-
Gnome හි Nautilus හි රයිට් ක්ලික් මෙනුවට Open as root විකල්පයක් එක් කරමු?
Gnome පාරිසරිකයේදී Nautilus මගින් අපිට යම් බහාලුමක් මූල භාවිතාකරු වශයෙන් විවෘතකරගන්න අවැසි උනාම මොකද කරන්නේ? Alr+F2 වලින් එන Run සංවාද කොටුවේ හෝ ටර්මිනලයක gksu nautilus කියල ගහනවද? ඒ වෙනුවට කෙටි ක්‍රමයක හදාගන්න හැටියි දැන් කියන්නේ.
-
Ubuntu 9.10 (Karmic Koala) මත සිංහල සක්‍රීය කිරීම.
දැං මේ කියන්න හදන්නේ Ubuntu 9.10 (Karmic Koala) මත සිංහල භාෂාව සක්‍රීය කිරීම ගැන. මීට කලින් සංස්කරණ වලදී අපිට සිදු වුනේ උබුන්ටු මත සිංහල ස්ථාපනය ගන කතා කරන්න, මොකද කලිං විජේසේකර යතුරු පුවරුව වගේ ඒවා උබුන්ටු සමග පෙරනිමියෙන් ආවේ නහැ. නමුත් දැන් අපිට එච්චර මහන්සි වෙන්න ඕන නෑ, පෙරනිමියෙන් එන සිංහල භාෂාව සක්‍රීය කරගන්න විතරයි…
-
ඍජු අන්තර්ජාල සබඳතාවක් නොමැතිව Ubuntu මෘදුකාංග ස්ථාපනය.
බින්කු සහෝදරයයි මායි කරපු සංවාදයක් “බඩී සහ බිංකු සමග: උබුන්ටු මෘදුකාංග ස්ථාපනය සහ රිපොසිටරීස්.” නමින් මේ බ්ලොගයේ පළ කළා ඔබට මතක ඇති. ඒ ලිපියේ ප්‍රතිචාර දැක්වීම් වල එක තැනක මම සඳහන් කළා “මේකට පොඩි විසඳුමක් දැනටම උබුන්ටු තුළ තියනව. මම ලියන්නම්.” කියලා. ඒ කියන්නේ අන්තර්ජාල සබඳතාවක් රහිතව උබුන්ටු හරහා මෘදුකාංග ස්ථාපනය කරගන්න පොඩි ක්‍රමයක් ගැන…
-
බඩී සහ බිංකු සමග: උබුන්ටු මෘදුකාංග ස්ථාපනය සහ රිපොසිටරීස්.
අද අපේ බිංකු සහෝදරයයි මායි පොඩි චැටකට සෙට් වුනා. අපි හිතුවා එක ඔබත් එක්ක බෙදාහදා ගත්තා නම් හොඳයි කියලා. අපි කතා කළේ උබුන්ටු මත මෘදුකාංග ස්ථාපනේ කරන හැටි ගැනයි රිපොසිටරීස් වල ක්‍රියාකාරීත්වය ගැනයි. ඔබට පුළුවන් ඒකෙ තියන වැරදි අඩපාඩු පෙන්නල දෙන්න, සහ සංවාදය අවසානයේ අපිට මතුවුනු ගැටළුවට පිළිතුරු දෙන්න.
-
ImageShack වලට පින්තූර පටවන්න ලිනක්ස් මෘදුකාංගයක්.
ImageShack කියන්නේ අපේ පින්තූර වෙබයේ ගබඩා කරන්න හැකියාව ලබා දෙන අඩවියක්. ඒ වගේම එහි ටොරන්ට් බාන්නට සහය දක්වන අංශයකුත් තියනව කියල මම කලිං ලියපු “ImageShack සමග ඉක්මනින් පහසුවෙන් torrents බාමු !” නම් ලිපියේ මම කිවුවා. අපිට මේ ImageShack වෙත පිංතූර පටවන්නට ක්‍රම කිහිපයක් තියනවා. එයින් එකක් තමයි එහි වෙබ් අතුරුමුහුණතටම ගිහින් පිංතූර පටවන එක. නමුත්…
-
ලිනක්ස් සඳහා Google Desktop.
Google Desktop කියන්නේ අපේ පරිගණක වල තිබෙන ගොනු සහ මෘදුකාංග හොයන්න පුළුවන් වෙන විදියට Google විසින් සකස් කරපු, වෙබ් ගවේෂකය සහ සාමාන්‍ය ඩෙස්ක්ටොපය යන මාර්ග දෙකම භාවිතයෙන් ක්‍රියාත්මක වන මෘදුකාංගයක්. මෙහි භාවිතා වන ක්‍රමවේදය සාමාන්‍ය Google වෙබ් සෙවුම් යන්‍ත්‍රයේ ක්‍රියාකාරීත්‍වයට ආසන්නද කියන එක නම් මම දන්නේ නැහැ, නමුත් මම මේ ලිපිය ලියන්න හිතුවේ Google Desktop…
-
Google Docs වල සමීකරණ ලියමු.
මේ මෑතක් වෙනකම් Google Docs වල සංකීර්ණ ගණිත සූත්‍ර ලිවීමේ හැකියාවක් තිබුනේ නැහැ. නමුත්, පහුගිය දිනක Google විසින් මේ හැකියාව Google Docs වෙත එක් කොට තිබුනා.