-
තක්‍ෂිලාවේ ගමන් කරන දුම්රිය වේදිකාව
ගෙදර කස්ටියම පහුගිය බ්‍රහස්පතින්දා (30) පොඩි වැඩකට කොළඹ ගොහිල්ලා නතර උනේ පානදුරේ අපේ බාප්පලැයි ගෙදර. පහු වෙනිදාම ආපහු එන්න ලෑස්ති උනත් එහේ කස්ටියගෙං කරදරේ සිකුරාදත් එහේ ඉඳලා සෙනසුරාදම ආපහු යන්ටෙයි කියලා. ඉතිං ඔන්න ඔහේ අපිත් නැවතුනා. එනිවේ, අපේ බාප්පගෙ පුතණ්ඩියා හෙවත් මගේ මලයාලැයි ඉස්කෝලෙ – ඒ කියන්නෙ හොරණ තක්‍ෂිලාවෙ – ඒ දවස්ටිකේ පොඩි ප්‍රදර්ශනයක් සංවිධානේ කොරල තියනවැයි කියල මෑන්ස් කීවා. ඕක සංවිධානය කරල තියනවැයි කියන්නේ පහුගිය දවසෙ ඒ ඉස්කෝලෙ පැවැත්තුනු කන්නංගර සමරු උත්සවේට සමගාමීවලු. ඉතිං සිකුරාද දවස ගෙදෙට්ට වෙලා විනාස කොරන්න බැරි නිසා මලයයි මායි ලේස්ති උනා ඔය කියන ප්‍රදර්සනේ බලල එහෙම එන්ට.
-
අන්තර්ජාල ජීවිතය නිරූපණය කරන කැඩපතක් විය යුතු OpenID.
OpenID යනු විවිධ වෙබ් අඩවි වල පරිශීලක ගිණුම් සඳහා ලියාපදිංචි වීමේදී ඒ සෑම අඩවියක් සඳහාම තමන්ගේ නම, ඊමේල් ලිපිනය, උපන්දිනය ආදිය සඳහන් කිරීමට නොවෙහෙසී, එම සියලු දත්ත එක් ස්ථානයක තැන්පත් කොට, යම් අඩවියක් තොරතුරු ඉල්ලා සිටින විට අදාළ තැන්පත් කළ ස්ථානය දක්වා එතැනින් තොරතුරු ලබා ගැනීමට තොරතුරු ඉල්ලා සිටින වෙබ් අඩවියට ඉඩ ලබාදීමට හැකියාව ලබාදෙන සේවාවකි. එනම්, OpenID යනු අන්තර්ජාල භාවිතයේදී අයෙකුගේ හැඳුනුම් පතක් ලෙස ක්‍රියා කරනා දෙයකි.