මෙම ලිපිය ලියන්නේ ශ්රී ලාංකේය රාජ්ය විෂය නිර්දේශය අධ්යයනය කරන ශිෂ්යයෙක් විදියට මාගේ අත්දැකීම් සහ, මෙම අධ්යාපන ක්රමය පිළිබදව මගේ අදහස පදනම් ව.
ශිෂ්යයෙක් විදියට ලංකාවෙ අධ්යාපන ක්රමය පිළිබදව මා හට ඇත්තේ ඍණාත්මක ආකල්පයක්. මන්ද ශ්ර ලාංකේය අධ්යාපන රටාව තුල කිසිදු ශිෂ්යයෙකු හට තමාගේම අනන්යතාවයක් ගොඩනගාගෙන, තමන් සතුව සහජයෙන් ඇති හැකියාවන් සහ දක්ෂතාවන් ප්රයෝජනයට ගැනීමට ඉඩ ප්රස්ථාවක් ලැබෙන්නේ නැහැ. හ්රී ලංකාව තුල ඇති පාසල් සියල්ලම හුදෙක් වෛද්යවරුන් සහ ඉංජිනේරුවරුන් වැනි සම්ප්රදායික වෘත්තිකයින් නිෂ්පාදනය කිරීම සදහා ස්ථාපිත කළ කම්හල් පමණයි. මෙයට ශ්රී ලංකාවේ සමාජය තුල මුල්බැසගෙන ඇති පටු අදහස්ද හේතු සාධක වෙලා තියනවා.
අනෙක් කාරණය, ශ්රී ලංකාවේ අධ්යාපනය සම්පූර්ණයෙන්ම කාලය නාස්ති කිරීමක් ලෙසයි මම දකින්නේ. මොකද, යම් ශිෂ්යයෙකු හට අනාගතයේ තමා යායුතු මාර්ගය හා තමා සතු දක්ෂතා පිළිබද දැනුමක් ඇතිනම්, ඔහු තවදුරටත් ඒ විෂය පථයට අදාළ නොවන විෂයයන් හැදෑරීම මම දකින්නේ කාලය නාස්ති කිරීමක් ලෙසටයි. උදාහරණයක් ලෙසට, මට අවශ්ය නම් Java ක්රමලේඛන ඉංජිනේරුවරයෙකු වීමට, මම තවදුරටත් ඉතිහාසය, ගණිතය, විද්යාව, සාහිත්යය වැනි අනව්ශ්ය විෂයයන් හැදෑරීමේ ඇති තේරුම කුමක්ද ? එම විෂයයන් සදහා යොදාගන්නා කාළ පරිච්ඡේද තුලදී මම පරිගණක අධ්යාපනය ලබා ගත්තා නම්, අනාගතයේදී මා හට ශ්රී ලංකාවට ඵල දායී සේවයක් කළ හැකි අවස්ථාවක් උදාවනවා නොවේද ? අනෙක් අතට යම් අයෙකුට ඉතිහාසඥයෙකු වීමට අව්යශනම්, ඔහු වැඩි අවධානයක් යොමු කළ යුතු වන්නේ ඉතිහාසය විෂයට මිස, පරිගණක විෂයයන්ට නොවෙයි. නමුත් දැන් පවතින සමාජයේ හැටියට සියළුම වෘත්තිකයන්ට පරිගණක අධ්යාපනයක් ලබා ගැනීමෙන් පාඩුවක් නොවන බවයි මට හැගෙන්නේ, මන්ද පරිගණකය යනු එක් විෂයකට පමණක් සීමා නොවු බහු කාර්ය යන්ත්රයක් වන නිසා. අනෙක් අතට, ඉතිහාසඥයෙකුට අන්තර්ජාලය හරහා සිය පර්යේෂණ පත්රිකා ලොවට ඉදිරිපත් කිරීමද කරන්න පුළුවන්. කෙසේවෙතත් ඔහු සිය දැඩි අවධානය යොමු කළ යුතු වන්නේ ඉතිහාසය විෂයට මිස පරිගණක විෂයයන්ට නොවෙයි. අනෙකුත් විෂයයන් සම්බන්ධයෙන්ද මේ කරුණු මෙසේමයි.
මෙයින් අවාසි සැලසෙන්නේ අධ්යාපනය ලබන සිසුන්ට පමණක් නොවෙයි.අධ්යාපනය සදහා වැය කරන රජයේ මුදල් ද මේ නිසා අපතේ යනවා නොවේද ? ඉතිහාසය විෂය ඉගනීමට අවශ්යතාවයක් නොමැති ශිෂ්යයෙකුට ලබාදීමට ඉතිහාසය පෙළ පොතක් මුද්රණය කරන්නේ නම්, එම පොත මුද්රණය සදහා කළ වියදම මුදල් අපතේ හැරීමක් නොවේද ?
මෙහිදී මතුව ඇති ප්රධානම ගැටළුව වන්නේ “අධ්යාපනය” යනු කුමක්ද යන්න පිළිබදව අප තුළ නිවැරදි අදහසක් නොවීමයි. ඇතමුන්ට අනුව “අධ්යාපනය යනු සමාජයට වැඩදායී ගුණගරුක පුරවැසියෙකු දායාද කිරීම” යි. මෙම පැහැදිලි කිරීම අප සැමගේ සිත් තුලට යම් පහන් හැගීමක් ඇති කරන බව සත්යයකි. එනමුත්, පාසල් අධ්යාපනය තුළින් ලබාදිය යුතු වන්නේ “සමාජයට වැඩ දායක” පුරවැසියෙකු මිස, “ගුණ ගරුක පුරවැසියෙකු” නොවේ.
මන්ද පාසල් අධ්යාපනය තුළින් කළයුතු වන්නේ ජාතියේ ශ්රම බලකායට ප්රයෝජනවත් ශ්රමිකයින් බිහි කිරීම පමණි. ශ්රමිකයන් යන්නෙන් මෙහිදී අදහස් වන්නේ කම්කරුවන් පමණක් නොවේ විද්යාඥයන්, වෛද්යවරුන් ආදී නානාප්රකාර විෂයයන් සදහා හැකියාවන් දක්වන සහ එම හැකියාවන් මගින් රටට හා එහි ජනතාට (තමාද ඇතලුව) සේවයක් කිරීමට පුළුවන් කම ඇති පුද්ගලයන්ය
අද දින මතුව ඇති ගැටළුව වන්නේ පාසල තුලින් “ගුණ ගරුක” පුරවැසියන් බිහිකිරීමට යාමයි. ප්රමාණවත් කාලයක් හා ඉඩක් ඇතිනම් පාසලින් නොව ඕනෑම තැනකින් ගුණගරුක පුරවැසියන් බිහි කිරීමේ වරදක් නොමැත. එය අගය කළ යුතුය, නමුත් අවාසනාවකට සීමිත කාලයක් පමණක් අධ්යාපන කටයුතු සදහා වැයකිරීමට ඇති පාසලක කාල පරිච්ඡේද ගණනාවක් ආගම් විෂයයන්, ඉතිහාසය, විවිධ සාහිත්ය විෂයයන් අධ්යයනය කිරීමට වැය කිරීමයි. මෙම විෂයයන් සම්බන්ධව ශිෂ්යයා තුළ කැමැත්තක් – යම් කිසි ආකල්පයක් මතු විය යුත්තේ සමාජය තුළිනි, නැතහොත් යම් ආගමික (අදාළ ශිෂ්යයා යම් කිසි ආගමක් පිළිගන්නවා නම්) පසුබිමක් තුළිනි. වර්තමානයේ සිදුවී ඇත්තේ “බල්ලා ගේ වැඩය බූරුවා කිරීමට යාම”ක් හෙවත් සමාජය ඔස්සේ ඒ ඒ පුද්ගලයා කෙරෙහි සම්පේශණය විය යුතු සදාචාරය, සාරධර්ම ශ්රම බලකායට ශ්රමිකයන් නිෂ්පාදනය කරන ආයතනය වන පාසල තුලින් දීමට ගොස් වටිනා කාළ පරිච්ඡේද රාශියක් නාස්ති කර ගැනීමත්, ඒ තුළින් රජයට, ඒ ඒ ශිෂ්යයාට හා අනාගතයට නිවැරදි කොටගත නොහැකි පාඩුවක් ගෙනදීම පමණි.
නමුත් යම් පුද්ගලයෙකුට අනාගතයේදී ආගමික පූජකයෙක්, ඉතිහාසඥයෙක් හෝ පුරාවිද්යාඥයෙක් වීමට අවැසි නම්, අදාළ විෂයයන් පාසල තුලින්ද ඉගන ගැනීමේ වරදක් දැකිය නොහැකිය.
ශ්රී ලාංකේය අධ්යාපන ක්රමය පිළිබද මාගේ සිතෙහි ඇති අදහස මෙසේය :
- සෑම ශිෂ්යයෙකුටම රජයෙන් නියම කරන ලද විෂයයන්ට පමණක් දක්ෂකම් තිබිය නොහැකිය. එවිට වන්නේ රජයෙන් නියම කළ විෂයයන් සදහා දක්ෂකම් නැති සිසුන් තමාට කිසිදු කාර්යයක් කළ නොහැකිය යන වැරදි වැටහීම ඇති කරගැනීම හා ඇතැම් ගුරුවරුන්හා භාහිර සමාජය විසින් ඔහුව එසේ සිතීමට පෙළඹවීම හා, ඒ හේතුව නිසා ඔහු තුළ සහජයෙන් පැමිණ වෙනත් කිසියම් හැකියාවක් ඇත්නම් එම හැකියවෙන් නිසි ප්රයෝජන ගත නොහැකිව නිකරුණේ විනාශව යාම පමණ.
- එම නිසා යම් කිසි ශිෂ්යයෙකුට සිය අභ්යන්තරයෙහි සැගවී ඇති හැකියාව අනාවරණය කරගැනීමට හැකිවූ විට, ඔහු සමාන්ය විෂය නිර්දේශයෙන් බැහැරව සිය හැකියාව ඔප මට්ටම් කරගත හැකි විෂය නිර්දේශයක් කරා යොමු කිරීම සිදු විය යුතුය.
- එතෙක් ඔහුට ආගම් විෂයයක් (ස්වකීය ආගම හෝ තමන් හැදෑරීමට කැමති ආගමක්), ඉතිහාසය (තමාගේ දේශයේ හෝ තමන් කැමති දේශයක) , සාහිත්යය (තමන් කැමති සංස්කෘතියකට හෝ භාෂාවකට අදාළ), ගණිතය (වාණිජ්ය හා වෙනත් විෂයයන්ට අදාළ කොටස් ඉවත් කළ පොදු ගණිතය විෂයයක්), පරිගණක භාවිතය (ගැඹුරට ගිය දැනුම නොව එදිනෙදා කාර්යයන් සදහා පරිගණකය භාවිතා කළ හැකි අන්දම) වැනි හා තවත් විෂයයන් කිහිපයක් හැදෑරීමට පහසුකම් සකසා දිය යුතුයි.
- ප්රාථමික අධ්යාපන වසර පහෙන් පසු, ඕනෑම විෂය ධාරාවක් තෝරාගැනීමේ හැකියාව ශිෂ්යයන්ට තිබිය යුතුයි.
- තමන් පාසලේදී ඉගෙන ගත් විෂය ධාරාව සම්බන්ධයෙන් පමණක් සාමාන්ය පෙළ හා උසස් පෙළ විභාග දරනට වඩා ගැඹුරු මට්ටමෙන් පැවැත්වියයුතු අතර, උසස් පෙළ විභාගයෙන් අනතුරුව එම විෂය ධාරාවෙන් විශ්ව විද්යාලයට ඇතුලත් වීමේ පහසුකම් තිබිය යුතුයි.
මෙවිට ඕනෑ ම ශිෂ්යයෙකුට තමා කැමැත්තක් දක්වන විෂය ධාරාව සම්බන්ධයෙන් දැඩි අවධානය යොම කොට සිය අධ්යයන කටයුතු කිරීමේ පහසුව සැලසෙන අතර, එමගින් ශිෂ්යයාගේ කාලය ද, රජයේ මුදල් ද ඉතිරි වන අතර, ජාතික ශ්රම බලකායට මැනවින් පුහුණුව ලත් ශ්රමිකයන් එක්වීම ද, එක් එක් ශ්රමිකයාගේ පෞද්ගලික ඵලදායීතාවය ඉහළ යාමද, එමගින් රටේ නිෂ්පාදිතය ඉහළ යාමද, රට සීඝ්ර දියුණුවකට ළගා කර ගැනීමට ද හැකිවනු ඇත.
ඒ හා සමාන්තරව මුළු සමාජයම සාරධර්ම ගරුක එකක් කිරීමේ ව්යාපෘතියක්ද දියත් කළ යුතුව ඇත.