රණවිරු විජයග්‍රහණයේ වසර ලෙස හැඳින්වෙන 2009 වසරේ තවත් විජයග්‍රහණයක් අද (09) දින ශ්රී ලංකා රණවිරුවෝ ළඟා කර ගත්හ. ඒ වසර 9 ක් තිස්සේ මිනීමරු-බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන් විසින් අත්පත් කොට ගෙන තිබූ අලිමංකඩ ප්‍රදේශය යළි ස්‍වකීය ග්‍රහනයට අයත් කරගැනීමයි. මේ සමගම මහනුවර – යාපනය A9 මාර්ගය වසර 23 කට පසු සම්පූර්ණ වශයෙන් රජය අතට පත්වී ඇත.
2009 වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම රණවිරු ජයග්‍රහනයේ වසරකි. නමුත් වර්තමානය ඒ අයුරින් නිර්මාණය කිරීම සඳහා අතීතයේ ස්‍වකීය දිවි පිදූ රණවිරුවන් හද පිරි භක්‍තියෙන් සිහිපත් කරන අතර තුර, ශ්‍රී ලංකාව මෙවන් ත්‍රස්තවාදී අර්බුදයකට ඇද දැමීමට පිඹුරුපත් සකස් කළ පැරණි සහ නව අධිරාජ්‍යවාදී කුමන්‍ත්‍රණ කරුවන්, ඔවුන්ගේ ශ්‍රී ලංකාව තුල සිටි සහ සිටින දේශපාලුවන්, මාධ්‍ය වේදීන් සහ මාධ්‍ය ආයතන ද ඒ ඒ නිසි අයුරින් සිහිපත් කිරීම අපගේ යුතුකමයි. නමුත්, මා දෙවනි වශයෙන් සඳහන් කළ දේශද්‍රෝහීන් සිහිපත් කරන විට පය ගසා සිටින පොළවේ නාමයෙන් ඔවුන්ට බියකරු අවසානයක වද වේදනා වලින් මෙපිට දෙයක් ප්‍රාර්ථනා නොකිරීමටද අප වග බලාගත යුතු ය.
මන්‍ද, මෛත්‍රියෙන් සන්සිඳෙන්නේ දෙපාර්ශවයකම දායකත්වයෙන් හට ගත් මත ගැටුම් මිස, එක් පාර්ශවයක් අන් පාර්ශවය බෙලහීන කොට, යටත් කොට, තලා පොඩි කරන්නට ගෙන යන කුමන්‍ත්‍රණ සහ ඒ කුමන්‍ත්‍රණ වල රූකඩ වල ක්‍රියාකාරකම් නොවන බැවිනි.
එකී වගකීම ඔබ යුධ බිමට නොයතත්, ඔබගේ සිතිවිලි තුල තැන්පත් කොට ගෙන තැබිය යුතු ය. ඔවුන් අප කෙරෙහි කරන කුමන්‍ත්‍රණ – හොඳින් හෝ නරකින් – කෙළවර වූ දාක, අප විසින් පුරුදු කොට ඇති මෛත්‍රිය ඔවුන් වෙත පතුරුවමු. නමුත්, ඉන් මෙහා එය නොකළ හැක්කේ එසේ නොකළ හොත් මෛත්‍රිය කරන්නට අප මිහිපිට ඉතිරි නොවන බැවිනි.
කුමන්‍ත්‍රණකාරීන්ට මෙරට ගැටළු ඇතිකිරීමට ඉඩ සැලසෙන අන්දමේ වැරිදි මින් මතුවට නො කිරීමට වග බලා ගැනුමත්, ඉඩ සලසන්නවුන් පය ගසා සිටින පොළවේ නාමයෙන් සනීපයෙන් නොතැබීමටත් වග බලා ගැනුම, තිරසාර සහජීවනයක් සහිත දේශයක මූලිකාංග විය යුත්තේය. විටය රණවිරුවාගෙන් හෙළුනු රුධිරය බිඳු වල වන්‍දිය අපට ගෙවිය හැකි වන්නේ.
පරමාදර්ශී – ම නොවුන ද සාධාරණ – පාලන තන්‍ත්‍රයක්, දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක්, වංචාවෙන් තොරව හෘදසාක්‍ෂ්‍යය ට අනුව ක්‍රියා කරනා සමාජයක් ඇති වූ දා ට, අපගේ දේශය අප බලාපොරොත්තු වන මට්ටමට ගෙන ආ හැකි වනු ඇත.
එවිට කිසි විටකත් ජනයා අතර ගැටුම් ඇති නොවනු ඇත. මන්‍ද ගැටුමකට තුඩු දෙන හේතුවක් ඉහත ලක්‍ෂණ ඇති දේශයක සොයා ගත හැකි නොවන බැවිනි.