Google සමාගමෙන් හඳුන්වලා දීපු නවතම සේවාව තමයි Google Buzz. ශ්‍රී ලංකා වේලාවෙන් අද (10) අලුයම පටන් සේවාව දියත් කෙරුනා. පියවරෙන් පියවර තමන්ගේ සියළුම පරිශීලකයන් වෙත මෙම සේවාව සක්‍රීය කිරීමට Google සමාගම බලාපොරොත්තු වෙනවා.
Google සමාගමෙන් මීට කලින් හඳුන්වලා දුන් Google Wave සේවාව තරම්ම Google Buzz වෙත දියත් කිරීමට ප්‍රථම ප්‍රචාරයක් හිමි නොවුනත්, දැනටම ලොව වටා Google පරිහීලකයින් මේ සේවාව තමන් වෙත සක්‍රීය වන තුරු ඇඟිලි ගනිමින් සිටින බව Mashable වැනි social media අඩවි වෙත ලැබෙන පාඨක ප්‍රතිචාර වලින් පැහැදිළි වෙනවා.
ඒ අතරේ අපිත් මේ Google Buzz කියන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලමු.
අපි සරලව පටන් ගමු. Google Buzz කියන්නේ මාර්ගගත සමාජයීය අන්තර්ගත හුවමාරු සේවාවක්, තේරෙන විදියට කීවොත් online social content sharing service එකක්.
එහෙම කියනවාත් සමගම ඔබට මතු වන ගැටළුව තමයි “ඇයි දැනටම මේ වගේ ඕන තරම් සේවා තියෙන්නේ?” කියන එක. ඔවු ඇත්ත, දැනටම මේ වගේ සේවා රාශියක් තියනවා. Facebook, Twitter, Digg වගේ මේ සේවා ගණනාවක නම් කියන්න පුළුවන්. එතකොට ඇයි Google සමාගම මේ ක්‍ෂේත්‍රයට ආවේ? පිළිතුර සරලයි, Google ට ඕනේ හැකි තරම් අපේ මාර්ගගත ක්‍රියාකාරකම් සමග සම්බන්ධ වෙන්න. ඇත්තම කීවොත්, දැන් වෙබ් අවකාශයේ Google ඒකාධිපති වාදයක් ගොඩ නැගිලා කියන එක පිළිගන්න අපිට සිද්ධ වෙනවා. නමුත් Google විසින් අපිට හිතාගන්නවත් බැරි තරම් සේවාවක් දෙන නිසා කවුරුවත් ඒ ඒකාධිපතිත්වයට එරෙහි වෙන්න තියා හිතන්නේත් නැහැ, අනිත් අතට Google ගේ තරගකරුවන් විසින් Google තරම් ප්‍රයෝජනවත් නව නිෂ්පාදන ඉදිරිපත් වෙන්නේත් නැහැ.
මොකක්ද මේ Google Buzz පාවිච්චියෙන් අපිට තියන වාසිය? මෙය විවර වන්නේ දැනටම Google හරහා අපිත් සමග නිතර නිතර සම්බන්‍ධකම් පවත්වන අපේ මිතුරන් අතරෙයි. ඒ නිසා පුද්ගලිකත්වය මේ තුළ හොඳින් ආරක්‍ෂා වෙන බවයි Google සමාගම කියන්නේ.
පහත දැක්වෙන්නේ Google වෙතින් නිකුත් කළ නිල Google Buzz හඳුන්වාදීමේ වීඩියෝව:
[youtube=http://www.youtube.com/watch?v=yi50KlsCBio&hl=en_US&fs=1&rel=0]
මෙන්න මෙවායි ඔවුන් ඒ වීඩියෝවේ කියන්නේ:
“අපිට සිත්ගන්නා දෙයක් හමු වුනාම අපි බොහෝ දෙනෙක් කරන ප්‍රථම දේ තමයි ඒක බෙදාහදාගැනීම. මෙවන් බෙදා හදා ගැනීම් ගණනාවක් මාර්ගගතව සිදු වෙනවා. Google Buzz කියන්නේ නව තොරතුරු, ඡායාරූප, වීඩියෝ සහ තවත් දේවල් බෙදාහදාගන්නට සහ ඒවා පිළිබඳව සාකච්ඡා කරන්නට තිබෙන අලුත්ම මාර්ගයක්.
