මෙය ලියන්න සිත් වුනේ පසුගිය සති කිහිපයක් පුරාවට “විදුසර” විද්‍යා පුවත් පතේ “අපේ පිටුව” ලෙස නම් කෙරුණු, එහි පාඨකයන්ට විවිධ මාතෘතා පිළිබද කරුණු පළ කිරීමට ඉඩ සලසන පිටුවේ පළවුනු ජංගම දුරකථනය පිළිබද සංවාද ලිපි පෙලක් කියවීමෙන් මා තුල ඇතිවුනු සිතිවිලි. පසුගිය කලාපයෙන් එම සංවාදය අවසන් වන බවට කර්තෟ විසින් පසුගිය සතියේ ලිපිය අවසානයෙේසටහනක් යොදා තිබුනා. විදුසරේ ගැටළු වලට විදුසරට නොලියා මම බ්ලොග් එකට ලියන්නේ එහි කිසිම කෙනෙකුගේ වාරණයකට බදුන් නොවී අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් නිසාත්, මෙම ගැටළුව දෙස විවෘතව බලන මිනිසුන් විදුසර පාඨක ප්‍රජාව අතරට වඩා ශ්‍රී ලාංකික අන්තර්ජාල පරිශීලකයන් අතර සිටීමේ හැකියාව වැඩි නිසා.

මෙන්න එම සංවාදයේ යෝජක පිළේ මාතෟකාව :
ජංගම දුරකථනය වනාහි, සමාජයට නපුරම ගෙනෙන, යක්ෂයාගේ උපකරණයකි. සමාජය “යහපත්” කිරීමට නම්, එය වහාම ජනතාව අතරින්, විශේෂයෙන්ම තරුණ ප්‍රජාව අතරින් ඉවත් කිරීමට කටයුතු කළ යුතුය. මන්ද, සමාජයේ සිටින “මන්ද බුද්ධික ම”, “අඥාණ ම ” කොටස වන තරුණයින්, ජංගම දුරකතනය යන “යක්ෂයාගේ උපකරණය” භාවිතා කරමින්, තමා පමණක් නොව මුළු මහත් සමාජයම “වල පල්ලට” ඇද දැමීමට උත්සාහ කරයි.

මෙයට විරැද්ධව ලියුම් කරුවන් කිහිපදෙනෙක් යම් ප්‍රගතිශීලී අදහස් දරමින් ලිපි ලීවද, මුළු මහත් සංවාදය පුරාවටම යෝජක පාර්ශවය කිසිසේත් බුද්ධිමත් තර්කයට නොහොඹිනා බාල වර්ගයේ පදයක් භාවිතා කරමින් සිටිනු දක්නට ලැබුනා. එනම්, ඉහත සදහන් අදහස රැගත් ලිපිය පළමුවෙන්ම විදුසරහි පළ කරනු ලැබුවේ “වෛද්‍ය වරයෙකු” යැයි කියාගත් පුද්ගලයෙක්. (තමා වෛද්‍ය වරයෙකු බව ඔප්පු කිරීමට සිය වෘත්තිය සහතිකපත් වල පිටපත් ඔහු විසින් පුවත් පතේ පළ කොට තිබුනේ නැහැ.) නමුත් ප්‍රතියෝජක පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් වූයේ පාසල් සිසුන් පිරිසක්. ඉතින් ඇතැම් යෝජක පාර්ශවිකයන්ගේ හැගීම වුනේ සිය නායකයා (අදහස මුලින්ම විදුසරට ලිවූ තැනැත්තා) වෛද්‍යවරයෙකු වන බැවින් හා, ප්‍රතියෝජකයන් පාසල් සිසුන් වැන්නවුන් බැවින්, “ලොකු මිනිහා” ගේ මතයට හිස නමා, සිය තර්ක හකුළා ගත යුතු බවයි.

අපගේ සමාජයේ තිබෙන එම දුර්වල කම පිළිබදව මම වැඩිතුරටත් කරතා කරන්න යන්නේ නැහැ.

ඔවුන්ගේ ප්‍රධාන තර්කයක් වුනේ ජංගම දුරකථනය නිසා තරුණ පරපුර අනවශ්‍ය ක්‍රියාකරකම් වලට යොමු වනවා කියන එක. මොනවද මේ අනවශ්‍ය ක්‍රියාකාරකම් ? ඒක තේරුම් ගන්න MBBS (මේසන් බාස්ට බදාම  සප්ලයි) ගහන්න අවශ්‍ය නැහැ. නමුත් ඒක පවා සිය ලිපියට අන්තර්ගත කිරීමට ඔවුන් විවෟත ස්වභාවයකින් කටයුතු කොට තිබුනේ නැහැ. හොදයි, ජංගම දුරකතන තිබෙන සියළුම අය අසභ්‍ය අන්තර්ගත  (XXX Content. දන්නෙම නැත්නම් Google සෙවුමක් දමන්න. හැබැයි එන ප්‍රතිඵල වලින් Wikipedia හෝ Yahoo! Answers වැනි දැනුම් මූල (Knowledge Bases) වලට විතරක් යන්න.) භාවිතා කරනවා ද ? එසේ භාවිතා කරන්නේ ජංගම දුරකතන හිමි කරුවන් පමණද ? ඒවා භාවිතා කළ හැක්කේ ජංගම දුරකතන හිමිකරුවන් ට පමණද ?

ඇත්තටම මෙතනදී මූලික වෙන්නේ සිත් පිත් නොමැති උපකරණය නොවේ, එය භාවිතා කරන පුද්ගලයාගේ මනසයි.

ඔබ සහ මම, අපි හැම දෙනාම අන්තර්ජාලය භාවිතා කරනවා. හොදයි, අන්තර්ජාලයේ නැත්ද ඔය කියන අසභ්‍ය අන්තර්ගත රැගත් වෙබ් අඩවි ? නමුත් අපි ඕවට යන්නේ නැත්තේ ඒ සදහා අවශය වන හැදියාව අප කුලින්ම එන නිසා. අන්තර්ජාලයේ ගත කරන කාලය කුණුහරුප බලන්නේ නැතිව අපි ඒ කාලය වැදගත් දේකට යොදා ගන්නවා. ඒක අන්තර්ජාලයේ “හොද” නෙවෙයි, පෞද්ගලිකව අප සතුව ඇති යහපත් ගුණාංග.

නමුත් ඔය අස්සේ මොකෙක් හරි හාල් පාරුවෙක් අන්තර්ජාලෙට ඇවිල්ලා කුණුහරුප බැලුවොත්, ඒක අන්තර්ජාලයේ නරක ද ? නැති නම්, අදාළ පුද්ගලයාගේ මානසික ස්වභාවය ද ?

ඉතින්, අර වගේ හාල් පාරුවෝ අන්තර්ජාලයෙන් කුණුහරුප බලනවයි කියලා, ලංකාවෙ සියළුම තරුණයන්ට අන්තර්ජාල භාවිතය තහනම් කළොත් ? ඒකත් හරියට මිනිස්සු අරක්කු සිගරට් බොනවට TV එකේ පෙන්නන චිත්‍රපටියේ සිගරට් අරක්කු බොන දර්ශන කැපුවා වගේ විහිළුවක් වෙනවා. බොන්න ඕන එකා ඕක දැක්කත් නොදැක්කත් බොන එක බොනවා. මේක නිකං අතීසාරෙට අමුඩ ගැහීම වගේ දෙයක්.

ජංගම දුරකථනය සම්බන්ධයෙනුත් මේක මෙහෙම මයි.

ජංගම දුරකථනය කියන්නේ මෙවළමක්. ඒක හොදට වලේම නරකටත් භාවිතා කරන්න පුඵවන්. කොටි ත්‍රස්තවාදියෙක් දුර කියෙන බෝම්බයක් පුපුරුවන්න ජංගම දුරකථනයක් භාවිතා කරනව වගේම, එවගේ සැක කටයුතු යමක් දැක්කොත් අදාළ අංශ වලට කියන්න ඔබේ අතේ තියන ජජගම දුරකථනයෙන් 118 හරි 119 අමතන එකයි කරන්න තියෙන්නේ.

අදාළ ලිපි පෙළ ලිවීමේදී යෝජක පාර්ශවයට හේතු සාධක 2-3ක් මට නිකං තේරෙනව වගේ,

  • සමාජය තුළ කලක පටන් මෙම ජංගම දුරකථන භීතිකාව වර්ධනය වුනු නිසා, ඒ හා සම්බන්ධව විදුසර වැනි “පිළිගත්” සගරාවකට ලිපි ලිවීමෙන් තමාගේ “ආත්මාභිමානය” නංවා ගත හැකි නිසා.
  • සමාජය තළ ලොකු තැනක් තියන වෟත්තියක පොරකගේ අදහසකට මුක්කු ගැසීමෙන් තමාටද එම “පාණ්ඩිත්‍යය” ආදේශ වන නිසා.
  • වෙනස් වන සමාජය තුළ වෙනස් වීමට තමා තුළ ඇති “සාධාරණ” බය නිසා.
  • වර්තමාන තරුණ පරපුර ද ගත කරන්නේ තමන් ගත  කළාවූ ළිං මැඩි සමාජයක යැයි සිතීම නිසා.
  • තමන් තරුණ කාලයේදී ගාමිණි ෆොන්සේකා වැන්නවුන් සිනමාවේදී සිගරට් බොන ආකාරය බලා, තමන්ද ඒවා කලා සේ, වත්මන් පරපුර ද එවන් අන්ද අනුගාමිකයන් යැයි සිතා. (අදාළ මහතාට අපහාසයක් නොවේ. අදාළ සමයේ සමාජය ගැන අත්දැකීම් තිබෙන මාගේ පියාගෙන් ලද තොරතුරු මත ය.)

ඉතින් මේ ගැන සංවාදයක් අපේ සිංහළ බ්ලොග් සංසද සාමාජිකයින් අතර ගොඩනගා ගන්න කැමතියි. ජංගම දුරකථන භීතිකාව ගැන නොවේ, නව ගීත – සිනමා නිර්මාණ – කෘති වැනි නවතාවයෙන් යුතු දේ පිළිබදව පැරණි පරපුරෙන් එල්ලවන විරෝධතා ගැන. මගේ අදහද මෙය කාලීන අවශ්‍යතාවක් කියලයි.