අද අපේ බිංකු සහෝදරයයි මායි පොඩි චැටකට සෙට් වුනා. අපි හිතුවා එක ඔබත් එක්ක බෙදාහදා ගත්තා නම් හොඳයි කියලා. අපි කතා කළේ උබුන්ටු මත මෘදුකාංග ස්ථාපනේ කරන හැටි ගැනයි රිපොසිටරීස් වල ක්‍රියාකාරීත්වය ගැනයි. ඔබට පුළුවන් ඒකෙ තියන වැරදි අඩපාඩු පෙන්නල දෙන්න, සහ සංවාදය අවසානයේ අපිට මතුවුනු ගැටළුවට පිළිතුරු දෙන්න.

****
Share

Binku: මචං මට gwibber දාන්ඩ කියලං දෙන්ඩකෝ!

Buddy: ආයිබෝං! කෝ එන්න gwibber ඉන්ස්ටෝල් කරන්න.

Binku:
ආහ්, එලෙළ. මෙන්න තේ කොප්පයකුත් එක්ක!

Buddy:
ටර්මිනල් එකක් ගන්න… තැංකූ තේකට!

Binku:
ගත්තාස්!

Buddy:
ඉස්සෙල්ලම කියන්න ඕන මම gwibber පාවිච්චි කරන්නෙ නැති නිසා ඒක ඇතුලෙ වැඩ දන්නෙ නෑ!

Binku:
එලෙළ. අවුලක් නෑ, දා ගත්තාම ඉගෙන යන්න බැරියැ?

Buddy:
දැන් බිසි නැත්තං ඕනෑම මෘදුකාංගයක ස්ථාපනේ කරන හැටි මේ ඇසුරින් කියල දෙන්නං?

Binku:
මම Qwit දාලා බැලුවා, ඒත් ඒක හරි යන්නෑ. ඊට පස්සේ twittux දැම්මා, ඒත් එකේ ලින්ක්ස් වලට යන්න බෑ වගේම හොල්මං පෙන්වන්නේ.

Buddy: ආහ්… එහෙනං මෘදුකාංග දාන හැටි දන්නවා? sudo apt-get install gwibber කරල බලන්න.

Binku: එලෙළ, ඕනම මෘදකාංගයක් දාගනන පුළුවන් වුණොත් තව මරු.

Buddy:
ආ මහ දෙයක් නෑ… උබුන්ටු වල මෘදුකාංග ස්ථාපනේ කරන ප්‍රධාන ක්‍රමේ තමයි අපිට ස්ථාපනේ කරන්න ඕන මෘදුකාංගේ නම පැකේජ් මැනේජර් එකකට ලබා දුන්නම, එයා විසින් අදාළ ගොනු සියල්ල බාගෙන ස්ථාපනේ කරල දීම. වින්ඩෝස් වගේ තනි සෙටප් එකක් අරන් ගිහින් ඉන්ස්ටෝල් කරන රටාව මේකෙ විරලයි… නෑ කියන්න බෑ.

Binku:
ඔව්, දන්නවා.

Binku:
ඒත් ඇතැම් ඒවා තියෙන්නේ tar.gz ගොණු වල නෙව?

Buddy:
ඔවු… tar.gz වල සමහර ඒවා නිකංම දිග ඇරලා ඒකෙ තියන executable එක ධාවනේ කරන්න පුළුවන්.

Buddy:
ඒක උබුන්ටුවල (වගේම බොහොමයක් ලිනක්ස් වල) ලක්ෂණයක්.. සමරු මේක අඩුපාඩුවක් විදියට දකිනවා.

Binku:
ඔව් දැක්කා එහෙම කියන තැන්.

Buddy:
ඒක ඉතිං මේ ලිනක්ස් වල ලක්‍ෂණයක්. පුරුදු වෙන්න වෙනවා… හරියට වින්ඩෝස් අය වෛරස් වලට පුරුදු වෙනව වගේ!

Binku:
ආහ්, ඔව්වත් කජ්ජක්ද, වින්දොරේ එක්ක ලණු කාලා කාලා පස්සේ දැන් හොඳ හැටි කලමනාකරණය කරන එකේ?

Buddy:
ඒක නෙ.

Binku:
ඉතිං

Buddy:
ඉතිං මේ පැකේජ් මැනේජර්ස් කීපයක් තියනවා… උබුන්ටු වල පෙරනමියෙන් එන 3ක් තියනවා මම දන්න තරමිං. ඒවා තමයි apt-get, aptitude සහ dpkg, මෙයින් ගොඩක් ප්‍රසිද්ධ apt-get, මගේ ප්‍රියතම aptitude.

Binku:
ආහ්, dpkg කිව්වේ deb වලින් දාන ඒකද?

Buddy:
dpkg භාවිතා වෙන්නේ තනි deb ගොනුවක් (හරියට වින්ඩෝස් වල msi වගේ මේකෙ deb තමයි ස්ථාපකය) ස්ථාපනේ කරන්න වගේ අවස්ථා වල, ඒ කියන්නේ අපි deb එකක් double ක්ලික් කරලා ස්ථාපනේ කරනකොට පාවිච්චි වෙන්නේ dpkg. මම දන්න තරමිං Ubuntu වල apt-get වගේ Debian වල dpkg තමයි සම්මත පැකේජ් මැනේජර් එක.

Binku:
ආහ්, එසේමැයි!

Buddy:
apt-get හරි aptitude වලින් හරි ස්ථාපනේ කරනකොට වෙන්නේ අපි පද්ධතියට දැනුම්දීලා තියන මෘදුකාංග ගබඩා (මෙවට කියන්නේ “repositories”, ආදරේට කියන්නේ “repos”) වලින් අපි නම් කරන මෘදුකාංගයයි, ඒක වැඩකරන්න ඕනෑ අනිත් මෘදුකාංගයි (ඒවට කියන්නේ “dependencies” කියලා, ඒ කියන්නේ වෙනත් මෘදුකාංග ඒක මත රඳාපවතිනවා කියන එක.) බාලා ස්ථාපනේ කරලත් දෙන එක. මේ රෙපෝස් සාමාන්‍යයෙන් අපිට අමතුවෙන් දාන්න ඕනෑ වෙන්නෙ නෑ, මොකද කැනෝනිකල් ලා පවත්වාගෙන යන, උබුන්ටු වල පෙරනිමියෙන්ම එන රෙපෝස් වල අපිට ඕනෑ මෘදුකාංග සියල්ලම පාහේ තියෙන නිසා. හදිසියෙවත් පිට රෙපෝ එකක් දාන්න උනොත් විශ්වාස, ප්‍රසිද්ධ අයගෙ ඒව විතරක් ගන්න, උදාහරණයක වදියට Google ලගේ ලිනක්ස් රෙපො එක.

Binku:
ඒකත් හරි.

Buddy:
ඉස්කෝලෙදී හෝ වෙනත් තැනකදී මෘදුකාංග බාලා වෙනත් පරගණකයක් මත ස්ථාපනේ කරන එක සාර්ථක නෑ.

Binku:
ඒක මම අහලා තිබ්බා

Buddy:
මොකද එක පරිගණකයක ඩිපෙන්ඩන්සීස් තවත පරිගණකයකට වලංගු නැති නිසා

Binku:
.gz දාන්න විදිහක් තියේද?

Buddy:
ඔය අහන්නේ .tar.gz වගේ එන මෘදුකාංග ස්ථාපනේ කරන හැටි ගැන නේද?

Binku:
එසේමැයි.

Buddy:
.tar.gz කියන්නේ ZIP එහෙම නැතිනම් RAR වගේ ගොනු හැකිලුම් ක්‍රමයක් විතරයි. ඒකේ ඇතුලෙ දාලා එන මෘදුකාංග භාවිතා කරන්න පුළුවන් ක්‍රම එකිනෙකට වෙනස්, බොහෝවිට අදාළ .tar.gz (හෝ gz/bz/tar/tar.bz වගේ ගොනු මාදිලි ගොඩකින් ලිනක්ස් වල ගොනු හකුලනවා.) ගොනුව බාන්න තියන පිටුවේ ස්ථාපන උපදෙස් සටහන් වෙනවා.

Binku:
හරි, ඒත්, ඇතැම් එවායේ නෑ නෙව? කමාන්ඩ් ගහන්න තියේද ඒවායේ පොදුවේ?

