-
ඔබේ Facebook ගිණුමට අනවසරයෙන් ඇතුලුවීම් පිළිබඳ අනතුරු ඇඟවීම් ලබාගමු!
නොදන්නා පරිගණකයකින් ඔබගේ Facebook ගිණුමට ඇතුලුවීමක් සිදුවූ විට SMS පණිවුඩ හෝ ඊමේල් මගින් ඔබව ඒ පිළිබඳව දැනුවත් කරනා ආවුදයක් පිළිබඳව Facebook වෙතින් මේ දැන් නිවේදනයක් නිකුත් කෙරිනි. මෙහි ප්‍රයෝජනය වන්නේ යමෙකු ඔබගේ Facebook ගිණුමට අනවසරයෙන් ඇතුලුවී ඇති විටක – හැකියාවක් ඇත්නම් – මුරපදය වෙනස් කිරීමට හෝ ඒ සම්බන්‍ධව Facebook සම්බන්‍ධ කරගැනීමට අවස්ථාව සලසා දීමයි.