අපේ සිතිජ සහන් මලයා (hug) එක එක වෙබ් අඩවිය සඳහා එක ගණනේ ඊමේල් එඩ්‍රසස් 8ක් පාවිච්චි කරනවැයි කියලා :O මට මෑන්ම කිවුවා. ඉතිං ඒක ඉවසං ඉන්න බැරි උනු මම ඌට හොඳවයිං හතක් කිවුවා 😉 . පස්සෙ මට හිතුනා ඒ හොඳවයිං හත බ්ලොගේ දැම්මනං නරකද කියලා 8-| . මේ තියෙන්නේ ඒ හොඳවයිං හත. 🙂
Share
- GMail account එක විතරක් පාවිච්චි කරන්න.
- ලියාපදිංචි වෙන හැම වෙබ් සයිට් එකක් සඳහාම ඒක පාවිච්චි කරන්න.
- ඕනම ඊමේල් එකක් කියවල ඉවර උනාම, ඉන් එහාට ඒකෙන් වැඩක් නැත්තං (උදා: Facebook Notifications, Newsletters etc.) ඒ ඊමේල් එක මකල දාන්න.
- යම් ඊමේල් එකක් ළඟදිම නැවත ඕනෑ වෙනවා නං, ඒක inbox එකේම තියෙන්න අරින්න.
- යම් ඊමේල් එකක් පසු කාලිනව නැවත ඕනෑ වෙනවා නං, ඒක archive කරන්න.
- Inbox එකට එන යම් ඊමේල් එකක් spam නම් වහාම spam එකක් බවට report කරන්න.
- Facebook, Google Groups වගේ එකම වෙබ් අඩවියකින් නිතර නිතර ඊමේල් එනවා නං, ෆිල්ටර් එකක් හදලා ඒවා වෙන් කරලා ලේබල් එකක් දෙන්න. අවශ්‍ය නං inbox එකෙන් skip වෙන්න හදන්න.
මෙය සියල්ලන් සඳහා ගැළපෙන්නක් නොව මම ඊමේල් පාවිච්චි කරන හැටිය 😎 . කැමැත්තෝ ගත හැක්කක් ගනිත්වා! Free and Open Ideas! 😀
21 responses to “Use email my way! | මගේ ක්‍රමේට ඊමේල් පාවිච්චි කරන්න!”
නියමයි අපිත් එහෙම තමයි.
මලය හරි. ඔය විදියටම තමා මාත් කරන්නෙ. හැබැයි තව 8 වැනි නීතියකුත් තියෙනවා.
8. තාවකාලිකව, ටැස් කර බැලීමට වගේ වැඩවලට සහ ෂුවර් නැති සයිට්වලට සයිනප් වෙනකොට guerillamail වැනි ඇනොනිමස් තාවකාලික ලිපිනයක් පාවිච්චිකරන්න.
උදා: සින්දුවක් වගේ දෙයක් බාගැනීමට ඒ අඩවියේ රෙජිස්ටර් වීම අත්‍යාවශ්‍ය වන විදියෙ අවස්ථා සඳහා
සිතිජත් පොඩි එකා වගේ ඉඳගෙන ලෝකෙම අල්ලන්න වගේ හදන්නෙ! මේල් ඇඩ්‍රස් 8ක්! :O
@තමීර ඒක ටිකක් කම්මැලි හිතෙන වැඩක්නෙ 😀
@Chathura Nirmal: එළ කිරිස්. තව එකතු වෙන්න ඕනෑ ඒවා තියේද? 🙂
@තමීර: ඔව්, ඒකත් ඇත්ත තමා. සිතිජයා ගැන නං කියල වැඩක් නෑ! 😛
මමත් ඉතින් ඔහොම්ම ම තමයි පාවිච්චි කරන්නේ. ඒත් වෙනසකට තියෙන්නේ මම තව එකවුන්ට් එකක් තමීර කිව්වා තැන් වල රෙජිස්ටර් වෙන්න තියන් ඉන්නවා. 😀
අඩේ ඊමේල් ගිණුම් 8ක් !!!! අපරාදේ තව දෙකයි අඩු 😛
මම නම් පාවිච්චි කරන්නේ ඊමේල් ගිණුම් 3 යි එකක් යාහූ අනිත් දෙකම ජීමේ ඒවා… හ්ම්ම් හැබයි සිතිජ මලයා එහෙම කරන එකෙන් පොඩි වාසියකුත් නැතුව නෙමේ
සිතිජ මලයා වෙබි සයිට් 8කට විතරද යන්නෙ? (chuckle)
මම නම් 1,2,6 දැනට ක්‍රියාත්මක කරල තියෙන්නෙ.
