ඔබලා දැනුවත් ඇති Facebook සමාජජාල අඩවිය මගින් ළඟදී එහි කරන ලද ප්‍රධාන වෙනස් කමක් ගැන. මෙතෙක් කල් “Facebook Page” එකක් හෙවත් “Facebook Public Profile” එකක් වෙත සම්බන්ධ වීම ඔවුන් හඳුන්වනු ලැබුවේ එහි fan කෙනෙක් හෙවත් “රසිකයෙක්” වීම ලෙසයි, එය ඔවුන් මෙතැන්සිට “Like” කිරීමක් ලෙස හඳුන්වනු ඇති.
මහජන චීන සමූහාණ්ඩුව යනු එරට ජනතාවට තොරතුරු ගලා යන ආකාරය ඉතාම දැඩි ලෙස පාලනය කරන රටක් ලෙස ප්රකටය. එරට ජනතාව භාවිතා අන් බොහෝමයක් රටවල ජනතාව මෙන් තමන්ට රිසි පරිදි භාවිතා කළ හැකි අන්තර්ජාල සබඳතාවයන් නොවේ. ජනයා අන්තර්ජාලය තුළ කියන කරන සියළු දේම එරට රජයේ දැඩි අධීක්ෂණයට යටත් වේ.
මම හිතන විදියට බ්ලොග් අඩවි වලට Facebook Public Profiles හදන එකේ තේරුමක් නෑ. මොකද, එතකොට බ්ලොග් එකට ප්‍රසිද්ධිය දෙන්නයි ඒකෙ Facebook Public Profile එකට ප්‍රසිද්ධිය දෙන්නයි වැඩ ගොඩක්. Facebook විසින් Public Profiles කියන දේ නිර්මාණය කරලා තියෙන්නේ ඊට වඩා වෙනස් උවමනාවලට. උදාහරණයක් විදියට ආයතන වලට, වෙබ් සේවාවන්වලට, සංගීත කණ්ඩායම්වලට ආදී බොහෝ දෙනෙකුට Facebook හරහා අවශ්‍ය ප්‍රචාරය ලබාගැනීම දක්වන්න පුළුවන්.
අපේ සිතිජ සහන් මලයා එක එක වෙබ් අඩවිය සඳහා එක ගණනේ ඊමේල් එඩ්‍රසස් 8ක් පාවිච්චි කරනවැයි කියලා මට මෑන්ම කිවුවා. ඉතිං ඒක ඉවසං ඉන්න බැරි උනු මම ඌට හොඳවයිං හතක් කිවුවා. පස්සෙ මට හිතුනා ඒ හොඳවයිං හත බ්ලොගේ දැම්මනං නරකද කියලා. මේ තියෙන්නේ ඒ හොඳවයිං හත.
Google සමාගමෙන් හඳුන්වලා දීපු නවතම සේවාව තමයි Google Buzz. ශ්‍රී ලංකා වේලාවෙන් අද (10) අලුයම පටන් සේවාව දියත් කෙරුනා. පියවරෙන් පියවර තමන්ගේ සියළුම පරිශීලකයන් වෙත මෙම සේවාව සක්‍රීය කිරීමට Google සමාගම බලාපොරොත්තු වෙනවා.
Google සමාගමෙන් මීට කලින් හඳුන්වලා දුන් Google Wave සේවාව තරම්ම Google Buzz වෙත දියත් කිරීමට ප්‍රථම ප්‍රචාරයක් හිමි නොවුනත්, දැනටම ලොව වටා Google පරිහීලකයින් මේ සේවාව තමන් වෙත සක්‍රීය වන තුරු ඇඟිලි ගනිමින් සිටින බව Mashable වැනි social media අඩවි වෙත ලැබෙන පාඨක ප්‍රතිචාර වලින් පැහැදිළි වෙනවා.
ඒ අතරේ අපිත් මේ Google Buzz කියන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලමු.
මේ වසරේ ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග – කාටත් තේරෙන විදියට කීවොත් IPL – සඳහා තවත් තිබෙන්නේ මාස එක හමාරක පමන කාලයක්. IPL හි රසිකයෙක් විදියට ඒ ගැන යම් ලිවීමක් කරන එක හොඳයි කියලා මට හිතුනා.
Facebook භාවිතා කරන අයට තියන ලොකුම හිසරදයක් තමයි තමන්ගේ Facebook Friendsලා භාවිතා කරනා නානප්‍රකාර විච්චූරණ applications පිළිබඳව තමන්ගේ News Feed එකට එන තොරතුරු. මේ නිසා ඇත්තෙන්ම වැදගත්වෙන තොරතුරු රාශියක් මගහැරිලා යන්න තියන ඉඩකඩ වැඩියි. අනිත් හිසරදය තමයි ඔය ඉහත කියූ වගේම එක එක විකාර applications භාවිතයෙන් අපේ Facebook Friendsලා අපේ Walls වලට එකතු කරන එක එක කෙහෙල්මල්. මේ එකතුකරන සේරම තියෙන්න ඇරියොත් අපේ Facebook Wall එක නිකං තොරණක් වගේ තියේවි. අපි බලමු මේ කරදරයෙන් මිදෙන්න අපිට මොකද කරන්න පුළුවන් කියලා.
Facebook කියන්නේ මේ වන විට ලෝකයේ ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවිය කියන එක අවිවාදිතයි. මේ අඩවියෙන් ලබාදෙන සේවා ගොන්නක් අතරේ, පිංතූර එකතු සකස් කිරීම කියන්නේ තවත් එක සේවාවක්. ඔබ Ubuntu මත සිට Firefox සමග Facebook වෙබ් අඩවිය භාවිතා කරනවා නම්, මේ පිංතූර එකතු සකස් කිරීමේ කාර්යය පහසු කරන්නට Facebook විසින් නව ක්‍රමයක් හඳුන්වලා දීලා තියනවා.
අපි අන්තර්ජාලය පාවිච්චි කරනවා. වඩා නිවැරදිව කීවොත් අන්තර්ජාලය හරහා විවිධ සේවාවන්ට ළඟාවෙමින් ඒවා පාවිච්චි කරනවා. ඇත්තටම මොනවද අපි අන්තර්ජාලයේ කරන්නේ? එක එක ෆෝරම් වල රැඳී සිටිනවා, Facebook වැනි සමාජජාල සේවාවන් භාවිතා කරනවා, Twitter වැනි සේවාවන් භාවිතා කරනවා, බ්ලොග් ලියනවා-කියවනවා-කමෙන්ට් කරනවා. නමුත් අපේ අය අතුරින් අවධානය ගිලිහිලා ගිය වැදගත් සේවාවක් වෙත අවධානය යොමු කරන්න මම කැමතියි. ඒ තමයි මෙහි ක්‍රියාත්මක වන පුවත් බෙදාහදාගැනුම් සේවා.
අපි හැමෝම අපේ කාලයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් පරිගණකය සමග කග තරන අය. කැමතිද අපි පරිගණකයත් එක්ක කරන කියන දේවල් ගැන පොඩි වාර්තාවක් ලබා දෙන සේවාවක් පාවිච්චි කරන්න? මේ උපකරණෙට අපි කොච්චර ඇබ්බැහි වෙලා තියනවද කියන එක මැනගන්න මම දැන් කියන්න යන සේවාවෙන් ඉතාම හොඳ සහයක් ගන්න පුළුවන්.