කැමතිද ඔබේ වෙබ් අඩවියට, එහෙම නැත්නම් ඔබේ බ්ලොගයට එන අමුත්තන්ට ඔබට පණිවිඩයක් එවීමේ හැකියාව ලබා දෙන්න? මේක ඉතිං කරගන්න ක්‍රම ගොඩක් තියනවා. පොඩි PHP පාරක් දාලා තමන්ම contact form එක හදාගැනීම, ඔබ පාව්ච්චි කරන්නේ WordPress නම් ඒ සඳහා නිපදවපු ප්‍ලගිනයක් භාවිතා කිරීම එහෙමත් නැත්නම් ඔබේ ඊමේල් ලිපිනය අඩවියේ සටහන් කිරීම (හැබැයි කොහේවත් කෙලින්ම තමන්ගෙ ඊමේල් ලිපිනේ ලියන එක එච්චර හොඳ වැඩක් නෙවෙයි. මොකද ඔබව ස්‍පෑම්කරණයට භාජනේ වෙන්න පුළුවන් නිසා. ඒක වලක්වගන්න scr.im භාවිතා කරන්න.). දැන් මම කියන්න යන ක්‍රමයෙනුත් ඒක කරන්න පුළුවන්, ලේසියෙන්ම.
මේ සේවාව තමයි “VisitorContact”.

දැකල තියනවද සමහර වෙබ් අඩවිවල පැත්තකින් මෙන්න මේ වගේ පොඩි බොත්තමක් තියනවා ?

ඒ වගේම, ඒ බොත්තම ක්‍ලික් කලාම මෙන්න මේ වගේ form එකක් මතු වෙනවාත් දැකලා තියනව ද?

ආන්න ඒ වගේ එකක් ඔබේ අඩවියට ගන්න හැටි තමයි මම දැන් කියන්න යන්නේ.
ඉස්සෙල්ලම අපි යන්න ඕනේ මේ සේවාව සපයන වෙබ් අඩවියට. ඒක තමයි http://visitorcontact.com. ඒ අඩවියෙන් ඉස්සෙල්ලාම තමන්ට ගිණුමක් හදාගන්න ඕන වෙනවා. මේ සේවාව දෙන්නේ නොමිලේ නිසා ඒකේ ගැටළුවක් නැහැ.
එහෙම ගිණුමක් නිවැරදිව තනාගෙන මෙම අඩවියට ඇතුලු වුනාට පස්සේ අපිට සිද්ධවෙනවා ඒ අඩවියේ My Forms කියන අංශයට පිවිසෙන්න. එතනට ගිහිං “Create New Form” කියන බොත්තම ක්‍ලික් කළාට පස්සේ මතු වෙන පිටුවෙන් අපිට පුළුවන් අළුතින් form එකක් තනා ගන්න. ඔබේ වෙබ් අඩවියේ පෙන්වන්න ඕනෑ බොත්තමේ පැහැය, පිහිටීම, form එකේ සඳහන් වෙන්න ඕනෑ තොරතුරු ආදිය එතනදී අපිට සකසන්න පුළුවන්.
අවශ්‍ය සැකසුම් කරලා ඉවර උනාට පස්සේ අපිට පුළුවන් “Get Code” කියන සබැඳිය ඔස්සේ ගිහිල්ලා මේ බොත්තම සහ form එක අපේ වෙබ් අඩවියට එක් කරන්නට භාවිතා කළ යුතු HTML කේතය ලබා ගන්න.
එතකොට කවුරු හරි කෙනෙක් මේ ෆෝරමය පාවිච්චි කළාම, ඔහු සටහන් කරන පණිවුඩය ඔබේ ඊමේල් ලිපිනයට එනවා.

බ්ලොගය සඳහා WordPress භාවිතා කරන අයට නම් එච්චර මහන්සිවෙන්න ඕන නැහැ අදාළ HTML කේතය තමන්ගේ බ්ලොගයට ඇතුලු කරන්න. මෙන්න මෙතන තියන ප්‍ලගිනය ස්ථාපනේ කරගත්තම හරි. http://wordpress.org/extend/plugins/visitorcontact/.
එහෙම ස්ථාපනේ කරගත්තට පස්සේ කරන්න තියෙන්නේ, මෙම ප්‍ලගිනයේ පාලකපුවරුවට ගිහිල්ලා VisitorContact මගින් FormID ලෙස ලබාදෙන අංකය එහි සටහන් කිරීම පමණයි.


එළz..
එතකොට ඕකෙන් එවන එවුවා ඊ-මේල් එකක් විදිහට නෙමෙයිද හම්බවෙන්නෙ? o.O
Posted by GNS on September 10th, 2009.
@GNS: මලා! මම පණිවිඩේ හම්බවෙන හැටි ලියලා නෑ නේන්නං. ඊමේල් හරහා තමයි හම්බවෙන්නේ. ඉන්න ඒක මම ටක්ගාලා සටහනට දාන්න.
Posted by budhajeewa on September 10th, 2009.
හැබැයි ඒකෙත් ads by google
Posted by කණිෂ්ක on September 10th, 2009.
ඕන්න දීපු උපදෙස් අකුරටම පිළිපැදල මාත් ගැජට් කෑල්ලක් දා ගත්ත. බෝම ස්තුතියි ගුරුහරුකම් වලට..!
Posted by indika on September 10th, 2009.
@කණිෂ්ක:
ඇත්ත නේන්නං. මම Firefox වල AdBlockPlus ප්‍ලගින්නෙක දාල තියන නිසා ඒක Google Ads සීන් එද දැක්කෙ නෑ.
වහාම ක්‍රියාත්‍මකවන පරිදි මේ VisitoeContact form එක මගේ අඩවියෙන් පිටුවහල් කරනවා!
Posted by budhajeewa on September 10th, 2009.
@indika: එළස්!
Posted by budhajeewa on September 10th, 2009.
meke code eke adsense code eka remove karanna widiyak naddA?
Posted by saliya on September 10th, 2009.
@Saliya: එහෙම කරන්න බැහැ නේ. මොකද ඒ ෆෝරමේට අදාළ ගොනු තියෙන්නේ ඒගොල්ලොන්ගෙ සේවාදායකේ නේ. අපිට ඒවා වෙනස් කරන්න බෑ.
හැබැයි, ඔයා එයාලට සල්ලි ගෙවනවා නම් දැන්වීම් නැති ෆෝරමයක් ගන්න තිබ්බා.
Posted by budhajeewa on September 10th, 2009.
මේ වැඩේ ලේසියෙන්ම Google Docs වලින් කරන්න පුලුවන්.
Techකතා අඩවියේ ප්‍රශ්ණ අහන පෝර්මය හදලා තියෙන්නෙ ඒ විදියට.
පෝර්මයක් හදලා එම්බෙඩ් කරන්න පුලුවන් ඒකට ඇතුලත් කරන දත්ත අපේ Docs වල spreadsheet එකකට ඇතුලත් වන විදියට.
Posted by ප්‍රවී on September 12th, 2009.
මට මේක ගැන පොඩි ඔත්තුවක් ලැබිලා මම මේක මගේ බ්ලොගේටත් දාලා බැලුවා හැබැයි චාටර් එකකට තියෙන්නේ වෙබ් පිටුවේ පැත්තකින් Contact කියලා බොත්තමක් වැටිලා තියෙන එක. ඒක නිසාම මම මේ Plugin එක අස් කරලා දැම්මා. මට මේක චාටර් වුණාට ගොඩක් අයට මේක හොඳ ඇති. මේ ලිපිය ගොඩක් වැදගත් අයියා. මේ වගේ තව ලිපි දාන්න මම අයියාට සුබ පතනවා (handshake)
Posted by Anonymous on February 19th, 2010.
@සිතිජ සහන් හසාර හේවාගමගේ: මම මේක දාපු ගමන්ම අයින් කළා මල්ලි. මොකද මේකෙ උන්ගේ Google Ads එනවනෙ.
Posted by budhajeewa on February 19th, 2010.
@budhajeewa: ආ එහෙමත් සීන් එකක්ද. මට පෙන්නන්න බැරි කේස් එකක් තමයි ඔය බලෙන් Ads පෙන්වන එක. හද්ද චාටර්
Posted by Anonymous on February 21st, 2010.
@සිතිජ සහන් හසාර හේවාගමගේ:
Posted by budhajeewa on February 21st, 2010.