-
ගීතය පිළිබදව සමාජයේ අදහස් පිළිබදව මගේ අදහස්.
මෙම ලිපියේ අරමුණ මෙරට බිහි වූ හා මෙරට ජනප්රිය වූ විදේශ ගීත නිර්මාණ පිළිබද මට සමාජයෙන් අසන්නට දකින්නට ලැබුනු ප්රතිචාර පිළිබදව මගේ දැක්ම ඉදිරිපත් කිරීමයි. ඇතැම්විට මේ හරහා ගීතය පිළිබදව මගේ අදහස් ද හෙළි වෙනවා වෙන්නට පුළුවන්. මා ගීතය දෙස බලන්නේ ඒ පිළිබදව කිසිදු ශාස්ත්රීය දැනුමක් නොමැති, අප සමාජයේ අසන්නට දකින්නට ලැබෙන හා අන්තර්ජාලයෙන් බාගන්නා ගීත නිර්මාණ රසවිදින අයෙකු ලෙස පමණක් බව සැලකිය යුතුයි. මෙම ලිපියට කිසිදු ශාස්ත්රීය පදනමක් නොමැති අතර, මේ මාගේ පෞද්ගලික අදහස් බව සැලකිය යුතුය. යම් ආකාරයකින් මෙය කියවන අයෙකු සමග මේ සම්බන්ධව සංවාදයක් ගොඩනගා ගැනීමට අවශ්ය නම්, ඒ සදහා මම පූර්ණ සහයෝගය පළ කරමි.