-
තක්‍ෂිලාවේ ගමන් කරන දුම්රිය වේදිකාව
ගෙදර කස්ටියම පහුගිය බ්‍රහස්පතින්දා (30) පොඩි වැඩකට කොළඹ ගොහිල්ලා නතර උනේ පානදුරේ අපේ බාප්පලැයි ගෙදර. පහු වෙනිදාම ආපහු එන්න ලෑස්ති උනත් එහේ කස්ටියගෙං කරදරේ සිකුරාදත් එහේ ඉඳලා සෙනසුරාදම ආපහු යන්ටෙයි කියලා. ඉතිං ඔන්න ඔහේ අපිත් නැවතුනා. එනිවේ, අපේ බාප්පගෙ පුතණ්ඩියා හෙවත් මගේ මලයාලැයි ඉස්කෝලෙ – ඒ කියන්නෙ හොරණ තක්‍ෂිලාවෙ – ඒ දවස්ටිකේ පොඩි ප්‍රදර්ශනයක් සංවිධානේ කොරල තියනවැයි කියල මෑන්ස් කීවා. ඕක සංවිධානය කරල තියනවැයි කියන්නේ පහුගිය දවසෙ ඒ ඉස්කෝලෙ පැවැත්තුනු කන්නංගර සමරු උත්සවේට සමගාමීවලු. ඉතිං සිකුරාද දවස ගෙදෙට්ට වෙලා විනාස කොරන්න බැරි නිසා මලයයි මායි ලේස්ති උනා ඔය කියන ප්‍රදර්සනේ බලල එහෙම එන්ට.