-
රාහුල විද්යාලයීය විද්යා දිනය – 2008 | AWAKE 2008
අද අපේ විද්යා දිනේ තිබුනා. මම AL නොවුනත්, ඒකට සමිබන්ධ උනේ ඉස්කෝලේ වෙබ් අඩවි කණ්ඩායමෙන් (Team|RCM Web -The web team of Rahula College) ඒක ආවරණය කළේ කළේ මමයි දුල්ව්නුයි නිසා. මෙන්න මේ ඉස්කෝල වලින් කට්ටිය ඇවිල්ලා හිටියා: සුජාතා විද්යාලය, ශාන්ත තෝමස් උසස් බාලිකා විද්යාලය, ශාන්ත මරියා කන්යාරාමය, මාතර මහා විද්යාලය, ශාන්ත තෝමස් විද්යාලය, ශාන්ත ශර්වේෂස් විද්යාලය මාර සංවිධානාත්මක බවක් තිබුණා මුළු වැඩසටහනේම. වැඩැසටහනේ සියළුම අංග අතර එකින් එකට සම්බන්ධ කමක් ඇති වෙන විදියට තමයි හදලා තිබුණේ. විදේශික professor කෙනෙක්ගෙ හා ලංකාවෙ මහාචාර්ය වරයෙකුගේ චරිත දෙකක් තමයි ඉදිරිපත් කිරීම් මෙහෙයවන්නේ. ඒ දෙනො එක් එක් අඩස්ථාවල කතා බහ කරන කාරණා වලින් වැඩසටහන එක් අංගයකින් තවත් එකකට මාරු කෙරුණා. මුළු විද්ය ාදිනයම නාට්යානුසාරයෙන් ඉදිරිපත් කෙරුණා.