Buddy:
එහෙම දෙයක් පොදුවෙ කියන්න බෑ. උදාහරණයක් විදියට Firefox for Linux එන්නේ tar.bz එකක් විදියට, ඒක extract කරලා ඇතුලෙ තියන firefox කියන ගොනුව ඩබල් ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. (ඔය කීවෙ මැනුවලි Firefox බෑවොත් කරන ක්‍රමේ. නැත්තං කැනෝනිකල් රෙපෝ එකේ Firefox තියනවා. හැබැයි අළුත්ම යාවත්කාල කිරීම් එතනින් ගන්න බෑ, ඒ නිසා මම මැනුවලි ඉන්ස්ටෝල් කරන් තියෙන්නේ)

Binku:
ඒ සයිට් එකේ විස්තර නැත්තං මොකැයි කරන්නේ?

Buddy:
එහෙනං ඉතිං පොඩ්ඩක් ජංජාලේ විස්තර හොයන්න වෙනවා

Binku:
ආහ්, එලෙළ.

Buddy:
හැබයි හොඳදේ තමයි… ඔය විදියේ geek ස්ටයිල් එකේ පැකේජස් දැන් අඩුයි.

Buddy:
දැන් ගොඩක් එන්නේ මනුස්ස පැකේජස්.

Binku:
අනිවා, මට ඒක පේනවා. අද සකයිප් දැම්මත් එක්ක.

Buddy:
ඒක තනි deb එකක්, තව පොඩි කීපයක් auto බානවා.

Binku:
ඉස්සරහ කාලයක වෙද්දී වින්දෝරේ වගේ බොත්තමක් ඔබලා වැඩේ ෂරි! ඒම ලේසි වෙයි නේද?

Buddy: ආහ්, එක නං සුවර් නෑ. මොකද වින්ඩෝස් වල පැකේජ් ස්ථාපනේ කරන රටාවයි මේකයි සහමුලිං වෙනස්.

Binku:
ඒත්, මනුස්ස පාට එනවැයි කියන්නේ මචෝ තව කට්ටියක් එක්රොක් වෙන ඒකනේ, ඒකයි මම අදහස් කොරේ.

Buddy: අපි හිතමු A කියලා ලොකු මෘදුකාංගයක තියනවා b කියන්නේ එක දුවන්න ඕන කුඩා මෘදුකාංගයක් කියලා.

ලිනක්ස් අය:

A මෘදුකාංගය විතරක් ලබා දෙනවා. එක ස්ථාපනය කිරීමේදි b වෙනම ස්ථාපනේ කරන්න වෙනවා.

ඒකෙ වාසි 2ක් තියනවා:

1. A සමග b නොදෙන නිසා A සහිත ගොනුවෙ විශාලත්වය අඩු වීම.
2. b දැනටම පරගණකයේ ඇත්නම් අමතුවෙන් ස්ථාපනයට කාලය/ඉඩ/ජාල සබදතාව වැයනොවීම.

වින්ඩෝස් අය:

A සහ b 2ම එක ගොනුවෙ ලබා දෙනවා.

අවාසි:

1. ගොනුවේ විශාලත්වය වැඩි වීම.
2. පරිගණකයේ b හි තවත් පිටපතක් තිබනත් නැවත අලුතින් ස්ථාපනය වීම.

Binku: ආහ්, ඒකත් හරි. අනික bහි අළුත්ම සංස්කරණයක් තිබුණාම ඇතැම් වේලාවට දෝෂ පැමිණිම.

Buddy: ම්ම්… ලිනක්ස් වලදී උනත් A ට අවශ්‍ය b සංස්කරණය නැතුව පරණ එකක් නං තියෙන්නෙ, A ස්ථාපනේ කරන අතර b යාවත්කාල කරනවා. ඒකනේ සමහර ඒව සථාපනේ කරනකොට කියන්නේ “X packages to install, X to upgrade, X to remove” කියලා.

Binku:
එතකොට b අලුත්ම නම් Aට ඕන තරමට වඩා?

Buddy:
ඒ ප්‍රශ්නෙට පිළිතුර දෙන්න මම දන්නෙ නෑ! ඔයා අහනකං මට ඔය ප්‍රශ්නෙ ඇවිත් තිබුනෙ නෑ… මම හොයල බලන්නං.