IPL ලිපි පෙළ : ලිපිය 1 : IPL හි ආරම්භය.


මේ වසරේ ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග – කාටත් තේරෙන විදියට කීවොත් IPL – සඳහා තවත් තිබෙන්නේ මාස එක හමාරක පමන කාලයක්. IPL හි රසිකයෙක් විදියට ඒ ගැන යම් ලිවීමක් කරන එක හොඳයි කියලා මට හිතුනා.

IPL ලිපි පෙළ.
පෙර: | පසු:
නැත. | ලිපිය 2 : IPL ගැන IPL කියන හැටි.

Share

මේ වසරේ පැවැත්වෙන්නේ තුන්වැනි IPL ක්‍රිකට් තරග වාරය හෙවත් IPL 3.0 එහෙම නැත්නම් IPL 2010. පළමු තරගවාරය ඉන්දියාවේත්, දෙවන තරග වාරය දකුණු අප්‍රිකාවේත් පැවැත්වුනා. මේ වසරේ තුන්වැනි තරග වාරය පැවැත්වෙන්නේ ඉන්දියාවේ.

තුන්වැනි තරග වාරය ගැන කතා කරන්නට පෙර මෙහි ආරම්භය ගැන යමක් සඳහන් කරන එක හොඳයි.

IPL පටන් ගත්තේ නම් එකට එක කිරීමක් විදියට. ඒ ICL තරග වලට එරෙහිව. 2007 වර්ෂයේ ICL එහෙමත් නැත්නම් Indian Cricket League (වෙබ් අඩවිය, ඉංග්‍රිසි විකිපිඩියා ලිපිය) තරගාවලිය පටන් ගත්තේ ඉන්දියාවේ මාධ්‍ය ජාලයක් වන, Essel Group වෙත අයත්, Zee TV විසින්. ICL කියන්නේත් T20 ක්‍රිකට් තරගාවලියක්. ඒ සඳහා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩා සමාජ කණ්ඩායම් වෙනමත්, ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් වෙනමත් තරග කළා. ඉන්දීය ක්‍රිකට් සමාජ කණ්ඩායම් වලත් විදේශිකයෝ හිටියා. ඒ නිසා බැලූ බැල්මටම මේ තරගාවලියේ විදේශ ක්‍රීකකයන්ගේ සහභාගීත්වය ඉතාම වැඩියි. 2008 වසරේ පැවැත්වුනු තරගාවලිය සඳහා ඉන්දීය ක්‍රීඩා සමාජ කණ්ඩායම් 9කුත් ජාත්‍යන්තර කණ්ඩායම් 4කුත් සහභාගී වුනා.

ඉන්දීය ක්‍රීඩා සමාජ කණ්ඩායම් 9:


Mumbai Champs
(වෙබ් අඩවිය, ඉංග්‍රිසි විකිපිඩියා ලිපිය)

Chennai Super Stars
(වෙබ් අඩවිය, ඉංග්‍රිසි විකිපිඩියා ලිපිය)

Chandigarh Lions
(වෙබ් අඩවිය, ඉංග්‍රිසි විකිපිඩියා ලිපිය)

Hyderabad Heros
(වෙබ් අඩවිය, ඉංග්‍රිසි විකිපිඩියා ලිපිය)

Royal Bengal Tigers
(වෙබ් අඩවිය, ඉංග්‍රිසි විකිපිඩියා ලිපිය)

Delhi Giants
(වෙබ් අඩවිය, ඉංග්‍රිසි විකිපිඩියා ලිපිය)

Ahmedabad Rockets
(වෙබ් අඩවිය, ඉංග්‍රිසි විකිපිඩියා ලිපිය)

Lahore Badshahs
(වෙබ් අඩවිය, ඉංග්‍රිසි විකිපිඩියා ලිපිය)

Dhaka Warriors
(වෙබ් අඩවිය, ඉංග්‍රිසි විකිපිඩියා ලිපිය)

ජාත්‍යන්තර කණ්ඩායම් 4:

  • The World (සම්පූර්ණයෙන්ම විදේශික ක්‍රිඩකයන්ගෙන් සැදුනු කණ්ඩායමක්.)
  • ඉන්දියාව
  • පකිස්ථානය
  • බංග්ලාදේශය

ඔවුන්ගේ අරමුණ වුනේ ක්‍රිකට් ක්‍රිඩාවේ නවකයන්ට යම් පිළිගැනීමක් ලබා දීමයි (ඕනෑවටත් වඩා වැඩි විදේශීය ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය නිසා අරමුණ සාක්‍ෂාත් කරගන්න ඔවුන්ට හැකි වුනාද කියන එක සැක සහිතයි.). නමුත් පෞද්ගලික ආයතනයක් මගින් පවත්වාගෙන යාම නිසා “පෞද්ගලික ක්‍රිකට් තරගාවලියක්” ලෙස හැඳින්වීමට භාජනය වූ මෙය වෙත නිළ පිළිගැනීමක් ලබා දෙන්නට BCCI එහෙමත් නැත්නම් Board of Control for Cricket in India (වෙබ් අඩවිය, ඉංග්‍රීසි විකිපිඩියා ලිපිය) සූදානම් වුනේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ICL වෙත ප්‍රතිරෝධයක් දැක්වූවා. ඒ අනුව යමින් ඒ ඒ රටවල ක්‍රිකට් අධිකාරිය විසින් තමන්ගේ රටින් ICL වෙත සහභාගී වූ ක්‍රීඩකයන්ට යම් යම් වාරණ පැනවූවා. ශ්‍රී ලංකාවෙන් මාවන් අතපත්තු සහ රසල් ආනල්ඩ් ICL වෙත සහභාගී වී තිබෙනවා.

