ශ්‍රී ලාංකිකයාගේ නව ප්‍රවනතා භීතිකාව.

මෙය ලියන්න සිත් වුනේ පසුගිය සති කිහිපයක් පුරාවට “විදුසර” විද්‍යා පුවත් පතේ “අපේ පිටුව” ලෙස නම් කෙරුණු, එහි පාඨකයන්ට විවිධ මාතෘතා පිළිබද කරුණු පළ කිරීමට ඉඩ සලසන පිටුවේ පළවුනු ජංගම දුරකථනය පිළිබද සංවාද ලිපි පෙලක් කියවීමෙන් මා තුල ඇතිවුනු සිතිවිලි. පසුගිය කලාපයෙන් එම සංවාදය අවසන් වන බවට කර්තෟ විසින් පසුගිය සතියේ ලිපිය අවසානයෙේසටහනක් යොදා තිබුනා.… Continue reading ශ්‍රී ලාංකිකයාගේ නව ප්‍රවනතා භීතිකාව.

ගීතය පිළිබදව සමාජයේ අදහස් පිළිබදව මගේ අදහස්.

මෙම ලිපියේ අරමුණ මෙරට බිහි වූ හා මෙරට ජනප්රිය වූ විදේශ ගීත නිර්මාණ පිළිබද මට සමාජයෙන් අසන්නට දකින්නට ලැබුනු ප්රතිචාර පිළිබදව මගේ දැක්ම ඉදිරිපත් කිරීමයි. ඇතැම්විට මේ හරහා ගීතය පිළිබදව මගේ අදහස් ද හෙළි වෙනවා වෙන්නට පුළුවන්.

මා ගීතය දෙස බලන්නේ ඒ පිළිබදව කිසිදු ශාස්ත්රීය දැනුමක් නොමැති, අප සමාජයේ අසන්නට දකින්නට ලැබෙන හා අන්තර්ජාලයෙන් බාගන්නා ගීත නිර්මාණ රසවිදින අයෙකු ලෙස පමණක් බව සැලකිය යුතුයි. මෙම ලිපියට කිසිදු ශාස්ත්රීය පදනමක් නොමැති අතර, මේ මාගේ පෞද්ගලික අදහස් බව සැලකිය යුතුය. යම් ආකාරයකින් මෙය කියවන අයෙකු සමග මේ සම්බන්ධව සංවාදයක් ගොඩනගා ගැනීමට අවශ්ය නම්, ඒ සදහා මම පූර්ණ සහයෝගය පළ කරමි.

ශ්රී ලාංකේය රාජ්ය අධ්යාපන ක්රමය නිවැරදිද ?

මෙම ලිපිය ලියන්නේ ශ්රී ලාංකේය රාජ්ය විෂය නිර්දේශය අධ්යයනය කරන ශිෂ්යයෙක් විදියට මාගේ අත්දැකීම් සහ, මෙම අධ්යාපන ක්රමය පිළිබදව මගේ අදහස පදනම් ව.

ශිෂ්යයෙක් විදියට ලංකාවෙ අධ්යාපන ක්රමය පිළිබදව මා හට ඇත්තේ ඍණාත්මක ආකල්පයක්. මන්ද ශ්ර ලාංකේය අධ්යාපන රටාව තුල කිසිදු ශිෂ්යයෙකු හට තමාගේම අනන්යතාවයක් ගොඩනගාගෙන, තමන් සතුව සහජයෙන් ඇති හැකියාවන් සහ දක්ෂතාවන් ප්රයෝජනයට ගැනීමට ඉඩ ප්රස්ථාවක් ලැබෙන්නේ නැහැ. හ්රී ලංකාව තුල ඇති පාසල් සියල්ලම හුදෙක් වෛද්යවරුන් සහ ඉංජිනේරුවරුන් වැනි සම්ප්රදායික වෘත්තිකයින් නිෂ්පාදනය කිරීම සදහා ස්ථාපිත කළ කම්හල් පමණයි. මෙයට ශ්රී ලංකාවේ සමාජය තුල මුල්බැසගෙන ඇති පටු අදහස්ද හේතු සාධක වෙලා තියනවා.

මම දැන් Facebook එකේ

මෙච්චර කාලයක් මගේ සමාජ ජාල වෙබ් අඩවිය ලෙසින් පාවිච්චි කරපු Hi5 එක අත්හරින්න මම තීරණය කළා. මේකට පළමුවෙනි කාරණය උනේ මගේ ඉස්කෝලෙ යාලුවොත් ගොඩක් දෙනෙක් එකපාරටම Hi5 අත්හැරල Facebook ගියපු එක. කොහොම උනත් Facebook එක්ක සංසංදනය කළාම Hi5 කියන්නේ “පොඩි සයිස්” වැඩක්.