ImageShack කියන්නේ අපේ පින්තූර වෙබයේ ගබඩා කරන්න හැකියාව ලබා දෙන අඩවියක්. ඒ වගේම එහි ටොරන්ට් බාන්නට සහය දක්වන අංශයකුත් තියනව කියල මම කලිං ලියපු “ImageShack සමග ඉක්මනින් පහසුවෙන් torrents බාමු !” නම් ලිපියේ මම කිවුවා. අපිට මේ ImageShack වෙත පිංතූර පටවන්නට ක්‍රම කිහිපයක් තියනවා. එයින් එකක් තමයි එහි වෙබ් අතුරුමුහුණතටම ගිහින් පිංතූර පටවන එක. නමුත් පටවන්නට තියන පිංතූර ගණන වැඩි නම්, ගොනු විශාලත්වය වැඩි නම් එහෙම කරන එක ගොඩක් අපහසුයි. ඒ නිසා ImageShack වෙතින් හඳුන්වලාදීලා තියනවා “ImageShack Uploader” කියලා පොඩි මෘදුකාංගයක්.
මේ ලියනම මම නම් කවදාවත් පරිගණකයට ඍජුව ටොරන්‍ටයක් බාල නෑ. නමුත් මගේ යාළුවො කියපු විදියට, කෙලින්ම පරිගණකයට ටොරන්‍ටයක් බානව කියන්නෙ කාලෙ කන වැඩක්. චිත්‍රපටියක් වගේ දෙයක් බාන්න ගියාටම දවසක් උනත් ගතවෙන්න පුළුවන් ලු සම්පූර්ණයෙන් බාල ඉවර කරන්න.