ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සමග තොරතුරු තාක්‍ෂණ භාවිතාව පිළිබඳව වූ සාකච්ඡාව


ඊයෙ, ඒ කියන්නෙ 19 වෙනිදා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ කැඳවීමකට අනුව රටේ විවිධ පෙදෙස් හා විවිධ ක්‍ෂේත්‍රයන් නියෝජනය කරන පිරිසක් දිවා භෝජනයකට එක් වුනා. එක්වීමේ අරමුණ උනේ රටේ තොරතුරු තාක්‍ෂණ භාවිතාව පිළිබඳව අදහස් හුවමාරු කරගැනීම නිසා, කැඳවන ලද පිරිසේ පොදු සාධකය උනේ සක්‍රීය අන්තර්ජාල භාවිතය කියන එකයි. හමුව සංවිධානය කළේ “සිහි සටහන්“ ලියන චානුක වත්තේගම මහතා.

(පින්තූරය “තරුණ ගුරුවරයකුගේ සටහන්(A young teacher’s thoughts).” වෙතිනි.)

හමුව පිළිබඳ සාරාංශයක් චානුක මහතා Facebook Status Update එකක් ලෙස එක් කර තිබුනේ මෙසේයි:

“බ්ලොග්/වෙබ් අවකාශයේ ක්‍රියාකාරී තරුණ පිරිසකට අද ජනාධිපති ලේකම් හා විදිලි සංදේශ නියාමන කොමිසමේ සභාපති ලලිත් වීරතුංග මහතා දිවා භෝජනයකට ඇරැයුම් කොට තිබුණා. මේ හමුව පැය තුනකට වැඩි කාලයක දීර්ඝ සංවාදයක් බවට පත්වුණු අතර තරුණ පරපුර, තොරතුරු තාක්ෂණය භාවිතය, තොරතුරු තාක්ෂණය තුළින් විරැකියාවට පිළියම් සෙවීම යනාදී කාරණා රාශියක් ගැන අප කථා කළා. මා සමඟ මේ හමුවට එක් වුනේ Supun Sudaraka, Supun Buddy Budhajeewa, Isuru Senevirathna, Sahen Sandesh, Aruna Chaminda හා Malinda Prasad. Udara Dharmasena අපට එකතු වීමට සිටියත් අවසාන මොහොතේ කාර්යාලීය කටයුත්තක් නිසා ඔහුට එක් විය හැකි වුණේ නැහැ. Supun Buddy Budhajeewa හා Malinda Prasad ජාතික වශයෙන් වැදගත්කමක් ඇති යෝජනා ගණනාවක් කළා. තොරතුරු හා සන්නිවේද තාක්ෂණ ආයතනයේ රෙෂාන් දේවපුරද මේ හමුවට එක්වුණා.

කලින් ලැයිස්තුවට සඳරු Chinthaka Sandaruwan Jayawickrama එකතු විය යුතුයි. වීරතුංග මහතාට විශේෂයෙන්ම හමුවීමට අවශ්‍යව තිබුණේ සඳරුව. ඒ ඔහුද සඳරුගේ “හිස් අහස” බ්ලොග් එකෙහි පාඨකයෙක් නිසා.“

මා විසින් මෙහිදී සඳහන් කරන්නට යෙදුනේ අන්තර්ජාලය හරහා විවිධ සේවා සපයන තනි පුද්ගලයන්ට මෙන්ම කුඩා පරිමාණයේ ආයතන වලටද විශාල ගැටළුවක් වී ඇති, PayPal හරහා ශ්‍රී ලංකාවට ගෙවීම් ගෙන්වා ගත නොහැකි වීමේ ගැටළුවයි. එය සම්බන්ධව සොයා බලා පියවරක් ගැන්නා බව වීරතුංග මහතා ප්‍රකාශ කළා. අපි බලාපොරොත්තු වෙමු හැකි ඉක්මනින් මේ පිළිබඳව විසඳුමක් අප හට ලැබෙයි කියා.

එමෙන්ම මා රාජකාරි කරන ස්ථානය වන Sanmark Solutionsහි කටයුතු සිදුවන ආකාරය, එනම් සේවාදායකයන් සොයාගන්නා ආකාරයත්, ව්‍යාපෘති කෙරෙන ආකාරයත් මා එහිදී විස්තර කළා. හමුවේදී මතුවූ විරැකියාව කෙරෙහි තොරතුරු තාක්‍ෂණය ආශ්‍රිත විසඳුම් යන මාතෘකාවට සම්බන්ධවයි එකී කරුණු ඉදිරිපත් කළේ. එකී කරුණු දායක කරගෙන යම් පියවරක් ඔවුන් ගන්නේ නම් සතුටු විය හැකියි.


26 responses to “ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සමග තොරතුරු තාක්‍ෂණ භාවිතාව පිළිබඳව වූ සාකච්ඡාව”

  1. මගේ සුභ පැතුම් අයියෙ! B-) කාටද ඉතිං ආඩම්බර ඈ? 😉
    [ කෝ…? ඉස්සර පේළියට ඇවිත් ඉන්නෙපැයි 😉 ]

  2. අඩේ කොන්ග්‍රෑට්ස් සහෝ……… කාටද ඉතිං ආඩම්බර (ඉස්කෝලෙට නේ ආඩම්බර) හික්ස්.
    ඇත්තටම එල කොල්ලෙක් උඹ

  3. //ඔහුද සඳරුගේ “හිස් අහස” බ්ලොග් එකෙහි පාඨකයෙක් නිසා.“//

    මේක එක පැත්තකින් සතුටට කාරණයක් , අනික් පැත්තෙන් ටිකක් බය හිතෙන වැඩක් . පේපැල් වැඩේ කෙරෙනවා නම් ලොකු දෙයක් !

    • බය වෙන්න දෙයක් නං තිබුනෙ නෑ මට පෙනුනු විදියට. 😉

      PayPal වැඩේ කෙරුනොත් අනිවා ලොකු දෙයක්!

  4. බුදා ඇඩිසෙන්ස් Electronic Funds Transfer (EFT) Payment Method එක ලංකාවට දෙන්නේ නැහැ. ‍එකටත් මොනවා හරි කරන්න.

    • PayPal වැඩේ කෙරුනම ඒක කියමු අමිල අයියේ. නැත්තං ඔක්කොම කියන්න ගිහිං එකක්වත් නොකෙරුනොත් අපරාදෙ නෙ. කොහොමත් මම හිතන්නේ තවත් මේ වගේ හමු තියාවි. එතකොට කියමු.

  5. මට නම් මේක දැක්ක ගමන් තේරුනේ අර ජනප්‍රිය හාමුදුරුවරුන්ගෙන් ජනාධිපතිතුමා පිරිත් කියවාගැන්මේ තියරි එක…
    මට නම් හිතෙන විදියට මේක බ්ලොග් කාරයින් බා ගැන්මේ එක්තරා වැඩක්…ඔය දේවල් සාකච්චා කල යුතුයි තමයි…ඒත් මේ වැඩේ සාර්ථකයි කියල මට හිතෙන්නෙ නෑ..
    ජනාධිපතිතුමා මන්දිරයට එක්කන් ඇවිල්ල කන්න බොන්න දීල ටෝක් කරල පිටට තට්ටුව දාන්න පටන් අරන් වගේ බ්ලොග් කාර අයි සීටි පොරවල් වලටත්…
    පුලුවන්නම් වැඩි දෙයක් ඕනි නෑ…අපිට හරියන ස්පීඩ් එක එන්නෙ නැත්තං ඒක කම්පෙලෙන් කරන්න සක්‍රිය ක්‍රමවේදයක් හදල දෙන්න…
    ඔය කිසි දෙයක් වෙන්නෙ නෑ…මන්දිරේට ගිහිං ආපු තවත් එක සෙට් එකක් වෙයි….

    මොනව උනත් අපෙ ජනාධිපතිතුමත් ලේඛම් තුමත් ඉතාම දියුනු අන්දමින් මිනිසුන් බා ගැන්ම ක්‍රියාත්ම කරන ආකාරය මේ දේ වලින් පේනවා…ඒක අපේ විපක්ෂයට වඩා ගව් ගානක් ඉස්සරහින් ඉන්න වැඩපිලිවෙලක්…

    • මන්දිරේකට ගියේ නෑ, පොඩි කෑම කඩේකට ගියේ. 😉 කොහොම උනත් කාගෙ අතින් හරි වැඩේ වෙනවනං හරි නෙව!

      ස්පීඩ් ගැන නං මම හිතන්නේ TRC එකට පැමිණිලි කරන්න පුළුවං.

      • //මට නම් හිතෙන විදියට මේක බ්ලොග් කාරයින් බා ගැන්මේ එක්තරා වැඩක්//

        අමුතුවෙන් බාගන්නේ මක්කටෙයි බන් , ඔය පණ දිගෙන කඩේ යන උන් ඇති පදම් බ්ලොග් අවකාශේ ඉන්නේ

  6. PayPal වැඩේ කෙරෙනව නම් උඹට මල් තියල වඳිනව ඕං. මොනවද බං ජාතික වැදගත්කමක් තියෙන යෝජනා? නමේ Buddy කෑල්ලත් දැන් ස්ථීර වෙලාද මන්ද.

    • PayPal වැඩේ ගැන තමා මම හිතන්නෙ ඔය කියල තියෙන්නේ.

      Buddy කෑල්ල ඇවිත් තියෙන්නේ ඕක Facebook වල තියන නමිං ටැග් කරපු නිසා. 🙂

  7. අරුණ ද අර නිකං සජිත් වගේ ඉන්න පොර?

    බත්දුන් පියා, කොස් දුන් පියා, ඇට දුන් පියා, පොත් දුන් පියා, රෙදි දුන් පියා ගෙන් පසුව වීරතුංග පේ-පැල් දුන් පියා වේවා.

    • යප්, අරුණ තමයි කොලපාට ෂර්ට්ටෙක ගහල ඉන්නේ.

      පේපැල් දුන් පියා උනොත් ඒක ආයි ජංජාලේ තියනකල් වැඩක් තියන දෙයක් (පේපැල් නොවැහුනොත්!)!

  8. @අප්පුවා: ඔබගේ ප්‍රතිචාරය ලැබුනා. ස්තුතියි!

  9. හ්ම් දැන් දියුණු වෙලා නේ!! එළ එළ. පේපැල් ගැන කතා කර එක නම් හොඳයි. ඇත්තටහ ලොකු ප්‍රශ්නයක් ඒක. අඩුම තරමෙ අකවුන්ට් එකේ බැලන්ස් එකවත් බලාගන්න බෑනේ.මගෙනුත් සුභ පැතුම් අයියට 🙂

  10. අපටත් ආඩම්බරයි අපේ companyයේ කොල්ලෙක් ජානාධිපති ලේකම් එක්ක මීටිමකට ගිය එක ගැන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *