පෝය දවසේ මිනිසුන්ව බලෙන් හොඳ කිරීම!


අපේ සමාජයේ බොහෝ දෙනා විශ්වාස කරන පරිදි තමන් හරි ය. තමන් සර්ව සම්පූර්ණය. තමන් ප්‍රශ්න කරනු ලැබීමට යටත් විය යුතු නැත.

එකී සිතිව්ල්ලේ මීළඟ පියවර මම නිවැරදි බැවින්, මට වැරදි යැයි හැඟෙන දේ අනිවාර්යයෙන්ම වැරදි වේ යැයි සිතීමයි. ඒවා වැරදි බැවින් සහ තමන් ඉතා නිවැරදි බැවින් ඒ වැරදි කරන අයවලුන් ඒ වැරැද්ද නවතා මා කියනා ආකාරය පිළිගෙන කටයුතු කළ යුතුය.

මේ කියන්නේ Facebook තුළින් මතුවුනු එවැනි හඬක් පිළිබඳවයි!

පහත දැක්වෙන්නේ “මගෝඩිගොඩයි දහම වනසයි” ලෙස Facebook හි තැනුනු event එකක description එකයි:

event එකෙහි ලිපිනය: http://www.facebook.com/event.php?eid=120470051298363

මෙම event එකෙහි නිර්මාතෘ ලෙස දැක්වෙන්නේ “We Can Find 100, 000, 000 BUDDHIST On Facebook” [ http://www.facebook.com/group.php?gid=223074288823 ] නම් group එකකි. එයද සාමාන්‍ය සිල්ලර “1. Join This Group 2. Invite people to join” වර්ගයේ එකකි.

එකී group එකෙහි දැක්වෙන පහත සැකකටයුතු සඳහන අප අමතක කළ යුත්තේ ප්‍රධාන කරුණින් අවධානය ගිලිහිය හැකි බැවිනි.

අදාළ event එකෙහි දැක්වෙන ලෙසම එහි අරමුණ පෝය දිනය “අති පිවිතුරු” දිනයක් කිරීමයි. ඒ සඳහා රජය ලවා නීති ගෙන ඒමටත් මොවුන් යොජනා කරයි!

අප බුදුන් වදාළ දේ පිළිපැදීම පසෙක තියා පෝයවල් අල්ලාගෙන ඔහේ කියව කියව සිටිය යුතුද යන්න වෙනම ගැටළුවකි. මේ ස්‍වාධීන තීරණ ගැනීමේ හා තමන්ට අවැසි ලෙස කටයුතු කිරීමේ නිදහස විහිළුවට ලක් කිරීමකි.

,

12 responses to “පෝය දවසේ මිනිසුන්ව බලෙන් හොඳ කිරීම!”

  1. ගොන්පාට් ආතල් එකක්නේ… 😀
    බෞද්ධ දර්ශනයේ තියෙන තෝරාගැනීමේ නිදහස කෝ නීති ගෙනාවම? මගෙ නං අදහස…. පෝය දවසේ ආතල් ගන්න ඕන එවුන් අපට වදයක් නොවී ඕන ආතල් එකක් ගත්තාවේ….

    දන්සැල් කතන්දරේ ගැන….. මේකෙ අනිවාර්යයෙන්ම ප්‍රෝඩාවක් තියෙනවා. මම දන්න තරමින් ලියාපදිංචි සංවිධානයකට හැර මේ ආකාරයට ප්‍රසිද්ධියේ ආධාර මුදල් එකතු කරන්න තහනම්.

  2. @ශාකුන්තල: අනිවාර්යයෙන්!

    පෝය නෙවේ ඕන දවසක, අනුන්ට කරදරයක් නැතිව ඕන කෙනෙක් ඕන දෙයක් කළාට අනිත් අය ඩෝං යන්න හේතුවක් නෑ කියන එක අපේ අය තාම දන්නෙ නැති එකයි අවුල.

    අපේ අය හිතං ඉන්නෙ පෝය දවසට – තමන් කරන නිසා – අනිත් අයත් සියළු වැඩ අතහැර සැදී පැහැදී පංසල් ගානෙ රස්තියාදු වෙන්න ඕනය කියලා.

  3. පිස්සු හැදෙන සඳ…. ඉන්ටර්නෙට් එකෙන් සල්ලි එකතු කරන දන්සැල් අද තමා මුලුන්ම දැක්කෙ. ඔන්න බලන්න ඉතින් අපේ කට්ටිය අතරට තාක්ෂණය කොච්චර දුරට ගිහින්ද කියල. කාටද ආඩම්බර මේ වගේ බෞද්ධයෝ ගැන ?
    බුදු හාමුදුරුවෝ හිටියනම් සතුට වැඩි කමට සදහටම ඉන්න යනව පාරිලෙය්‍ය වනයට.