නමුත් BCCI එකට තේරුනා Zee TV විසින් ක්‍රියාත්මක කරන ලද අදහස ඉතාම වටිනා එකක් කියලා.

ඒවන විට සාමාන්‍යයෙන් ජාත්‍යන්තර තලයේ අවධානයට බඳුන් වන තරග පැවැත්වුනේ එක් එක් රටවල් නියෝජනය කරන ක්‍රිකට් කණ්ඩායම් අතරේ පමණයි. ක්‍රීඩා සමාජ අතරේ පැවැත්වෙන තරග සඳහා ජාත්‍යන්තර තලයේ අවධානය එතරම් යොමු වුනේ නැහැ.

මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් BCCI එක Indian Premier League තරගාවලිය නිර්මාණය කළා. පළමු IPL එක පැවැත්වුනේ 2008 වසරේ.

මේ තියෙන්නේ එහි සමාරම්භක උළෙලේ වීඩියෝවක්.

මේ එහිම රසිකයෙක් විසින් පටිගත කරන ලද්දක්:

සමාරම්භක උළේලේ ගිණිකෙළිවලට වැඩියෙන් ගින්දර විසිවෙන ක්‍රිකට් ක්‍රීඩා ප්‍රභේදයක් නේ T2o කියන්නේ. මේ තරගාවලිය ක්‍ෂණිකව ඉමහත් ජනප්‍රියත්වයක් ලැබුවා.

IPL කියන්නේ ඉතා විශාල මුදල් ප්‍රමාණ එහා මෙහා වෙන අවස්ථාවක්. ඒ ඒ කණ්ඩායම් වලට අලුත් ක්‍රීඩකයන් ලබාගැනීමට පවත්වන IPL Auction එකේ සිට අවසන් දිනය දක්වාම එහා මෙහා යන මුදල් ප්‍රමාණය ගැන හිතාගන්නත් බැරි තරම්. ඇතමුන් මේ තරගාවලිය විවේචනය කරන්නත් එය පාදක කරගන්නවා. මම නම් කියන්නේ ප්‍රේක්‍ෂකයන්ට ගින්දර වගේ ක්‍රීඩාවක් නරඹන්න අවස්ථාව දෙන, ක්‍රීඩකයන්ට තමන්ගේ දක්‍ෂතාවයට නිසි ගෙවීමක් කරන, තමන්ගේ උපරිමයට යන්න ක්‍රීඩකයන් උනන්දු කරන තරගාවලියක් ඇතුලේ මොන විදියට සල්ලි විසි උනාම අපිට මොකද?

ක්‍රීඩකයන්ගේ උපරිමය ගැන කතා කරනකොට මතක් වුනේ, අපේ ප්‍රහාරාත්මක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් විසින් නිර්මාණය කළ ඩිල්ස්කූප් ස්ට්‍රෝක් එක නිර්මාණය කරන්නත් මේ තරගාවලිය හේතු වෙලා තියනවා. ඒ 2009 දකුණු අප්‍රිකාවේදී පැවති තරගාවලියේදී. (මූලාශ්‍ර: ඩිල්ස්කූප් ගැන විකිපිඩියා පිටුව) ඉතින් තව කවර කතාද?


7 responses to “IPL ලිපි පෙළ : ලිපිය 1 : IPL හි ආරම්භය.”

  1. බලාගෙන යනකොට බුධා අයියාට කම්පීටර් පිස්සුව(මටත් ඒකනේ වෙලා තියෙන්නේ 😀 ) වගේම ක්‍රිකට් පිස්සුවත් ගහල වගේ. හරි හරි ඔහොම යං. මම නම් ක්‍රිකට් ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. ටී වි එකේ දාලා තිබුනොත් බලනවා. හැබැයි T20 ක්‍රිකට් මැච් නම් මම බලනවා. මේ ලිපිය ක්‍රිකට් මැච් ගැන සොයන අයට ෂුවර් එකටම ගොඩක් වැදගත් වෙයි. තව ක්‍රිකට් මැච් ගැන ලිපි දාන්න මම සුබපතනවා. එළ (y)

  2. @budhajeewa: එක් දින තරඟ බලන්න මට නම් මල කම්මැලියි ඒව බලනවට වැඩිය හොඳයි කොල්ලො හතර පස් දෙනෙක් අල්ලගෙන මැච් එකක් ගහන එක 😀
    අනාගත ලෝකයේ ඉන්න මිනිස්සුන්ගේ කාර්ය බහුලත්වයත් එක්ක ක්‍රිකට් මැච් බලන්න තියන කාලය ගොඩක් අඩු වෙයි ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානිය (ප්‍රේක්ෂකයින් අඩු වීම) වැලැක්වීමේ අරමුනින් තමා T20 මැච් නිර්මාණය කරලා තියෙන්නේ (මගේ අදහස)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *