මහජන චීන සමූහාණ්ඩුව යනු එරට ජනතාවට තොරතුරු ගලා යන ආකාරය ඉතාම දැඩි ලෙස පාලනය කරන රටක් ලෙස ප්‍රකටය. එරට ජනතාව භාවිතා අන් බොහෝමයක් රටවල ජනතාව මෙන් තමන්ට රිසි පරිදි භාවිතා කළ හැකි අන්තර්ජාල සබඳතාවයන් නොවේ. ජනයා අන්තර්ජාලය තුළ කියන කරන සියළු දේම එරට රජයේ දැඩි අධීක්‍ෂණයට යටත් වේ.
රජයට විරුද්ධ මත දරන කිසිදු වෙබ් අඩවියක් වෙත ප්‍රවේශ වීමට චීන රජය මහජනයාට ඉඩ ලබා නොදෙන අතර, එවන් මත අන්තර්ජාලය තුළ ප්‍රකාශ කරන්නන් මත දඬුවම් පමුණුවන බවද සැලය.
ආසියාකරයේ තවත් ඇතැම් රජයයන්ද චීනයේ සහයෝගය මත මෙවන් අන්තර්ජාල පාලන ක්‍රියාවලියක් තම රටවල්වල ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරූබව පසුගිය දිනවල පුවත් පළ විය.
චීනය අන්තර්ජාලය සම්බන්‍ධයෙන් නැවතත් කතා බහට ලක් වුනේ පසුගිය දිනක Google සමාගම වෙත එල්ළ කරන ලදැයි කියන අන්තර්ජාල ප්‍රහාරයක් පිළිබඳවයි. මෙම ප්‍රහාරය පිළිබඳව චෝදනාව එල්ළ වූයේ චීනය වෙතයි.
මෙම ප්‍රහාරය සම්බන්‍ධව චීන රජය සහ Google ආයතනය අතර මත ගැටුම් කිහිපයක් සිදුවූ බව පසුගිය දිනවල අන්තර්ජාල පුවත් සේවා රාශියක විස්තර පළවූ අතර, ඇමරිකානු රජයද මේ ගැටළුවට අවධානය යොමු කිරීම මෙය හුදෙක් ආයතනික ගැටළුවකින් ඔබ්බට රටවල් දෙකක් අතර ප්‍රශ්නයක් බවට මෙය යොමු කිරීමක් වේදෝයි ඇතමුන් කළබලයට පත්වූ නමුත්, ඇමරිකානු රජය නැවත මේ සම්බන්ධව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නට පටන් ගෙන ඇත.
මේ අතර තුර නැවතත් ඇතැම් පුවත් සේවා තුළ පළ වූ වාර්තාව වූයේ The Great Firewall of China ලෙස හැඳින්වෙන චීනයේ අන්තර්ජාල පෙරහන වෙතට තාක්‍ෂනික වශයෙන් පහර දීම සඳහා Google ආයතනය ලක ලැහැස්තිවෙමින් ඉන්නා බවයි. Google ආයතනය මෙම පුවත් ප්‍රතික්‍ෂේප කළේ නැති අතර, Twitter වැනි සමාජජාල තුළද මේ පිළිබඳව කතාබහ වනු දැකගත හැකි විය.
මේ කතිකාවතට ඉන්ධන ලැබීමට පසුගියදා Google විසින් අන්තර්ජාල ආරක්‍ෂාව සම්බන්‍ධ ආයතනයක් මිලදී ගැනීමද හේතු වන්නට ඇත.
Google සමාගම චීනයට පමණක් නොව, අන්තර්ජාල වාරණය කරන අන් රටවල් වෙතද තම තර්ජනාංගුලිය ඔසවන බවයි අන්තර්ජාල විද්වතුන්ගේ මතය. ඔවුන්ට අනුව එක්සත් ජාතීන්ගේ සංගමයද තොරතුරු ලබාගැනීමේ නිදහස පිළිගන්නා බැවින්, ඔවුන් මීට එරෙහිව ක්‍රියා නොකරනු ඇත.
—
[Update]
Google ආයතනය විසින් චීනයේ හෝ වෙනත් රටක firewall වෙත පහර දීමට කිසිදු පියවරක් ගෙන නැති අතර, මෙම ලිපිය අප්‍රේල් මස පළමුවන දිනට යෙදුනු “අපේ දිනය” වෙනුවෙන් පළ කළ ලිපියක් බව කරුණාවෙන් සලකන්න!
![]()
[/Update]


මැක්සා..!!! හොද වැඩේ චින්නුන්ට.. ඔන්න චින්නුත් ගුගල් වගේ එකක් හදනවලු
Posted by bunny on April 1st, 2010.
එල….අන්තර්ජාලෙටත් දැල් එලලා පෙරන්න හදන හුගක් රටවලට ගුගල් හොද උත්තරයක් දේවි….
Posted by ලහිරු on April 1st, 2010.
ඔන්න ඉතින් මලයා මාව අවුස්සගන්න හදනවා
චීන්නු ගූගල් වගේ එකක් හදනවා නෙමේ හදලා ඉන්නේ ගුජ්ජි කියලා.. ඒත් ඒකෙන් පෙන්නන්නේත් ගූගල් අයගෙම දේවල් තමා
http://www.gojje.com/ වලින් ඔනෙ නම් බලන්නත් පුලුවන්
Posted by Dar[K] on April 1st, 2010.
අහ් වැරදුනා මෙන්න මේකයි නියම ලින්ක් එක
http://www.goojje.com/
Posted by Dar[K] on April 1st, 2010.
