අද උදේ සිට Facebook ගේ අළුත්ම නිෂ්පාදනයක් වන Facebook Lite තෝරාගත් පරිශීලකයන් පිරිසකට විවෘත කරලා තිබ්බා. මොකද මම දැක්කා කීපදෙනෙක්ම තමන්ට Facebook Lite වෙත http://lite.facebook.com ඔස්සේ යන්න බෑ කියනවා. ඒ අය ඒ ලිපිනයට යන්න උත්සාහ කළාම http://facebook.com/home.php වෙත යොමු වෙනවාලු. මගෙත් Facebook මිත්‍රයෝ සමහරෙකුට Lite වෙත යන්න ලැබිලා, සමහරෙකුට බෑ. Facebook කස්ටිය Lite වෙත යන්න හැකියාව ලබාදෙන්න ඕන අය තෝරගත්තේ කොහොමද කියලා දන්නේ නැහැ.
“ජීවනදහර” හෙවත් “lifestreaming” කියන්නේ වෙබ් අවකාශයට අළුතින් එක්වූ ප්‍රවනතාවක්. සරලවම කීවොත් එහිදී සිදුවෙන්නේ වෙබය පුරාම විසිරුනු වෙබ් අඩවි වලදී අපි විසින් කරන කියන කටයුතු එක තැනකදී බලාගන්න පුළුවන් විදියට ගොනු කරලා පෙන්වීමයි.
අපි අන්තර්ජාලය භාවිතා කරන අතරතුර නොයෙකුත් නොයෙකුත් දේවල් Tweet කරනවා. කවදාවත් හිතුනද මේ චූටි චූටි Tweets එකතු කළොත් පොඩි දිනපොතක් වගේ එකක් හැදෙනවා නේද කියලා ? අපිට අමුතුවෙන් පොඩ්ඩක්වත් මහන්සි වෙන්න කියන්නේ නැතිව, අපි භාවිතා කරන දිනදසුන් මෘදුකාංග තුළින් අපේම tweets වලින් දිනපොතක් හදලා දෙන්නට සමත් සේවාවක් ගැන තමයි මම දැන් කියන්නට යන්නේ.
Twitter කියන්නේ අපි අතර ගොඩක් ප්‍රචලිත සේවයක් නේ. මේ Twitter සේවය වටා නිර්මාණය වුනු තවත් සේවා රාශියක් වෙබයේ දක්නට ලැබෙනවා. මේ සේවා භාවිතයෙන් Twitter වෙත තවත් ක්‍රියාකාරීත්‍වයන් එකතු කරගන්න වගේම Twitter ගිණුම යොදාගෙන අළුත්ම ප්‍රයෝජන ගන්නත් අවස්ථාව ලැබෙනවා. දැං මම මේ කියන්න හදන්නේ අපේ Twitter භාවිතය තවත් දියුණු කරගන්න පුළුවන් ආකාරයේ සේවාවක් ගැන.
අපි ගොඩක් ගොඩක් දේවල්වලට කැමතියි. ඒ කැමැත්ත වැඩිවීම ඒ දේ බෙදාහදාගන්න තියන කැමැත්තට ප්‍රතිලෝමව සමානුපාතිකයි. නමුත්, දැන් මම කියන්න යන දේ නිසා, කැමති දේ බෙදාහදාගැනීම කෙසේ වෙතත්, ඒ කැමති දේවල් ගැන විස්තර මුළු ලෝකෙත් එක්කම බෙදා හදාගැනීමේ හැකියාව අපිට ලැබෙනවා.
අපි ගොඩක්දෙනෙක් දැන් Facebook වැනි සමාජජාල අඩවි වල සාමාජිකයන්. මෙම සමාජ ජාල අඩවි වලදී වෙන්නේ අපේ තොරතුරු එම සමාජ ජාල අඩවි වල අපගේ මිතුරන් සමග හුවමාරු කරගැනීමයි. නමුත්, එතනදී අපි මිතුරන් කියන කුලකයට සීමා වෙනවා. කැමති නැද්ද මුළු ලෝකයත් එක්කම ඒ තොරතුරු හුවමාරු කරගන්න ?
කැමතිද තමන්ටම කියල පත්තරයක් පළවෙනවට ? ඇත්ත ලෝකෙ නං මේක කොහෙත්ම ප්‍රායෝගික නෑ. නමුත් ඇත්ත ලෝකෙ ප්‍රායෝගික නැති ගොඩක් දේවල් සයිබර් ලෝකෙදි ප්‍රායෝගික කරගන්න අපිට පුළුවන්.
කැමතිද මිතුරන් කියන කුඩා කුලකයට සීමාවෙන්නෙ නැතිව මුළු ලෝකෙන්ම ප්‍රශ්න අහන්න ?
ඔන්න කවදාවත් නැතුව මගේ බ්ලොග් ලිපියකට කලාත්මක (?) මාතෘකාවක් වැටුනා. බය වෙන්න එපා.. ලිපිය නං කොහෙත්ම කලාත්මක නෑ !!