වෙනමම මේල් එකක් හදල Facebook Notifications ටික ඒකට හරවල තියෙන්නෙ. (puke)
අනිත් ඔක්කොම මේල් Gmail එකේ.. (flex)
2005 ඉදල මේ වෙනකං ගිගාබයිට් 4යි තවම පිරිල තියෙන්නෙ. (whew) ඉඩ මදි සීන් එකක් ආවොත් Attachment එක්ක තියෙන මේල් ටික සරිච් කරල Delete කරන්න ඉන්නෙ.. (හැබැයි ඒකටත් තව අවුරුදු 2~3ක් තියෙනවා..) 😉
අඩේ අප්පා මේන්න මූ මටම එවපු චැට් එක Copy ඇන්ඩ් paste කරල. ඔන්න දැන් ඉඳන් මම අයියාගේ පියවරයන් අනුගමනය කරනවා 🙂 ඊයේ මාත් එක්ක චැට් කර නිසා වාසියි නේ 😀
අපි මේල් පාවිච්චි කරන්නේ ඔහොම තමයි.. මට තියෙන්නේ එකම එක මේල් එකයි.. 😉
මම නම් ඊ මේල් ඇඩ්රස් කිහිපයක් භාවිතා කරනවා. විවිධ හේතු නිසා.
ඒත් ඒ හැමඑකක්ම හසුරව්න්නෙ එක gmail account එකකින්.
email filtering, labeling වලට අමතරව, Mail Fetcher භාවිතයෙන් අනිත් accounts හැම එකක්ම මගේ primary email account එකට සම්බන්ධ කරල තියෙන්නෙ. 🙂
Mail Fetcher @ GMail: http://mail.google.com/support/bin/answer.py?answ…
@රොයිලි: ඕකටත් පොඩි ගොඩ වෙදකමක් තියනවා. ඉඩක් ලැබුනොත් ලියන්නං.
@Dar[K]: මටත් GMail වගේම Yahoo!, Hotmail, Lycos සහ තව Google Apps වලින් තැනූ ඒවා කිහිපයක් තියනවා. මුලින් කියපු ඒවා හැදුවේ ඒ සේවා කොහොමද කියල බලන්න. Google Apps ඒවා හැදුවේ හදන්න පුළුවන් නිසා නොහද ඉන්නෙ මොකටද කියලා හිතලා. කොහොම වෙතත්, මම පාවිච්චි කරන්නේ GMail විතරයි.
@Gayantha: 1,2 සහ 6 විතරක් කරල මදි. මම නිතරම ඊමේල් මකන නිසා, මට ඔය තියන 7 GB පිරෙන්න සියවසක් යයි වගේ.
@සිතිජ සහන් හසාර හේවාගමගේ: ඒක නේන්නං! 😛
@Naveen: දාන්න පහක්! තව මම වගේ පොරක්! 😀
@කසුන් |: ඊමේල් එකවුන්ට් කිහිපයක් හදලා ඒවා එකම GMail එකකින් හසුරුවන එකේ තේරුමක් මට නං පේන්නෙ නෑ. ඔය උඩ තියන ක්‍රම භාවිතයෙන් පුළුවන් වේවි නේද GMail එකටම සීමා වෙන්න?
මගෙනං මෙල් දෙකක් තියනවා. එකක් ජී මෙල් එන්න කලින් යාහු එකේ හදපු එකක්. හැමෝම මාව දන්නෙ ඒකෙන් නිසා අදටත් ඒක පාවිචි කරන්න වෙලා. මට එන ඊමෙල් මාත් කියවපු ගමන් වැඩක් නැත්තං විසික් කරල දානව.
මගෙත් මේල් ලිපින 3ක් තියෙනව. එකක් යහොඔ, ඒක තමයි වෙබ් අඩවි වල රෙජිස්ටර් වෙන්න පාවිච්චි කරන්නෙ.
තව එකක් ජී මේල්. ඒක මගෙ ප්‍රධාන මේල් ගිණුම, අනිකත් ජී මේල්, මගෙ වෙබ් ඩෙවෙලොප්මන්ට් වැඩ වලට පාවිච්චි කරන්නෙ ඒක.
@අනූ: හෙමින්සැරේ GMail එතට මාරු වෙන්න බැලුවනං හරි.
@එච්. මාධව රංග: එකවුන්ට්ස් 3ක් නං එච්චර අපහසුවක් නෑ නෙ?