අපිටත් ළඟදීම ඔය ටික වෙන්න පුළුවං. චීන්නු ලංකාව පැත්තෙ කැරකෙනවා වැඩියිනෙ.
Posted by Freedom on April 1st, 2010.
අපේ නංගි ඉගෙන ගන්නෙ චීනෙ. එයාටනං හෙන පාඩුයි ගූගල් නැති එක. ගුගල් වලට අමතරව යූ ටියුබ්, ෆේස්බුක්, බ්ලොගර් මුකුත් එයාලට නෑ.
Posted by බුද්ධි on April 2nd, 2010.
මමනම් හිතන්නෙ නෑ ඔය කිසිම දෙයක් අදකාලේ තාත්විකයි කියලා. දැන් බ්ලොක් කරලා තියෙන සෑහෙන අඩ්වි තුලට ගැලපෙන අයුරින් ප්‍රොක්සි තියෙනවා. තවත් මෘදුකාන්ග පවා තියෙනවා, ඉතින් ඕක ඇත්තටම උවමනා කරන කෙනා, ඒ වගේ ක්‍රමයකින් අනිවා පාවිච්චි කරයි !
Posted by Dinushka Udara | රොකියා on April 2nd, 2010.
freedom කියන කතාව මටත් ආරංචි වුණා. ලඟදී ආණ්ඩුවෙන් ලංකාවෙත් ඔහොම වැඩක් කරන්න චීන්නු වගයක් ගෙන්නුවා කියලා ආරංචි කීපයක් ලැබුණා. අන්තිමට අපිටත් කෙළ වෙයි ද දන්නේ නැහැ
Posted by hasithag on April 2nd, 2010.
@bunny, @ලහිරු, @Dar[K], @Freedom, @බුද්ධි, @Dinushka Udara | රොකියා, @hasithag:
සියළු දෙනාගේම ප්‍රතිචාරවලට ස්තුතියි!
නමුත්,
Google ආයතනය විසින් චීනයේ හෝ වෙනත් රටක firewall වෙත පහර දීමට කිසිදු පියවරක් ගෙන නැති අතර, මෙම ලිපිය අප්‍රේල් මස පළමුවන දිනට යෙදුනු “අපේ දිනය” වෙනුවෙන් පළ කළ ලිපියක් බව කරුණාවෙන් සලකන්න!
Posted by budhajeewa on April 2nd, 2010.
ඒත් ලංකාවේ කරන්න යන වැඩේ ඇත්තයි කියලා තමයි ලැබෙන ආරංචි හැටියට පේන්නේ
Posted by hasithag on April 2nd, 2010.
@hasithag:
චීනයේ The Great Firewall of China කියල පෙරහනක් තියන කතාව ඇත්ත. ඒකට Google විසින් පහර දෙන්න සූදානම් වුනා කියන එකයි බොරුව.
හොඳ බොරුවක් පටන්ගන්නේ ඇත්තක් පදනම් කරගනිමින් කියන එක මම අත්දැකීමෙන් දැකලා තියන දෙයක්.
Posted by budhajeewa on April 2nd, 2010.
:@
Posted by Dar[K] on April 2nd, 2010.
මගේම වෙලාව නැත්නම් මාත් අහුවෙනවා මේකට … හොද වෙලාට අද මං මේක බැලුවේ
Posted by වැප් on April 2nd, 2010.
මම මුලින්ම Comment කියවන හින්දා හොදයි.
Posted by Dayan Senavirathna on April 2nd, 2010.
@Dar[K]:
(wasntme)
@වැප්:
(chuckle)
@Dayan Senavirathna:
(whew)
Posted by budhajeewa on April 2nd, 2010.
ඔට එක එක රට වල හොද වෙබ් සයිට් බ්ලොක් කරන එක නම් හොද වැඩක් නෙමෙයි. ගූගල් ලා චීන්නුන්ට හොද පාඩමක් ඉගැන්නුවොත් ඒ ඇති
මේ ලිපිය ගොඩක් වැදගත්. ස්තූතියි මේ ගැන අපිව දැනුවත් කළාට (handshake)
Posted by සිතිජ සහන් හසාර හේවාගමගේ on April 4th, 2010.
@සිතිජ සහන් හසාර හේවාගමගේ:
උඹ මේ මගුලක් කතා කරනවා. අර Update කියල දාල තියන කෑල්ල දැක්කෙ නැද්ද? (rofl)
Posted by budhajeewa on April 4th, 2010.
ගුගල් ,චිනෙ ෆ්යර්වෝල් එක කෑඩුවොත් චින ආණ්ඩුව නිකන් ඉන්න එකක් නැහැ. හැබැයි තොරතුරු දනගෙනිමෙ නිදහස හැමොටම තියනවා .මම පත්තරේක දැක්කා අපේ ආණ්ඩුවත් ගුගල් හරහා කරන ගනුදෙනු වලට බාදා කරන්න ට්‍රයි කරනවලු. ඇත්තද දන්නෙ නෑ
Posted by indika on May 28th, 2010.
@indika: හපෝයි… මේ පරණ ඒප්‍රිල් ෆූල් ජෝක් එකක් නෙ බං!
Posted by budhajeewa on May 28th, 2010.
ජෝක් එකක් කිව්වට ආණ්ඩුව ලන්කාවේ සමහර porn site block කරලා නැද්ද. තව ඉස්සරහට මොනවා කරන්න හිතාගන ඉන්නවද කවුද දන්නේ.
Posted by indika on May 29th, 2010.
@indika: එන විදියට මූණ දෙන එකයි.
Posted by budhajeewa on June 4th, 2010.