අද උදේ මම ලියපු (අන්තර්)ජංජාලේ මූර්ති හොයන හැටි ගැන ලිපිය කියෝපු මෙන්න මොකක්ද තව සයිට්ටෙකක් ගැන ලියන්ඩෙයි කියලා. ඕං එහෙනං ලියනවා..
ගීත ආදී නිර්මාණ බාගන්නා – නීති විරෝධි හෝ විරෝධී නොවන – වෙබ්-අඩවි අපි අතර ගොඩක් ප්‍රසිද්ධ වගේම ගොඩක් ජනප්‍රිය වුනාට, වෙනත් අන්‍දමේ ශබ්ද ගොනු බාගැනීමට තිබෙන වෙබ්-අඩවි එතරම් අපි අතරට පැතිරිලා ගිහිල්ලා නැහැ. දැන් මම කියන්න හදන්නේ එබඳු එක් අඩවියක් ගැන.
එය නමින් “FindSounds”. ඔවුන්ගේ නම වගේම මෙම වෙබ් අඩවියත් ඉතාම සරලයි. බොහෝමයක් වෙබ් අඩවි වල ආකර්ෂණයට බලපාන “පෙනුම” නම් මේ අඩවියේ නැති වුනත්, අපේ වැඩේ කරගන්න පහසුකම් නම් කිසි අඩුවක් නැතිව තිබෙනවා.
අපිට තියෙන්නේ අවැසි වෙන ශබ්දයට අදාළ යතුරු-වදන් මෙහි තියන පෙළ-කොටුවේ ගහලා සොයන්නයි.
අපි සෙවීම් කරනකොට කරන්න ඕනෑ පොඩි සැකසුම් වගයක් මෙහි මුල් පිටුවේම ඇතුලත් වෙනවා. ඒවා භාවිතයෙන් අපිට පුළුවන්,
- ඕනෑ කරන ගොනු වර්ගය (උදා: AIFF, AU, MP3, WAVE).
- චැනල් මාදිලිය (Mono, Stereo).
- සංඛ්‍යාතය
- ගොනුවේ විශාලත්වය
යන දේවල් තෝරා ගන්න.
අපි මොකක්හරි යතුරු-වදනක් යොදලා සෙවීමක් කළාම අපිව ගෙනියනවා මෙන්න මේ වගේ පිටුවකට,
වැඩි වැල්වටාරම් නැහැ. වැඩේ සරලයි. ඔය ඕනම නමක් උඩ ක්ලික් කරලා, අදාළ ශබ්ද ගොනුව බාගන්න.
2 responses to “ඔබට අවැසි ශබ්ද ගොනු සොයාගනිමු.”
soundsnap.com එකේ කොලිටි ඒවා තියනව.
🙂