-
hal597 න් hal3000 ට.
ඔයාල මගේ බ්ලොග් එක එක්ක ටිකක් විතර ළඟින් ආශ්රය කරනව නම් දන්නවා ඇති කවුද hal597 කියන්නේ කියලා.
-
Gnome හි Nautilus හි රයිට් ක්ලික් මෙනුවට Open as root විකල්පයක් එක් කරමු?
Gnome පාරිසරිකයේදී Nautilus මගින් අපිට යම් බහාලුමක් මූල භාවිතාකරු වශයෙන් විවෘතකරගන්න අවැසි උනාම මොකද කරන්නේ? Alr+F2 වලින් එන Run සංවාද කොටුවේ හෝ ටර්මිනලයක gksu nautilus කියල ගහනවද? ඒ වෙනුවට කෙටි ක්රමයක හදාගන්න හැටියි දැන් කියන්නේ.
-
Ubuntu 9.10 (Karmic Koala) මත සිංහල සක්රීය කිරීම.
දැං මේ කියන්න හදන්නේ Ubuntu 9.10 (Karmic Koala) මත සිංහල භාෂාව සක්රීය කිරීම ගැන. මීට කලින් සංස්කරණ වලදී අපිට සිදු වුනේ උබුන්ටු මත සිංහල ස්ථාපනය ගන කතා කරන්න, මොකද කලිං විජේසේකර යතුරු පුවරුව වගේ ඒවා උබුන්ටු සමග පෙරනිමියෙන් ආවේ නහැ. නමුත් දැන් අපිට එච්චර මහන්සි වෙන්න ඕන නෑ, පෙරනිමියෙන් එන සිංහල භාෂාව සක්රීය කරගන්න විතරයි තියෙන්නේ.
-
ඍජු අන්තර්ජාල සබඳතාවක් නොමැතිව Ubuntu මෘදුකාංග ස්ථාපනය.
බින්කු සහෝදරයයි මායි කරපු සංවාදයක් “බඩී සහ බිංකු සමග: උබුන්ටු මෘදුකාංග ස්ථාපනය සහ රිපොසිටරීස්.” නමින් මේ බ්ලොගයේ පළ කළා ඔබට මතක ඇති. ඒ ලිපියේ ප්රතිචාර දැක්වීම් වල එක තැනක මම සඳහන් කළා “මේකට පොඩි විසඳුමක් දැනටම උබුන්ටු තුළ තියනව. මම ලියන්නම්.” කියලා. ඒ කියන්නේ අන්තර්ජාල සබඳතාවක් රහිතව උබුන්ටු හරහා මෘදුකාංග ස්ථාපනය කරගන්න පොඩි ක්රමයක් ගැන ලියනවා කියලයි මම පොරොන්දු වුනේ. ඒ පොරොන්දුව ඉටු කරන්නයි දැන් මම හදන්නේ.