එය GMail තුළටම අන්තර්ගත කරලායි නිර්මාණය කොට තිබෙන්නේ. ඔබේ GMail ටැබයන් වෙත අලුතින් එකතුවන “Buzz” නම් ටැබය තුලින් මෙය ඔබ වෙත ඒවි. අමුතුවෙන් පිළියෙල කරන්න දෙයක් නෑ, GMail හරහා නිතර නිතර ගනු දෙනු කරන ඔබේ මිතුරන් ස්‍වයංක්‍රීයවම ඔබේ Google Buzz ලයිස්තුවට එකතු වෙලා තිබෙනවා. ඔබට මුලු ලෝකය සමගම පොදුවේ බෙදාහදාගැනීම් කරන්න පුළුවන්, එහෙමත් නැත්නම් පෞද්ගලිකව ඔබේ මිතුරු සමූහයා අතරේ පමණක් බෙදාහදාගැනීම් කරන්න පුළුවන්.
Buzz සාමාන්‍ය status message එකකට වඩා එහා යනවා. එයට ස්‍වයංක්‍රීයවම සබැඳි වලින් පිංතූර ලබා ගන්නට, වීඩියෝ පළ කරන්නට, පිංතූර සමූහයක් ඇල්බමයක් ලෙස නරඹන්නට හැකියාව තිබෙනවා. ඔබ භාවිතා කරනා Picasa, Flickr, Google Reader, Twitter වැනි වෙනත් අඩවි මේ වෙත සම්බන්ධ කරන්නත් පුළුවන්. එතකොට ඔබ වෙබ් අවකාශයේ මොකද කරන්නේ කියලා ඔබේ මිතුරන්ට එකම තැනකදී දැනගන්නට හම්බ වෙනවා.
ඉතාම වැදගත් දේ ඔබට දැකගන්නට ලැබෙන බවට Buzz සහතික වෙනවා. මේ හුවමාරුකරගැනීමේ වැදගත්ම දේ තමයි ඔබේ මිතුරන්ගේ ප්‍රතිචාර ඔබ බෙදාහදාගන්නා දේ වෙත ලැබීම. ඔබට ලැබෙන ප්‍රතිචාර මග නොහැරෙන බව තහවුරු කරන්නට නව ප්‍රතිචාර ඔබේ GMail inbox එකටම එනවා. ඔබට එතැනදීම ඒවාට පිළිතුරු දෙන්නත් පුළුවන්.
යම් බෙදාහදාගැනීමක් යම් මිතුරෙකු අනිවාර්යයෙන්ම දකින බවට ඔබට තහවරු වෙන්න ඕනෑ නම්, ඔබට පුළුවන් “@ Reply” එකකින් ඒක අදාළ මිතුරා වෙතම යවන්න. උදාහරණයක් විදියට ඔබේ මිතුරාගේ ඊමේල් ලිපිනය “user@gmail.com” නම්, “@user@gmail.com” මගින් ඔබේ බෙදාහදාගැනුම හෝ ප්‍රතිචාරය මිතුරා වෙතම යවන්න පුළුවන්.
ඇතැම් විට ඔබට ඔබ ඍජුවම follow නොකරන භාවිතා කරුවන් වෙතින් එන “Recommended Buzz” දැකගන්නට ලැබේවි. ඒ සිද්ධ වෙන්නේ ඔබේ මිතුරන් Recommend කරන හෝ ඔවුන් අතර ජනප්‍රිය Buzzes, Google Buzz විසින් ඔබට මග නොහැරෙන පිණිස ඔබ වෙත ඉදිරිපත් කිරීමයි.
Google Buzz ඔබේ දුරකතනය සමගත් වැඩ කරනවා. එම නිසා ඔබේ අසලින් සිටින අය මොනවා ගැනද Buzz කරන්නේ කියන එක ගැන ඔබට දැනගන්න පුළුවන්. ඔබ ඇත්ත ලෝකයේ ඉන්නකොට, ඔබට සමහර විට ඕනෑ වෙනවා ඔබ කොතැනද ඉන්නේ කියන එක කියන්න ඕනෑ වෙනවා. Buzz මේ කටයුත්තත් පහසු කරනවා.
දැන්ම Buzz අත්දැකගන්න GMail වල ඇති Buzz සබැඳිය ක්ලික් කරන්න, නැතිනම් වැඩිදුර තොරතුරු දැනගන්න http://buzz.google.com වෙත යන්න.”
දැනටත් මගේ Social Circle එකේ ඉන්න සමහරුන්ට Google Buzz සක්‍රීය වෙලා කියලා Tweet කරනවා දැක්කා. මට නම් තාම නෑ. බලමු ආවට පස්සේ මේකෙ කියන කරම් ගතියක් තියේද කියලා.
