අපි මෘදුකාංගයක් නිර්මාණය කරනකොට ඒ සඳහා විවිධ මූර්ති අවශ්‍ය වෙනවා. එක්කෝ මේ මූර්ති අපටම නිර්මාණය කරගන්නට පුළුවං. නැතිනම් නොමිලේ – නිදහස් මූර්ති බාගැනුමට හැකි අඩවියකට ගොස් මූර්ති ලබාගන්න පුළුවං. අද මම කියන්නේ මූර්ති ලබාගන්න පුළුවන් අඩවියක් ගැන.
ඒ තමයි
(Wall-E (2008) බලපු අයට මේකෙ ලාංඡනේ දැක්කම මොනවත් මතක් වුනේ නැද්ද ? 😛 )
මේ වෙබ්-අඩවියේ මුල් පිටුව හරිම සරලයි. ගූගල්ගේ මුල් පිටුව වගේ.
අපිට තියෙන්නේ අපිට හොයන්න ඕන කරන මූර්තියට අදාළ යතුරු-වදනක් මෙතන තියෙන පෙළ කොටුවේ ගහළා, හොයන එකයි. අපිට ඕන කරන මූර්තියේ ප්‍රමාණය (දිග, පළල) ත් අපිට සඳහන් කරන්න හෝ නොකර ඉන්නත් පුළුවන්. එවිට මෙන්න මේ ආකාරයට අපිට කරපු සෙවීමට අදාළ මූර්ති රූප ප්රථිඵලයන් දැක්වෙනවා.
දැන් අපිට තියෙන්නේ අපිට හිතට අල්ලපු මූර්තිය බාගන්න එකයි. ඒකට කරන්න තියෙන්නේ ඒ මූර්තිය මත ක්ලික් කරන එක. හෝව් ! හෝව්!! කලබල වෙන්න එපා. මූර්තිය ඒ ක්ලික් කරපු ගමන් බෑවෙන්නෙ නෑ, තව පොඩ්ඩක් වැඩ තියනවා !
අපි මොකක්හරි මූර්තියක් උඩ ක්ලික් කළාම අපිව මෙන්න මේ වගේ පිටුවකට ගෙනියනවා :
ඒ පිටුවෙන් අපිට පුළුවන් මේ මූර්තියේ නිර්මාණකරුවා කවුද, ඔහු මේ මූර්තිය භාවිතා කරන්න අපිට අවසර දීලා තියෙන්නේ කොහොමද, මේ මූර්තිය අයත් වෙන මූර්ති කට්ටලය මොකක්ද, ඒ මූර්ති කට්ටලයේ අනිත් මූර්ති මොනවද, භාවිතාකරුවන් මේ මූර්තියට දක්වන කැමැත්ත කොහොමද, මේ මූර්තියට අදාළ ටැග මොනවද යන කරුණු බලා ගන්න. ඒ වගේම – එකකට වඩා වැඩි ගොනු වර්ග ගණනකින් නිර්මාණකරු මෙම මූර්තිය පටවලා තියනව නම් – අපිට ඕනෑ කරන ගොනු වර්ගයෙන් (උදා: PNG, ICO) මූර්තිය බාගන්නත් අපිට අවස්ථාව තියනවා.
ඔබ මේ මූර්ති භාවිතා කරල යම් මෘදුකාංගයක් හදනවනං, මූර්තිවල නිර්මාණකරු ඉල්ලපු සීමා වලට පිටින් භාවිතා නොකරන්නත්, ඒවායේ නිර්මාණකරු ගැන සඳහන් කරන්නත් අමතක කරන්න එපා. පුළුවන් නම් – නිර්මාණකරුගෙ සම්බන්ධතා තොරතුරු තියනව නං – නිර්මාණකරුට ඔයාගෙ මෘදුකාංගය ගැන දන්වන්න.
5 responses to “ඔබේ මෘදුකාංගයට අවැසි මූර්ති පහසුවෙන් සොයමු.”
[…] උදේ මම ලියපු (අන්තර්)ජංජාලේ මූර්ති හොයන හැටි ගැන ලි… කියෝපු අපේ බින්කු අයියා ට්විටරේ හරහා […]
බොහොම ස්තුතියි ඔත්තුවට. මට නම් මාර ප්‍රයෝජනවත් සයිට් එකක්.
සොෆ්ට්වෙයා එකක තියෙන මුර්තිය වෙනස් කරන්න ඔනේ නම් එක තියෙන තැන හොයා ගන්නේ කොහොමද?
එළ.. මට ඔහොම එව්ව නිතරම ඕනි වෙනව. මං දැනට පාවිච්චි කරන්නේ famfamfam සෙට් එක.