නියම හතක් කියල තියෙනව තව දාන්න පුලුවන් ඕකට,
1) Comment කරද්දි comments වලට subscribe වෙන්න tick එකක් තියෙනවද, ඒක auto tick වෙලාද කියල පරිස්සම් වෙන්න
2) තමන්ගෙ personal email එක වඩිය එක එක්කෙනාට දෙන්න එපා…. internet එකේ 50% වලට වැඩිය bandwidth use වෙන්නෙ spam වලට ලු!
Digsby use karala balannna.email ,Im,Social network okkoma eka window ekakata ganna Puluwan
මමත් දැනට 4ක් පාවිච්චි කරනවා.ඒත් ඔයාගෙ මේ උපදෙස් ටිකත් පිලිපැදල බලන්න ඕන.
@Pubudu Kodikara: මම නම් මම කමෙන්ට් කරන හැම තැනම ඉන්පසු කමෙන්ට් මගේ ඊමේල් එකට ගෙන්න ගන්න වගබලාගන්නවා. මොකද මගේ කමෙන්ට් එකට කවුරුහරි විසින් ප්‍රතිචාරයක් එකතු කළොත් මට දැනගන්න වෙන්නෙ නෑ නෙ එහෙම නැතිව.
@buddika: ගිණුම් කිහිපයක් සමග වැඩ කරන්න Digsby සුදුසුයි තමයි. නමුත් ඉහත මම කියලා තියෙන්නේ ගිණුම් කීපයක් පාවිච්චි කරල ගන්න ප්‍රයෝජනේ තනි ගිණුමකින් ගන්නෙ කොහොමද කියලායි.
@උත්තම: හොඳයි මල්ලි.
වටින උපදෙස් ටිකක්..
🙂
මටත් හැබැයි ඔක්කොම ඊමේල් එඩ්‍රසස් 8 ක් තියෙනවා ( ඔෆිස් එකේ 2ත් එක්ක ). 😀
1) ඔෆිස් එකේ අපේ ට්‍රැවල් වෙබ්සයිට් එකේ එක :- මේකට වැඩිය මේල්ස් එන්නේ නැහැ මේකට එන මේල්ස් බලන්නෙ ජීමේල් එකේ ඉදන්, රිප්ලයි කරන්නෙත් ඒකෙන්මයි.
2) ඔෆිස් එකේ නමට තියෙන එක. :- මේක තමයි ඔෆිස් එකේ වැඩවලට සම්පූර්ණයෙන් පාවිච්චි කරන්නේ. මේක තන්ඩබර්ඩ් වලට කන්ෆිගර් කරලා කොයිවෙලෙත් ඕපන් කරලයි තියෙන්නෙ, තන්ඩබර්ඩ් මල්ලි විනාඩි 5න් 5ට අලුත් මේල්ස් තියෙනවද කියලා චෙක් කරල බලනවා 🙂
3) ජීමේල් එක :- මේකට තමයි යාළුවො මේල්ස් එවන්නේ. මම එයාලට මේල්ස් යවන්නේත් මේකෙන්මයි.
4) මගේ ඇත්ත නමට යාහු තියෙන එක :- මේක ගොඩක් පාවිච්ච් කරන්නේ විශ්වාසවන්ත වෙබ්සයිට්ස් වල රෙජිස්ටර් වෙන්න.
5) කෝලමා නමට තියෙන යාහු එක :- ඒක තමයි මම clublk.us, twitter, kolama.ueuo.com වල දාලා තියන්නේ. තව බ්ලොග්ස්වල කමේන්ට්ස් දාද්දි පාවිච්ච් කරන්නෙත් මේක. යාහු එකේ එක මේල්බොක්ස් එකට එඩ්‍රසස් දෙකක් තියාගන්න දෙනවනේ. ඉතින් මේ ඒ දෙවෙනි එක. ඒක නිසා මේකට එන මේල්ස් එකපාර ලොග් වෙලා බලන්න පුලුවන්.
6) මගේ නමට තියෙන වෙබ් සයිට් (portfolio) එකේ එක :- මේකට එන මේල්ස් බලන්නෙත් ජීමේල් එකේ ඉදන්, රිප්ලයි කරන්නෙත් ඒකෙන්මයි.
7) ලයිව් එකේ එක – මේක මම හදා ගත්තේ ඒගොලන්ගේ අලුතෙන් දෙන පහසුකම් බලාගන්නයි. හැබැයි මේක මයික්‍රොසොෆ්ට් එකෙන් දෙන එක එක පහසුකම් ( උදා: SkyDrive ) පාවිච්චි කරද්දියි ඒගොලන්ගෙන් එක එක දේවල් ( උදා: Windows 7 Enterprise 90-day Trial ) ඩවුන්ලොඩ් කරද්දියි ඕන වෙනවා. මේකට එන මේල්ස් බලන්නෙත් ජීමේල් එකේ ඉදන්, රිප්ලයි කරන්නෙත් ඒකෙන්මයි.
8) in.com එකේ එක :- මම එක දවසක් PC Partner එකට ඔෆිස් ඒකට කම්පියුටර් එකක් ගන්න ගිය වෙලාවක එතන සේල්ස් කරන කෙනෙක් මේ එකවුන්ට් එකකට ලොග් වෙලා මේල්ස් බලබල හිටියා. ඒකෙ ඇඩ්ස් එකක්වත් තිබ්බේ නැහැ. ඉන්ටෆේස් එකත් මාර ගති !. මම හිතුවේ එයාලගේ කම්පැනි එකේන් දෙන එකක් කියලා. මම කෝකටත් පොරගෙන් අහලම බැලුවා. පොර කිව්වා “මචන් මේක තමයි මම දැනට පාවිච්ච් කරලා තියෙන හොදම මේල්ස් සර්විස් එක. මේකේ 10GB ඔන්ලයින් හාඩ් ඩිස්ක් එකකුත් තියෙනවා” කියලා. පොරගේ කීමට මමත් ඒකෙ මේල් එකවුන්ට් එකක් හදා ගත්තා.ඇත්තටම මේක හොදයි ඒත් ජීමේල් එක තියෙන නිසා මේක පාවිච්චි වෙන්නේ නැහැ.
ඔයාලත් පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න:
http://www.in.com/new_reg.php
මම තව එක එක දේවල් ගන්න විශ්වාසවන්ත නැති වෙබ්සයිට්ස්වල රෙජිස්ටර් වෙන්න වුනාම http://10minutemail.com/ එකෙන් තාවකාලික මේල් එඩ්‍රස් එකක් හදා ගන්නවා ස්පෑම්ස් වලින් බේරෙන්න.
ඊමේල් එකවුන්ට්ස් 8ක් තිබ්බට මේවායින් 7කටම එන මේල්ස් බලන්න මට කරන්න තියෙන්නෙ තන්ඩබර්ඩ් එක (2) ඕපන් කරලා, යාහු එකටයි (4 සහ 5) ජීමේල් එකටයි (1, 3, 6 සහ 7) ලොග් වෙන්නයි. in.com එකනම් බලන්නේ නැහැ මොකද ඒක මම කොහෙවත් පාවිච්චි කරලා නැති නිසා ඒකට මේල්ස් තියා ස්පෑම්ප් එකක්වත් එන්නේ නැහැ. 😀
@කෝලමා
[said:කෝලමා]
8) in.com එකේ එක :- මම එක දවසක් PC Partner එකට ඔෆිස් ඒකට කම්පියුටර් එකක් ගන්න ගිය වෙලාවක එතන සේල්ස් කරන කෙනෙක් මේ එකවුන්ට් එකකට ලොග් වෙලා මේල්ස් බලබල හිටියා. ඒකෙ ඇඩ්ස් එකක්වත් තිබ්බේ නැහැ. ඉන්ටෆේස් එකත් මාර ගති !. මම හිතුවේ එයාලගේ කම්පැනි එකේන් දෙන එකක් කියලා. මම කෝකටත් පොරගෙන් අහලම බැලුවා. පොර කිව්වා “මචන් මේක තමයි මම දැනට පාවිච්ච් කරලා තියෙන හොදම මේල්ස් සර්විස් එක. මේකේ 10GB ඔන්ලයින් හාඩ් ඩිස්ක් එකකුත් තියෙනවා” කියලා. පොරගේ කීමට මමත් ඒකෙ මේල් එකවුන්ට් එකක් හදා ගත්තා.ඇත්තටම මේක හොදයි ඒත් ජීමේල් එක තියෙන නිසා මේක පාවිච්චි වෙන්නේ නැහැ.
ඔයාලත් පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න:
http://www.in.com/new_reg.php
[/said]
යා යා, ට්‍රයි කරලා බලන්න ඕන.
[said:කෝලමා]
මම තව එක එක දේවල් ගන්න විශ්වාසවන්ත නැති වෙබ්සයිට්ස්වල රෙජිස්ටර් වෙන්න වුනාම http://10minutemail.com/ එකෙන් තාවකාලික මේල් එඩ්‍රස් එකක් හදා ගන්නවා ස්පෑම්ස් වලින් බේරෙන්න.
[/said]
අන්න ඒක හොඳ පුරුද්ද. ඒ වුනාට මට තාම හුරු වෙන්න බැරි උනා. GMail වල ස්පෑම් ෆිල්ටර් එකට පිං සිද්ධ වෙන්න කරදරයක් නං නෑ! 😀