Ubuntu ද පාවිච්චි කරන්නේ? කැමතිද තිරයේ පෙන්වන අකුරු වල තියුණු ගතිය අඩු කරලා පොඩ්ඩක් මටසිලුටු කරගන්න ?
ඒක කරන්නේ මෙහෙමයි. ඔයාගේ නිවෙස් බහාලුම – home folder – ට ගිහින් එතන තියන “.fonts.conf” කියන ගොනුව විවෘත කරගන්න.
එහෙම විවෘත කරලා, ඒ ගොනුවේ අගම තියන
[sourcecode language="xml"]
</fontconfig>
[/sourcecode]
කොටසට කලින් මෙන්න මේ කොටස ලියන්න,
[sourcecode language="xml"]
<match target="font">
<edit mode="assign" name="autohint">
<bool>true</bool>
</edit>
</match>
[/sourcecode]
ඊට පස්සේ ඉතිං ඒ ගොනුව සුරකින්න. බිල් අංකල්ගේ ජනේලේ වගේ ප්‍රතිපණගන්වන්න ඕන නෑ. සුරැකපු ගමං බඩු වැඩ!
ඕක අහෝසි කරන්න ඕන නම් අපි අළුතින් දාපු කොටස කමෙන්ට් එකක් බවට පත් කළාම හරි.


installed Mint, gonna try on it..
)
(hope it'll work cos it's like ubuntu
Thanx
Posted by GNS on September 11th, 2009.
@GNS: මම හිතන්නේ මේ ෆොන්ට් සිද්ධි රඳාපවතින්නේ මෙහෙයුම් පද්ධතිය මත නෙවෙයි. භාවිතා කරන ඩෙස්ක්ටොප් පාරිසරිකය මත. මේක මම හිතන්නේ ඕනෑ Gnome ස්ථාපනේකට හරියාවි. උබුන්ටු උනත් KDE මත මේක වැඩ නොකරාවි.
හරියටම ෂුවර් නැති හින්‍දයි එහෙම එකක් කීවෙ නැත්තෙ.
Posted by budhajeewa on September 11th, 2009.
කරල බැලුවා, ඒත සමහර තැන්වල ෆොන්ට් අවුල් යනව නේද? මේක බලන්නකො http://twitpic.com/h7ict
Posted by තමීර on September 11th, 2009.
@තමීර: අයියගෙ සිස්ටම් ෆොන්ට් එක මොකක්ද? Times New Roman වගේ හැඩයක් තියන එකක් නේද? මගේ නං එහෙම එකක් නෙවේ තියෙන්නේ. ඒ ෆොන්ට් එකේ අවුලක් වෙන්න ඇති නේද.
Posted by budhajeewa on September 11th, 2009.
@තමීර: ඔව් ෆොන්ට් එක තමයි ගැටළුව. මමත් ෆොන්ට් එක විදියට Times New Roman යොදලා බැලුවා. එතකොට මටත් ඒ ගැටළුවම එනවා.
Posted by budhajeewa on September 11th, 2009.
Sans font එක තියෙන්නෙ, සමහර විට ඒක වෙන්නැති අවුල එහෙනම්
Posted by තමීර on September 11th, 2009.
@තමීර: Sans ෆොන්ට් එක නම් අවුල් වෙන්න විදියක් නැහැ. මගේ ෆොන්ට්ස් තියෙන්නේ Ubuntu ආපු පෙරනිමියෙ විදියටමයි:
Application Font: Sans, 10
Document Font: Sans, 10
Desktop Font: Sans, 10
Window Title Font: Sans Bold, 10
Fixed Width Font: Monospace, 10
අයිය එවල තිබුනු තිර පිටපතේ මම දැක්කේ terminal එකේ ෆොන්ට් එක විදියට Times New Roman වගේ ෆොන්ට් එකක් තියනවා. Terminal එකේ ෆොන්ට් එක විදියට එන්නේ එක්කෝ පද්ධතියේ Fixed Width Font එක එහෙමත් නැත්නම් Terminal එකේ සැකසුම් මගින් පසුව තෝරපු ෆොන්ට් එක. ඔය තැන් දෙකේ මොනවද තියන ෆොන්ට්ස් කියල බලන්න.
Posted by budhajeewa on September 11th, 2009.
Kubuntu වල මේ file එක තියන තැන දන්නවනම් කියන්න.. home folder එකේ නම් නෑ!!
තැන්කූ!!
Posted by harindu on January 21st, 2010.