[Updated : 2010.02.10 08.00PM]
අද හවස පංති ගිහින් ඇවිත් බලනකොට මටත් Google Buzz සක්‍රීය වෙලා. වැඩේ හොඳයි වගේ. නමුත් මට හිතුනා මේක GMail ඇතුලේ නැතිව වෙනමම සේවාවක් වගේ පැවැත්වුනා නම් හොඳයි කියලා. ඔයාල මොකද ඒ ගැන හිතන්නේ?
Google Buzz සේවාව GMail තුලින් මිදී වෙනම සේවාවක් ලෙස ස්ථාපිත විය යුතුද?(polling)
[/Update]
13 responses to “Google Buzz”
එළ, මාත් මේ එනකං තමයි බලාගෙන ඉන්නෙ. බලමු ටුවිටරෙට ගහන්න පුළුවන් වෙයිද කියල.
අයියා ගොඩක් අන්තර්ජාලයේ පුවත් දන්නවා. නියමයි. මේ සේවාව ගැන අපිව දැනුවත් කළාට අයියාට ගොඩක් ස්තූතියි 🙂
[…] මේ Google Buzz කියන්නේ කියලා දැනගන්න නම් සුපුන් බුධාජීව ලියු මේ ලිපිය කියවන එක හොඳයි. මගේ ලිපියේ අරමුණ Buzz අපට […]
[…] මේ Google Buzz කියන්නේ කියලා දැනගන්න නම් සුපුන් බුධාජීව ලියු මේ ලිපිය කියවන එක හොඳයි. මගේ ලිපියේ අරමුණ Buzz අපට […]
දැනටනම් මේක ට්විටර් සහ ෆේස් බුක් අතරමැද අවස්ථාවක් වගේ. බලමුකෝ මේක ඉස්සරහට කොහොමද සංවර්ධනය වෙන්නේ කියල.
අයියා Google Buzz තාම Google Apps Email වලට Activate වෙලා නෑ නේද?
@තමීර: මම හිතන්නෙ නෑ මේකට පුළුවං වෙයි කියලා Twitterවලට ගහන්න. Twitterවලට ගහන්න මේක සංකීර්ණ වැඩියි.
@සිතිජ සහන් හසාර හේවාගමගේ: 🙂
@Google Buzz අන්තිමේ ඇණයක් වෙයිද? | ඉන්ද්‍රනාම ගේ සයිබර් සිතුවිලි – Pravin Indranama's Blog: කස්ටියම ඔය ලිපියට ගිහින් Google Buzz සිරාවටම ඇණයක් වෙයිද කියන එක ගැන ප්‍රවීන් ඉන්‍ද්‍රනාම ලියපු ලිපිය කියවන්න.
@දසයා: ට්‍විටර්වලට වඩා සංකීර්ණයි ෆේස්බුක් තරම් වැඩ නැහැ, ඔවු අතරමැදි අවස්ථාවක් තමයි. අපි බලමු මොකද වෙන්නෙ කියලා, මොකද සර්ජි බ්‍රින් පවා කීව මේක මේ අවසන් නිෂ්පාදනයක් නෙවෙයි කියලා.
@සිතිජ සහන් හසාර හේවාගමගේ: Google Apps වලට හැම සේවාවම සක්‍රීය කරන්නෙ නෑ මල්ලි.
@budhajeewa: ෂික්. පහුවෙලාවත් ඒක ක්‍රියාත්මක කරයි නේ 🙂
@සිතිජ සහන් හසාර හේවාගමගේ: මම හිතන්නෙ නෑ, මේක මේ සාමාන්‍ය Google සේවාවකට වඩා සමාජ ජාල සේවාවක් නේ. ඉතින් ඒක Google Apps වලට ලබා දීමේ පදනමක් නැහැ.
මොකක් වෙනත් මචං මේකයි ජිමේල් ඒකයි ඒකට පටලවා ගත්ත ඒකයි සීන් ඒක.
[…] ලියල තියෙනවා මම දැක්කා. එකක් තමයි බුධාජීවගේ ලියමනෙන් Google Buzz හඳුන්වා දීමට පළකර ලිපියක්. අනෙක […]
අදනේ බං දැක්කේ Buzz.. කරකෝල අතෑරියා වගෙයි.
ලිපියෙන් තමයි අදාසක් ගත්තේ, තැන්කූ වේවා!
@~බිன்ku~: සිරාවටම, මේක GMail අස්සෙ ඔබන්නෙ නැතිව තිබ්බානං වඩා හොඳයි.
@දර්ශන: වෙල්කම් වේවා! 🙂