  4. සුවර් නැ හදිස්සියෙවත් ඔහොම නීතියක් ගෙනාවොත් එහෙම
    @තරිඳු
    හික් හී මරුනේ ලාබෙ කොච්චරද දන්නෙ නෑ

  5. පෝය දවසේ ඉතින් කැමති අය එලොව හිතසුව පිණිස පින් දහම් කරගත්තාවේ. එහෙම අවශ්‍ය නැති අය අනිත් අයට හිරිහැරයක් නොවන අන්දමින් කැමති දෙයක් කරන එකේ වරදක් මම නං දකින්නෙ නෑ.
    අනිත් අතට බොහොමයක් පෞද්ගලික ආයතන වල වැඩ කරන අයට සති අන්තෙත් වැඩ. ඉතින් එහෙම අයට පෝය දවසක් තරම් විවේකයෙන් ගත කරන්න වෙන අවස්ථාවක් නෑ.
    උදාහරණයක් විදියට ඊයෙ කැම්පස් එකේ ශීල ව්‍යාපාරයක් තිබුනා. නමුත් අපි කලේ යාලුවෙක්ගෙ ගෙදර ගිහින් දොළක නාලා පොඩි ජොලියක් දාපු එක.

    ඔය දන්සැලේ කතාව නං අමු ප්‍රෝඩාවක් වෙන්න ඇති. තියෙන තැනක්වත් සඳහන් කරලා නෑ නේද.

  6. ආගම මිනිස්සු මත්තෙ බලෙන් පටවන්න හදන එක මූලධර්මවාදියො කරන දෙයක්. නිදහස් මිනිස්සුන්ට ඒක අදාල කරන්න බෑ. කැමැතිනම් ආගමික වෙන්න හෝ නොවෙන්න කාටත් අයිතියක් තිබිය යුතුයි.

    මේ වගේ හාදයෝ තමයි බුදුන් වහන්සේටත් නිගා කරන්නෙ තමන්‍‍ගෙ අන්තගාමී අදහස් ආගමට පටවල.

  7. පොඩි උංගෙ ආසාවනෙ! මොනව හරි කරල උනුත් හැදෙන්න එපැයි. ඔන්න ඔහේ කියක් හරි දීල දාමු. තාක්ෂනේ ඔය තරමට දියුනු කලේ ඕවට නේන්නම්.
    හික්ස්

  8. @තරිඳු:

    බුදු හාමුදුරුවො හිටියනං මේ කට්ටිය බුදු හාමුදුරුවොංගෙ වීස කැන්සල් කරයි බුදු දහමට විරුද්ධව ක්‍රියා කරනවය කියල!

    @මනුශාන්:

    ඔවු ඉතිං… හෙළ උරුමේ පොරක් එහෙම මේක දැක්කොත් සුවර් නෑ!

    @ඉන්දරේ:

    තම තමන් කැමති දෙයක් තම තමන් කරනව මිස, අනුන් බලෙං හොඳ කරන්න යන්නෙ මොකටද?

    @“`Outsider“`:

    ඒවට විරුද්ධව කතා කරන අයගෙ කට වහන්න මේ කස්ටිය පාවිච්චි කරන පහසුම සහ සුවර් ඇන් සොට් උපක්‍රමේ තමයි "බුදු දමහමට අගෞරව කරනවා!" කියල හංවඩුගහන එක!

    @Freedom: තමන්ට ඕන වාවාරමක් කරගත්තාවේ… අහුවෙන්න කැමති අය අහු උනාවේ. තමං සුදන – අනිත් එවුං දුදන කියල නිකං බොරු ෂෝ දාන එකයි වැරදි!

  9. machang lankawe api purudu wela inne aka husmata dawas 365 weda karana gama atharin pathara ana dawasaka dekaka niwaduwa gedarata wela thamanta kamathi dewal karannai.Samahrun pansal yanwa samaharun party danawa.mamanam oya dekema waradak dakinne ne.

    Poya dawaswath thamata kamathi widiyata gatha karana akath loki deyak ne.

  10. අනේ හපොයි…!!! මුන්ට ඉතිං කියන්න දේවල් නැත… කොහෙද දන්නෑ දන්සැල දෙන්නේ..??? අඩුගානේ ඒකවත් කිව්වනම් කීයක් හරි transfer කරනවා… 😛

  11. පෝය දවසේ මිනිසුන්ව බලෙන් හොඳ කිරීම/

    මේ මොනව කතා කරනවද පෝය දවස තමයි දඩයමේ යන්න හොඳම දවස.

  12. @V:
    අනිවාර්යයි!

    කවුරුවත් තමන්ට ඕන විදියට අනිත් අය හසුරුවන්න හිතන්න ඕන නෑ. අනුන්ට හිරිහැරයක් නැතිව, තම තමන් තම තමන්ට ඕන විදියට හැසිරෙන එකයි!

    @maduonline:
    සල්ලි දීම කෙසේ වෙතත් අපි සෙට් එකක් බහිමුද දන්සල් කන්ඩ? 😛

    @මනුස්සකම:
    හෙහෙ… හඳ තියෙන නිසා සත්තු එළියට එනව නෙවද? හොඳා හොඳා! 😀

Leave a Reply to Anonymous Cancel reply

Your email address will not be published. Required fields are marked *