Twitter කියන්නේ අපි අතර ගොඩක් ප්රචලිත සේවයක් නේ. මේ Twitter සේවය වටා නිර්මාණය වුනු තවත් සේවා රාශියක් වෙබයේ දක්නට ලැබෙනවා. මේ සේවා භාවිතයෙන් Twitter වෙත තවත් ක්රියාකාරීත්වයන් එකතු කරගන්න වගේම Twitter ගිණුම යොදාගෙන අළුත්ම ප්රයෝජන ගන්නත් අවස්ථාව ලැබෙනවා. දැං මම මේ කියන්න හදන්නේ අපේ Twitter භාවිතය තවත් දියුණු කරගන්න පුළුවන් ආකාරයේ සේවාවක් ගැන.
අපි ගොඩක් ගොඩක් දේවල්වලට කැමතියි. ඒ කැමැත්ත වැඩිවීම ඒ දේ බෙදාහදාගන්න තියන කැමැත්තට ප්රතිලෝමව සමානුපාතිකයි. නමුත්, දැන් මම කියන්න යන දේ නිසා, කැමති දේ බෙදාහදාගැනීම කෙසේ වෙතත්, ඒ කැමති දේවල් ගැන විස්තර මුළු ලෝකෙත් එක්කම බෙදා හදාගැනීමේ හැකියාව අපිට ලැබෙනවා.
දැන් මේ කියන්නේ අපි භාවිතා කරන වෙබ් අඩවි වල ලිපිනයන් එකතු කරලා වෙබ් පිටුවක් හදාගන්න පහසුකම් සලසලා දෙන වෙබ් අඩවියක් ගැන. ඒ විදියෙ වෙබ් පිටුවක් හදාගත්තාම අපිට පුළුවන් අපිට ප්රයෝජනවත් වෙබ් අඩවි වලට ලෙහෙසියෙන් ප්රවේශ වෙන්න, ඒවායේ ලිපිනයන් මතක තබාගැනීමේ කරදරයෙන් මිදිලා.
අද උදේ මම ලියපු (අන්තර්)ජංජාලේ මූර්ති හොයන හැටි ගැන ලිපිය කියෝපු අපේ බින්කු අයියා ට්විටරේ හරහා මට කියපි මෙන්න මොකක්ද තව සයිට්ටෙකක් ගැන ලියන්ඩෙයි කියලා. ඕං එහෙනං ලියනවා.. ගීත ආදී නිර්මාණ බාගන්නා – නීති විරෝධි හෝ විරෝධී නොවන – වෙබ්-අඩවි අපි අතර ගොඩක් ප්රසිද්ධ වගේම ගොඩක් ජනප්රිය වුනාට, වෙනත් අන්දමේ ශබ්ද ගොනු බාගැනීමට තිබෙන වෙබ්-අඩවි […]
Google Wave හි public release එකට කලිං Google Wave ගිණුමක් හදාගමු ?
අපි ගොඩක්දෙනෙක් දැන් Facebook වැනි සමාජජාල අඩවි වල සාමාජිකයන්. මෙම සමාජ ජාල අඩවි වලදී වෙන්නේ අපේ තොරතුරු එම සමාජ ජාල අඩවි වල අපගේ මිතුරන් සමග හුවමාරු කරගැනීමයි. නමුත්, එතනදී අපි මිතුරන් කියන කුලකයට සීමා වෙනවා. කැමති නැද්ද මුළු ලෝකයත් එක්කම ඒ තොරතුරු හුවමාරු කරගන්න ?
කැමතිද තමන්ටම කියල පත්තරයක් පළවෙනවට ? ඇත්ත ලෝකෙ නං මේක කොහෙත්ම ප්රායෝගික නෑ. නමුත් ඇත්ත ලෝකෙ ප්රායෝගික නැති ගොඩක් දේවල් සයිබර් ලෝකෙදි ප්රායෝගික කරගන්න අපිට පුළුවන්.
කැමතිද මිතුරන් කියන කුඩා කුලකයට සීමාවෙන්නෙ නැතිව මුළු ලෝකෙන්ම ප්රශ්න අහන්න ?