2020 දී අන්තර්ජාලයේ පැයක්..


හප්පා..  ගමනක් ගිහිං ඇවිත් මාර මහංසියි. ඇඟපත හෝදගෙන ඇවිත් කොම්-පීටරෙත් අතට අරගෙන ගිහිං ඇ‍ඳේ පොඩ්ඩක් ඇල උනේ අන්තර්-ජංජාලෙ පැත්තෙ පොඩි රවුමක් ගිහිං එන්ඩ.

කොම් පීටර් කිවුවම, මේක මේ අතථ්‍ය-යථාර්ථ පරිගණකයක්. ඒ කියන්නෙ මේකෙ හෙඩ් සෙට් එක ඔළුවට දාගත්තම මේකෙ වෙන ඔක්කොම සීන් කෝන් ඔළුව ඇතුලෙ මැවෙනව. නමුත් අපිට දැනෙන්නෙ අපි ඇත්තටම ඒ ලෝකෙ ඉන්නව කියල. – කට්ටිය Matrix එහෙම බලල ඇති නේ ? – ඒ කියන්නෙ, මේ කොම්පීටර් එකෙන් චිත්‍රයක් අඳින්න ඕන වුනොත් කරන්නෙ පරිගණකය තුලින් මැවෙන ලෝකෙ චිත්‍ර අඳින තැනට ගිහිං, තීන්ත – පැන්සල්  – පින්සල් අරව මේව අරගෙන අපිට අතින්ම චිත්‍රෙ අඳින්න පුළුවන්.

අළුත් අළුත් මෘදුකාංග ස්ථාපනේ කෙරුවම ඒ ලෝකෙට අළුත් අළුත් පහසුකම් තියන ස්ථාන එකතු වෙනවා. මේ ළඟදි මම දැම්ම සංගීත නිර්මාණ මෘදුකාංගයක්. එතකොට පාරෙ වම් පැත්තෙන් අළුත් ගොඩනැගිලක් එක් වුනා. ඕන නං ඒක උස්සල ගෙනිහිං වෙන තැනක තියන්න පුළුවං. ඒකෙ ඕන තරං සංගීත භාණ්ඩ ගන්න තියනව. එවුව අපිට ඕන විදියට සුසර කරගත්තෑකි. ඒ ඒ වාද්‍ය භාණ්ඩයේ වාදකයට වාදනය කරන්න ඕන හැටි කිවුවම, මෑන් ඒක වාදනේ කරනව..  බැරිම උනොත් අපිට පුළුවං අදාළ භාණ්ඩය මිනිහගෙ අතින් අරන් ටිකක් ඒක වාදනේ කරල, වාදනේ කරන හැ‍ටි ඌට කියල දෙන්න.. මිනහට පුළුවං අපි ගහල දෙන එක රිපීට් කරන්න.

අන්තර්ජංජාලෙ කියන්නෙ, මේ ලෝක එක නගරයක්. එතන තඩි ගේට්ටුවක් තියනව. ADSL යූසර්නේම් එකයි පා‍ස්ව’ඩ් එකයි දුන්නම තමයි ගේට්ටුව ඇරෙන්නෙ. ඒක දෙන්න ඕන සිකුරිටි කාමරේ උඩිං ඉස්සෙල්ල තිබ්බෙ SLT ලාංඡනේ, මං පස්සෙ ඒක අයිං කරල මගේ මූණත්තහඩුව දැම්ම. හිකිස්. 2020 දිත් SLT රොක්ස් !! 😀

ඉතිං, හේ ගේට්ටුවෙන් කොහොමින් කොහොමහරි ඇතුලට ගියයි කියමු කෝ ! ඉස්සෙල්ම යන්න ඕන GMail පැත්තේ‍.. හෙමීට ඇවිදං ගියා GMail කියල ගහල තිබ්බ තැපැල් කන්තෝරාව ළඟට. අපිට ඕන නං ඇවිදගෙන යන්නත් පුළුවං, නැත්නම් සාක්කුවෙ තියන මොබයිල් ඩිවයිස් එක අරගෙන ඒකෙ gmail.com කියල ගැහුවමත් ටාර්ගාලා එතෙනට යතහැකි.

දොර වහල තියෙන්නෙ. එතන තියල තිබ්බ පෑන අරගෙන නියමිත තැන මගේ භාවිතාකරු නමයි, මුරපදෙයි දීල ඊට යටිං අත්සන් කරල එතන ඉඳපු මෑන්ස්ට දුන්නා. ඔන්න ඒයකා ඒ පාර දොර ඇරියා. එතන කබඩ් වල ලියුං කන්‍දරාවක් ! Inbox, Spams, Drafts කියල වෙන වෙනම කබඩ් තියනව. අපට ඕන නං එතන ඉන්න මෑන්ස් ට කිවුවම ඒව සර්ච් කරන්න වුනත් පුළුවං !

ඊළඟට Facebook පැත්තෙ ගිහිං තේකක් බොන ගමන් – එක එක කෑම වල රස ගැන මොළේට සංඥා දෙන්න මේ පරිගණක වලට පුළුවං – චැටක් දාන්න ඕන.

ඊට පස්සෙ SBU එකට.. ඒක හදල තියෙන්නෙ පුස්තකාලයක් විදියට, අපිට එතනට ගිහිං අනිත් එයගෙ බ්ලොග් පෝස්ට් කියවන්න පුළුවන්. ඕන නං එතන තියන පත්තර අරගත්තම, අදාළබ්ලොගේට යන්න පුළුවං. බ්ලොගයක් කිවුවම ඒකත් වෙනම ගොඩනැගිල්ලක්.. ඒක එක කැටගරීස් අනුව වෙන වෙනම ශාලා වෙන් කරල තියනව.. ඇතුලට ගිහිං තියන ලට්ට ලොට්ට අරං කියවන්න තමයි තියෙන්නෙ.

,

8 responses to “2020 දී අන්තර්ජාලයේ පැයක්..”

  1. හත්වලාමයි! මට නිකන් මඤ්ඤං ව‍ගේ 😀 හැබැයි මෙහෙම වෙනවාට මං ආස නෑ 🙂 පෝස්ට් එක නම් එළ! හොඳ චින්තනයක්! (බුධාජීව චින්තනය)

  2. Facebook එක අල වෙලා වෙන එකක් එවි මචෝ. දැනටත් කස්ටියක් අභිනික්මණය කරලානේ ඉන්නේ. (මාත් ඒ එකෙක්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *