මිනිසුන් ලෝකය ළඟදීම විනාශවේවි හෝ මහා ලොකු ඛේදවාචකයන්ට ගොදුරුවේවි යැයි සිතන්නේ ඇයි?

ලෝකය එන්න එන්නම විනාශ මුඛයට යනවා යැයි සිතීම ලෝකයේ බොහෝ සමාජයන් හි දක්නට ලැබෙනවා.

මෙසේ සිතීමට හේතුව තමන් මියගියාට පසුව එන පරම්පාරවන්ට හිමි වන ලෝකය තමන් දැනට සිටින ලෝකයට වඩා හොඳ එකක් වන බව සිතීමට මිනිසුන් දක්වන මැලි කමයි. Continue reading “මිනිසුන් ලෝකය ළඟදීම විනාශවේවි හෝ මහා ලොකු ඛේදවාචකයන්ට ගොදුරුවේවි යැයි සිතන්නේ ඇයි?”

සෙංකොට්ටං: කියන තරං සුවඳ නැත

ස්පොයිලර්ස් තියෙන්න පුළුවං නිසා පොත නොකියෙව්ව කට්ටිය මේ ලිපිය නොකියව ඉන්නව නං හොඳයි.

පහුගිය කාලයේ මිනිස්සු පිස්සුවෙං වගේ හොඳ කියපු පොතක් තමයි “සෙංකොට්ටං” කියන්නෙ. අන්තර්ජාලේ තැං තැං වල සිද්ද වෙච්ච කතාවල හැටියට මේක ඇවිල්ලා “පට්ට” පොතක්. වෙන පොත් මාලාවක් කියවන නිසා මේක මිලදීගෙන කියවන්න උනන්‍දුවක් නොතිබ්බට, මේ ළඟදි ඔෆිස් එකේ ලොක්කා මේක මිලදී ගත්තු නිසා සහ අඩු කාලයක් ඇතුලත කියවන්න පුළුවං කියල කියපු නිසා, මම තීරණය කළා මේක කියවල බලන්න. Continue reading “සෙංකොට්ටං: කියන තරං සුවඳ නැත”

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කරන හැටි

ජනාධිපතිවරණයේදී ඡන්දය දමන හැටි මාධ්‍ය මගින් නිතර නිතර දැනුවත් කළත්, ඒ දැමූ ඡන්දය ගණන් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ජනතාවට එතරම් පැහැදිළි දැනුමක් නැහැ. මේ ලියමන ලියන්න ඕන කියලා හිතුනේ ට්‍විටර් වලදී මේ ගැන සෂේන් සහ සහන් කතාකරන්න යෙදුනු නිසා.

මගේ තාත්තා දැනට වසර කිහිපයකට පෙර විශ්‍රාම යන්න කළින් කිහිප වතාවක්ම ඡන්ද පොළ ස්ථානාධිපති හා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ස්ථානාධිපති ලෙස කටයුතු කරලා තියන නිසා මම ඔහුගෙන් ඇහුවා මේක කරන්නෙ කොහොමද කියන එක පිළිබඳව. තාත්තා විශ්‍රාම ගියාට පස්සේ කිසියම් සංශෝධනයක් උනාද කියන එක ෂුවර් නැතත්, මෙන්න මේ විදියටලු ගණන් කිරීම් සිද්ධ වෙන්නේ (වෙනසක් විය යුතු තැනක් තියනවා නම් දන්වන්න.): Continue reading “ජනාධිපතිවරණ ඡන්ද ගණන් කරන හැටි”

2014 වෙත ආපසු හැරී බැලීම

දවස් තුන්සිය හැට පහකුයි තව චුට්ටකුයි සම්පූර්ණ වෙලා ගිරිගෝරිස් කැලැන්ඩරේට අනුව අළුත් අවුරුද්දක් උදා උනා. අමතක වෙලා තිබුනු බ්ලොගේ අළු දූලි පොඩ්ඩක් විතර ගසලා ඉයර්ලි රිවීව් එකක් කොරානං හොඳා කියලා හිතුනා.

කොහොමටත් නිව් ඉයර් ඉස්ක්‍රීං රෙසොලූසං එකක් හැටියට — ගිය අවුරුද්දෙ වගේම මේ පාරත්  — හිතාගත්තා පොඩ්ඩ පොඩ්ඩ හරි මේකෙ මක්කහරි කොටල යන්න.

ගිය අවුරුද්දෙ කොරපුව කියපුව කීපයක් පිළිවෙලක් නැතුව මතකෙට එන නිසා, ලියල දැම්මනං හොඳයි. Continue reading “2014 වෙත ආපසු හැරී බැලීම”

“Infortec International” – තවත් හොරිකඩ අධ්‍යාපන හොර කඩයක්!

ලියුම් කවරයක ඉදිරියේ “විභාග ප්‍රවේශපත්‍රය” වැනි ඕනෑම ලේබලයක් ගසා ලියුම් යවන්නට තැපැල් දෙපාර්තමේන්තුව ඉඩ දෙනවාද? ලිපිනයන් වැනි පෞද්ගලික තොරතුරු ලබාගන්නා රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන විසින් එම තොරතුරු තුන්වැනි පාර්ශව වලට විකිණීමට එරෙහිව තවමත් නීති සම්පාදනය වී නැත්ද?

අම්මාගේ අභාවයෙන් පසු තාත්තාත් මමත් දැන් ජීවත් වන්නේ තාත්තාගේ මවගේ නිවසේය. එයට හේතුව සතියේ දින පහ මා රැකියාව කරන ස්ථානයේ නැවතී සිටීම නිසා තාත්තාට එම දින පහ තනිවම ගෙදර සිටීමට සිදුවන නිසාත්, වයෝවෘද්ධව පසුවන තාත්තගේ අම්මා බලාගැනීම ඇයගේ නිවසේ සිටිත්දී තාත්තාට කළ හැකි වන නිසාත්ය. එම හේතුව නිසා අපේ නිවස දැන් කලක පටන් ඇත්තේ වසා දමා ය. Continue reading ““Infortec International” – තවත් හොරිකඩ අධ්‍යාපන හොර කඩයක්!”