-
Google Buzz
Google සමාගමෙන් හඳුන්වලා දීපු නවතම සේවාව තමයි Google Buzz. ශ්‍රී ලංකා වේලාවෙන් අද (10) අලුයම පටන් සේවාව දියත් කෙරුනා. පියවරෙන් පියවර තමන්ගේ සියළුම පරිශීලකයන් වෙත මෙම සේවාව සක්‍රීය කිරීමට Google සමාගම බලාපොරොත්තු වෙනවා. Google සමාගමෙන් මීට කලින් හඳුන්වලා දුන් Google Wave සේවාව තරම්ම Google Buzz වෙත දියත් කිරීමට ප්‍රථම ප්‍රචාරයක් හිමි නොවුනත්, දැනටම ලොව වටා Google පරිහීලකයින් මේ සේවාව තමන් වෙත සක්‍රීය වන තුරු ඇඟිලි ගනිමින් සිටින බව Mashable වැනි social media අඩවි වෙත ලැබෙන පාඨක ප්‍රතිචාර වලින් පැහැදිළි වෙනවා. ඒ අතරේ අපිත් මේ Google Buzz කියන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලමු.