“Infortec International” – තවත් හොරිකඩ අධ්‍යාපන හොර කඩයක්!


අම්මාගේ අභාවයෙන් පසු තාත්තාත් මමත් දැන් ජීවත් වන්නේ තාත්තාගේ මවගේ නිවසේය. එයට හේතුව සතියේ දින පහ මා රැකියාව කරන ස්ථානයේ නැවතී සිටීම නිසා තාත්තාට එම දින පහ තනිවම ගෙදර සිටීමට සිදුවන නිසාත්, වයෝවෘද්ධව පසුවන තාත්තගේ අම්මා බලාගැනීම ඇයගේ නිවසේ සිටිත්දී තාත්තාට කළ හැකි වන නිසාත්ය. එම හේතුව නිසා අපේ නිවස දැන් කලක පටන් ඇත්තේ වසා දමා ය.

අපගේ නිවසට පැමිණෙන ලියුම් ආදිය බාරගැනීම පවරා ඇත්තේ අසල්වැසි නිවසකටය. තැපෑලෙන් පැමිණෙන්නේ බිල් පමණක් නිසා එය ඔවුන්ටද, අපටද, ලියුම් බෙදන්නාටද පහසුවකි. ලියුම් බෙදන්නාව තාත්තා සහ අසල්වැසි නිවැසියන් හොඳින් අඳුරන නිසාද කිසිදු ගැටළුවක් පැණ නොනැගේ.

අද දින ඒ අසල්වැසි නිවසේ අංකල් තාත්තාට කතා කොට කීවේ “පුතාගේ නමට හදිසි ලියුමක් ලැබී ඇති” බවත්, ඉක්මනින් පැමිණ එය ගෙන යන ලෙසත් ය. උදෑසනද එ නිවසට ගොස් ලැබී තිබූ ලියුම් කිහිපයක් ගෙන විත් තිබුනද, ඇද හැළෙන්නට සූදානම් වන වැස්සක පෙර නිමිත මැදද මට නැවත එහි යාමට මට සිදු වුනේ එකී ලියුම “හදිසි” ලියුමක් බව සඳහන් කරන්නට යෙදුනු නිසයි.

මා එහි ගිය විගස මා අතට දෙන ලද ලියුමෙහි “විභාග ප්‍රවේශපත්‍රය” යැයි සඳහන් වීමෙන් මා පුදුමයට පත් වූයේ 2011 දී උසස් පෙළ අසමත් වීමෙන් පසු කිසිදු විභාගයක් සඳහා මා විසින් අයදුම් පත් යොමු කොට නොතිබුනු නිසයි! ඉන් අනතුරුවයි මා ලියුම් කවරයෙහි වූ ඉතිරි සංඥා රූප අවධානයට ගත්තේ: “Infortec International”, “BCS, ICDL, BIT”. ලියුම යොමු කරපු තැනැත්තාගේ මෑණියන්ට වතුර ලැබෙන්ට! වැස්සක පෙර නිමිති මධ්‍යයේ, වැස්සට හසුවීමේ බියෙන් වෙදනා මා ධාවනය කරන වේගය මෙන් දෙගුණයක වේගයෙන් මා පැමිණ ඇත්තේ සුනඛි පුත්‍රයෙකුගේ ස්පෑම් එකක් බලන්නයි!

ලියුම කඩා බැලූ පසුය තවත් විහිළු එළි වන්නට පටන් ගත්තේ. එතුළ ෆුල් සීරියස්ලි මුද්‍රණය කරන ලද “විභාග ප්‍රවේශ පත්‍ර”යක්, “නොමිලේ ලැප්ටොප් පරිගණකයක්” ලබාගැනීම සඳහා වන කූපනයක්, “මාස 6ක්ම පැය 24ම ඉංග්‍රීසියෙන් ජීවත්වීම” සඳහා වන කූපනයක්, හා ටැබ්ලොයිඩ් ප්‍රමාණයට මදක් කුඩා “රසවත්” කතා සපිරි පත්තර පුංචක් අඩංගු විය.

නැවත එන ගමනේදී මා හට සිදු වූයේ ධාරානිපාත වර්ෂාවෙන් බේරීම සඳහා තැන් පස් හයකම නැවති නැවතී එන්නටය!

මට ඇති එක් ගැටළුවක් නම්, ලියුම් කවරයක ඉදිරියේ “විභාග ප්‍රවේශපත්‍රය” වැනි ඕනෑම ලේබලයක් ගසා ලියුම් යවන්නට තැපැල් දෙපාර්තමේන්තුව ඉඩ දෙනවාද? මෙම ස්පෑමය එවා තිබුනේ ලියාපදිංචි තැපෑලේය. මෙවන් හොරිකඩ “අධ්‍යාපන” හොර කඩ “රාජ්‍ය සේවය පිනිසයි” යනුවෙන් ලියුම් එවන්නට පටන් ගන්නට තව කොතෙක් කල් ගත වේ ද?

අනෙක් ගැටළුව නම්, ජනතාවගේ ලිපිනයන් වැනි පෞද්ගලික තොරතුරු ලබාගන්නා රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන විසින් එම තොරතුරු තුන්වැනි පාර්ශව වලට විකිණීමට එරෙහිව තවමත් නීති සම්පාදනය වී නැත්ද?

මෙන්න පින්තූර:











9 responses to ““Infortec International” – තවත් හොරිකඩ අධ්‍යාපන හොර කඩයක්!”

  1. සිසු සිසුවියන්ගේ අදහස්!
    මට මතකයි අවුරුදු හයකට විතර ඉස්සර IJTS ජාවා හොරකඩකාරයෝ කැම්පස් එකේ මගේ යාළුවො කීපදෙනෙකුගෙ පිංතූර අනවසරයෙන් අරගෙන උන්ගෙ ටෙස්ටිමෝනියල් කියල බොරු හෑලි ටිකක් ලියල ඔය වගේම ප්‍රසිද්ධ කළා. ඉන්ෆෝර්ටෙක් එකත් ඒකමද දන්නෑ කරන්නෙ.

    • අනිවා, මේකත් හොරිකඩයක් තමා! කරන මාකටින් මෙතඩ් එකෙංම කියතහැකි මුංගෙ වරුණේ!

  2. මාත් ඔය ලබිබට ගියා බං කාලයක් කිසි වම සැලැස්මක් නැති පංති කුමයක් එක එක එකා එක එක වෙලාවට පන්ති මාරැ කරණව දුර ඉදන් එන ලමයි අනාත වෙනව මාත් කිලෝමිටර් 90 විරතර දුර ඉදන් ඔකට ගියේ උගන්නන්නෙ ආචාර්ණ මහචාරණ වරැ කියල ලොරි ටෝක් උන් දෙන්නෙ එකේ උගන්නන එවුන්ට වඩා දේවල් දැන් ඉන්න A/L කොල්ලෝ දන්නව ඔක හින්ද මම රැපියල් 20000 විතර නැති කරගන්න

    • ඔය එළි වෙන්නේ. මේ වගේ තුට්ටු දෙකේ ප්‍රචාරණ ක්‍රම යොදාගන්නෙ නෑ හරිහමං වැදගත් ආයතන. තනිකර scam එකක්.

    • හරියටම කියන්න බෑ. ඉස්කෝලෙං, ටියුෂං කඩේකිං වෙන්න පුළුවන්. මීට කලිනුත් ස්පෑම් ඇවිත් තියනවා, ඒත් මේ වගේ තුච්ඡ වැඩකට අහු උනාමයි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *