ක්‍රිකට් සංකේතයක් බවට පත් වෙන John Revox ගේ "Ole" හෙවත් "IPL Trumpet එක"!ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ නිකංම නිකං එහාපැත්තෙං දමන බෝලෙකට මෙහා පැත්තෙ ඉඳං පොල්ලෙං ගහන සෙල්ලමක් නෙවෙයි. ඒ හා ආශ්‍රිතව බැඳිච්ච සංස්කෘතිකමය අංග රාශියක් තියනවා. ඒ ඒ රටවල අයට ආවේනික විවිධ වින්‍දන ක්‍රම ඒ ඒ රටවල ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් තමන්ගේ රටේ පැවැත්වෙන තරග නරන අතරතුරදී යොදාගන්නවා.

ක්‍රිකට් ක්‍රීඩාව වටා ගොඩ නැගුනු මේ සංස්කෘතිය ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට කොතරම් සමීපද යන්න, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රීඩා තරග නැරඹීමේදී සංගීත භාණ්ඩ, බැනර් ආදිය භාවිතය තහනම් කිරීමට පොලිස්පති වරයා වූ අමනෝඥ සූදානමට එල්ල වූ විරෝධයත්, එකී තහනම හකුලා ගැනීමට ඔහුට සිදුවීමෙනුත් පෙන්වා දෙන්නට පුළුවන්. ඒ සම්බන්ධව ශ්‍රී ලාංකික අන්තර්ජාල භාවිතාකරුවන් අත්සන් කල පෙත්සමකුත් දියත් වුනා. මේ ඒ වෙත සබැඳියයි: http://www.petitiononline.com/wc2011sl/

කොහොම නමුත් මේ කියන්නේ ලංකාවේ ඒ මුග්ධ පපර තහනම ගැන නෙවෙයි, අසල් වැසි ඉන්දියාවෙන් ක්‍රිකට් ලෝකයට පිවිසුනු තවත් එක් සංස්කෘතිකාංගයක් ගැන. Continue reading

ICC Cricket World Cup 2011 Logoමේ දවස් වල ලෝක කුසලාන ක්‍රිකට් උණ නැගලා යනවා. සමහරු දිනනවා, සමහරු පැරදීගෙන ඇවිත් දිනනවා, සමහරු දිනාගෙන ඇවිත් පැරදෙනවා, සමහරු මුල ඉඳංම පරදිනවා. වර්ල්ඩ් කප් එකක් තියනකොට අපි ඉතිං බලන්නේ ලංකාව ගහන මැච් විතරක් නෙවේ නෙ, අනිත් ඒවත් හැම එකක්ම වගේ බලනවා.

මැච් එකක් බලද්දී නිකං අම්පයර්ස්ල වගේ එහෙටත් නැතුව මෙහෙටත් නැතුව බලනකොට කිසි කික් එකක් නෑ. ඒ නිසා එදා වේල මැච් එක ෂේප් කරගන්න කාට හරි චියර් කරනවා. දැං මේ ලියන්න හදන්නෙ මම කොහොමද එහෙම චියර් කරන කණ්ඩායම තෝරගන්නේ කියන එක. Continue reading