ලෝකය එන්න එන්නම විනාශ මුඛයට යනවා යැයි සිතීම ලෝකයේ බොහෝ සමාජයන් හි දක්නට ලැබෙනවා. මෙසේ සිතීමට හේතුව තමන් මියගියාට පසුව එන පරම්පාරවන්ට හිමි වන ලෝකය තමන් දැනට සිටින ලෝකයට වඩා හොඳ එකක් වන බව සිතීමට මිනිසුන් දක්වන මැලි කමයි.
ස්පොයිලර්ස් තියෙන්න පුළුවං නිසා පොත නොකියෙව්ව කට්ටිය මේ ලිපිය නොකියව ඉන්නව නං හොඳයි. පහුගිය කාලයේ මිනිස්සු පිස්සුවෙං වගේ හොඳ කියපු පොතක් තමයි “සෙංකොට්ටං” කියන්නෙ. අන්තර්ජාලේ තැං තැං වල සිද්ද වෙච්ච කතාවල හැටියට මේක ඇවිල්ලා “පට්ට” පොතක්. වෙන පොත් මාලාවක් කියවන නිසා මේක මිලදීගෙන කියවන්න උනන්දුවක් නොතිබ්බට, මේ ළඟදි ඔෆිස් එකේ ලොක්කා මේක මිලදී ගත්තු නිසා […]
ජනාධිපතිවරණයේදී ඡන්දය දමන හැටි මාධ්‍ය මගින් නිතර නිතර දැනුවත් කළත්, ඒ දැමූ ඡන්දය ගණන් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ජනතාවට එතරම් පැහැදිළි දැනුමක් නැහැ. මේ ලියමන ලියන්න ඕන කියලා හිතුනේ ට්විටර් වලදී මේ ගැන සෂේන් සහ සහන් කතාකරන්න යෙදුනු නිසා. මගේ තාත්තා දැනට වසර කිහිපයකට පෙර විශ්‍රාම යන්න කළින් කිහිප වතාවක්ම ඡන්ද පොළ ස්ථානාධිපති හා […]
ලියුම් කවරයක ඉදිරියේ “විභාග ප්‍රවේශපත්‍රය” වැනි ඕනෑම ලේබලයක් ගසා ලියුම් යවන්නට තැපැල් දෙපාර්තමේන්තුව ඉඩ දෙනවාද? ලිපිනයන් වැනි පෞද්ගලික තොරතුරු ලබාගන්නා රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන විසින් එම තොරතුරු තුන්වැනි පාර්ශව වලට විකිණීමට එරෙහිව තවමත් නීති සම්පාදනය වී නැත්ද?
PayPal යනු කුමක්ද? PayPal යනු අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන මුදල් හුවමාරු සේවාවන්ගෙන් ජනප්‍රියතම මෙන්ම වැඩිම භාවිතා කරුවන් පිරිසක් ඇති සේවාවයි. එය පෞද්ගලික ආයතනයකින් සපයන සේවාවක් වුවද අන්තර්ජාලය තුළ මුදල් හුවමාරු කිරීමේ අප්රකාශිත සම්මතය ලෙස හැඳින්විය හැකිය. අන්තර්ජාලය තුළින් ලබාගන්නා භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදීත්, තමන් සපයන භාණ්ඩ හෝ සේවා සඳහා පාරිභෝගිකයන්ගෙන් ගෙවීම් ලබාගැනීමේදීත් PayPal […]
ඊයෙ, ඒ කියන්නෙ 19 වෙනිදා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ කැඳවීමකට අනුව රටේ විවිධ පෙදෙස් හා විවිධ ක්ෂේත්රයන් නියෝජනය කරන පිරිසක් දිවා භෝජනයකට එක් වුනා. එක්වීමේ අරමුණ උනේ රටේ තොරතුරු තාක්ෂණ භාවිතාව පිළිබඳව අදහස් හුවමාරු කරගැනීම නිසා, කැඳවන ලද පිරිසේ පොදු සාධකය උනේ සක්‍රීය අන්තර්ජාල භාවිතය කියන එකයි. හමුව සංවිධානය කළේ “සිහි සටහන්“ ලියන චානුක […]
අපෝ උපේ විබාගේ ඉවර වෙච්චි හැටියෙම මම අපේ ගයාන් තාරක ලොක්කාගේ රෙකමදාරුව පිට එතුමාත් වැඩ කරන Sanmark Solutions ආයතනෙට වැඩට ගියැයි කියලා ජංජාලේ බොහෝම සුවල්ප දෙනෙක් දන්නවා මයෙ හිතේ. මේ කියන්න ලැහැස්ති වෙන්නේ අපේ කස්ටිය මේ පාර ගියපු Sanmark “වාර්ෂික annual trip චාරිකාව” 2011 විස්තර.
Google ගේ නවතම සමාජ ජාලයක් නිර්මාණය කිරීමේ උත්සාහය වන Google+ මේ වන විට එම ක්ෂේත්රයේ දැවැන්තයා වන Facebook ට අභියෝගයක් එල්ළකරන එකක් බවයි බොහෝ දෙනාගේ අදහස. නමුත් මගේ අදහස නම් ඔවුන් දෙදෙනා යන්නේ එකම දිශාවකටද වුවත්, ගමනේ ගමනාන්තයක් නැති නිසාත් දෙදෙනා යන්නේ වෙන වෙනම මාර්ග දෙකක නිසාත් මොවුන් එකිනෙකාට තර්ජනයක් නොවී – සහයෝගය කෙසේ වෙතත් – එකම අඩවියේ සුව සේ වාසය කරන්නට මොවුන් දෙදෙනාටම හැකියාව ඇති බවයි.
ඉතිං, කතාව ඇත්තක්; ලංකාවෙ අන්තර් පළාත් T20 තරගාවලිය අළුත් වාණිජ හිතකාමී මුහුණුවරකින් මේපාර එන්නයි යන්නේ. හැබැයි ඉතිං තරගාවලි සංවිධානෙ නං කිසිම විවෘත බවක් නෑ. Daily Mirror එකේ නං ලිපි කීපයක් පළ වෙනවා මම දැක්කා. ඒ ඇරෙන්න වෙන කිසිම ප්‍රකාශයක් නෑ. කණ්ඩායම් නම් හා ඒවායෙ ලාංඡන මොනවද කියන එකත් බොහෝ දෙනා දැනගත්තෙ ඒව නිර්මාණය කරපු ආයතනයේ වෙබ් අඩවියේ පළ වුනු නිසා! නමුත් ඒකෙවත් තරගාවලියෙ ලාංඡනය ගැන කිසිම තොරතුරක් නෑ!