එක කොන්දේසියක් දැම්මා. “ජයග්රහණය කල හා පරාජය වූ කණ්ඩායම් තේරීම තහනම්. කරන්න ඕන දක්ෂතම විවාද කරු තෝරන එක විතරයි !” කියලා.

ඊට පස්සෙ තමයි නියම සෙල්ලම. කට්ටිය ගිනි විසිවෙන්න විවාද කරනවා. හැබැයි හරිම සාමකාමී විදියට. ඒක බලං ඉදපු හැම දෙනාටම කටේ කෙළ හිදීගෙන යන්න පටන් ගත්ත නිසා, උදේ කෑම එක හෙමිහිට හැමෝගෙම අතට හම්බවුනා. ඉතින් හැමෝම හෙමිහිට කඋම පැකට් එක හිස් කරන්න පටන් ගත්තා.

කොහොමින් කොහොම හරි විවාදය අවසාන උනා. මතකයි නේ ? දෙගොල්ලොම දිනුම් කියලා ? ඉතින් ඊට පස්සේ වේදිකාවට ආවේ විනිශ්චය මණ්ඩලය. මේ විවාදෙදි ලොකුම ගැටළුවට මුහුණ දුන්නෙ රාහුලේ වත් සුජාතෙ වත් නෙවෙයි. විනිශ්චය මණ්ඩලය. අන්තිමට ඒ ගොල්ලො දක්ෂතම විවාද කරුවන් හැටියට දෙපිළෙන්ම දෙන්නෙක් තෝරගෙන තිබුනා.

මේ දැන් අපේ ලංකාවෙ මහාචාර්ය තුමාට ෆෝන් කෝල් එකක් ආවා. මාර සීන් එක නෙ වෙලා තියෙන්නේ ! අර ගොල්ලොන්ගේ යාළුවා, බක්මිනිස්ටර් ෆුලරින් මහත්තයා ආපු ෆ්ලයිට් එක කඩාගෙන වැටිලා කැලයක් මැද්දට.

බක්මිනිස්ටර් ෆුලරින් මහත්තයා ඊට පස්සේ වැද්දෝ කණ්ඩායමකට අහු වෙනවා. වැද්දො කියල කිවුවට මේ ගොල්ලො නිකංම නිකං වැද්දො නෙවේ, මොඩර්න් වැද්දො වගයක්. ඒ වැද්දෝ නටන්නේ වැදි ගීත වලට නෙවෙයි… අළුත් හිට් සංදු වලට. මහ හූරා… ඒ කියන්නේ චීෆ් වැද්දා, එයා මෝටර් බයික් එකෙන් ගමන් යන, සන් ග්ලාසස් පාවිච්චි කරන වැද්දෙක්. අපේ බක්මිනිස්ටර්ට කියන්න ඕන වුනා එයා ගෙ ෆ්ලයිට් එක අනතුරට භාජනේ වුනු නිසා එයා කැලේට වැටුන කියල, ඉතින් එයා වැද්දන්ට කියනව මෙහෙම “මේ හූර ගේ කුරුළු පොජ්ජ බිමට මංගැච්චුව නේ” කියල. එතකොට චීෆ් වැද්ද අහනවා “කුරුළු පොජ්ජ ? ඒ මොකක්ද අඩා ඒ ? ආ… ඔහේ කියන්නෙ මේ එරොප්-ප්ලේන් එකෙයි ?” කියලා. එයා සිංglish වැද්දෙක්. එතන රස ගොඩායි ! තනිකර සිංදු මික්ස් කරලා හදපු නාට්යයක්. ඒක මෙහෙම කියන්න බැහැ. ඒක නාට්යයක් නේ… ඒක බලන්න මෙන්න මේ YouTube පිටුවට යන්න http://www.youtube.com/?video=*********************

මේ නාට්යය දිහා බලං හිටපු අපේ කට්ටිය උඩ පැන පැන, බඩ අල්ලගෙන, දිව හපාගෙන, කදුළු හළාගෙන හිනා වෙනවා.

ඊට පස්සේ වේදිකාව නැවත විවෘත වුනේ 6th Lane ල ගේ “අම්මා” සිංදුව කියන්න. කවුරුත් තාලයට සිංදුව කිවුව විදිය හරිම ලස්සනයි.

විවාදයට සහභාගී වුනු අයට ත්යාග බෙදා දීමෙන් පස්සෙ කට්ටිය ගෙවල් වලට ගියේ රාහුලේ වැඩක් කළොත් ඒක ආයි නියමෙටම කරන බව තවත් වාරයක් පසක් කරගනිමින්.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *