-
පෝය දවසේ මිනිසුන්ව බලෙන් හොඳ කිරීම!
අපේ සමාජයේ බොහෝ දෙනා විශ්වාස කරන පරිදි තමන් හරි ය. තමන් සර්ව සම්පූර්ණය. තමන් ප්රශ්න කරනු ලැබීමට යටත් විය යුතු නැත. එකී සිතිව්ල්ලේ මීළඟ පියවර මම නිවැරදි බැවින්, මට වැරදි යැයි හැඟෙන දේ අනිවාර්යයෙන්ම වැරදි වේ යැයි සිතීමයි. ඒවා වැරදි බැවින් සහ තමන් ඉතා නිවැරදි බැවින් ඒ වැරදි කරන අයවලුන් ඒ වැරැද්ද නවතා මා කියනා ආකාරය පිළිගෙන කටයුතු කළ යුතුය. මේ කියන්නේ Facebook තුළින් මතුවුනු එවැනි හඬක් පිළිබඳවයි!
-
නව උබුන්ටු ස්ථාපනයකින් පසු, මා අනිවාර්යයෙන් කරන දේවල්.
මගේ මෙහෙයුම් පද්ධතිය තමයි Ubuntu. ඒක ලෝකයේ ජනප්රියම Linux බෙදාහැරීම් වලින් එකක්. මේ ලිපියෙන් මම කියන්න සූදානම් වෙන්නේ Ubuntu මෙහෙයුම් පද්ධතිය අලුතින් ස්ථාපනය කළාට පසු එය මාගේ භාවිතාවට ගැළපෙන තත්වයට පත් කර ගැනීම සඳහා මම අනිවාර්යයෙන් කරන දේවල් කිහිපයක්. ඒවායින් ඇතැම් ඒවා සමහරවිට ඔබටත් වැදගත් වෙන්න පුළුවන්.
-
Google to break Great Firewall of China | චීන මහා අග්නි ප්රාකාරය බිඳීමට Google සැරසෙයි.
මහජන චීන සමූහාණ්ඩුව යනු එරට ජනතාවට තොරතුරු ගලා යන ආකාරය ඉතාම දැඩි ලෙස පාලනය කරන රටක් ලෙස ප්රකටය. එරට ජනතාව භාවිතා අන් බොහෝමයක් රටවල ජනතාව මෙන් තමන්ට රිසි පරිදි භාවිතා කළ හැකි අන්තර්ජාල සබඳතාවයන් නොවේ. ජනයා අන්තර්ජාලය තුළ කියන කරන සියළු දේම එරට රජයේ දැඩි අධීක්ෂණයට යටත් වේ.