Google Labs ඔබවෙත ගෙන එන නවතම සේවා.


Google Labs කියන්නේ GMail, Google Friend Connect, Knol වැනි සේවා නිල වශයෙන් Google හරහා ඔබ වෙත පැමිණීමට පෙර අදහස් රැස්කොට, යෙදවුම් හැකියාවන් පරීක්‍ෂා කොට බලා, නිෂ්පාදනය කොට ඇල්ෆා පරීක්‍ෂණ කොට, බීටා පරීක්‍ෂණ සඳහා ප්‍රජාව වෙත නිදහස් කොට නිෂ්පාදන දියත් කරන ස්ථානයයි.

මේ Google Labs වෙතින් ඔබ වෙත ගෙන එන, නමුත් අපේ භාවිතාකරුවන් අතර එතඑම් භාවිතා වෙනවා මා දැක නැති ඉදිරියට බොහෝ දුරට නිල වශයෙන්ම Google වෙතින් නිකුත්විය හැකි Google Labs නිෂ්පාදන කිහිපයක් ගැන ඔබට කියන්නට මම බලාපොරොත්තු වෙනවා.

Google Squared කියන්නේ යම් කිසි ප්‍රවර්ගයක් (category) සම්බන්‍ධව යම් සෙවීමක් සිදු කොට, එයට අදාළ “sqare එකක්” ලබාගෙන, එයට ඉන්පසු වැඩිදුර සෙවුම් මගින් තවත් තොරතුරු එක් කොට, අනවැසි තොරතුරු ඉවත්කොට, යම් සෙවුමක ප්‍රතිඵල රාශියක් අතුරින් අපට අවැසිම ප්‍රතිඵලය ලබාගැනීමේ හැකියාව අපට ලබාදෙන සේවාවක්.

උදාහරණයක් හැටියට පළමුව “cities in sri lanka” යන්න squre කොට ලැබෙන වගුවේ නව තීරුවක් ලෙස “population” යන්න ලබා දීමෙන් පළමුව සිදු කළ “cities in sri lanka” යන squre එක සඳහා පිළිතුරු ලෙස ලැබුනු නගර වල ජනගහනය ලබාගත හැකියි. අපට අවැසි ලෙස පේළි සඳහා ඇතුලත් කිරීම් ලබාදීමටත් දැනගතයුතු කරුණු සඳහා තීරු යෙදීමටත් හැකියාව තිබෙනවා.

Google Squared හරහා ඔබ සිදු කරන සෙවීමක් පසුකාලීන භාවිතාවන් සදහා සුරකින්නත් හැකියාව තියනවා.

යම් නිශ්චිත විශය පරාසයක් තුළ කෙරෙන සමීක්‍ෂණයන් සඳහා තොරතුරු සොයන්නට මෙම සේවය ප්‍රයෝජනයට ගන්න පුළුවන්.

ගිහින් බලන්න : Google Squared

මේ සේවයෙන් සිදුවෙන්නේ පිරිසක් සමග එකතු වී මෙහිදී ලැබෙන වගුව වෙත තොරතුරු ඇතුලත් කිරීමයි. වගුවේ ඇති දත්ත ගැන සංවාද කිරීමට, වගුවේ ඇති ලිපින සඳහා සිතියම් සම්බන්‍ධ කිරීමට, පවතින වගු පැටවීමට, වගුව එළිදැක්‍වීමට ආදී නොයෙකුත් පහසුකම් මේ සතුව තිබෙනවා.

ගිහින් බලන්න : Google Fushion Tables

මෙම සේවයෙන් අපිට පුළුවන් අපි විසින් තෝරා දෙනු ලබන මූලාශ්‍රයන්ගේ සිට පැමිණි ප්‍රවෘත්‍ති, ඒ ඒ ප්‍රවෘත්තිය අදාළ වෙන දින වකවානු අනුව සැකසු කාලරේඛයක් තුල දැකබලාගන්න.

ගිහින් බලන්න : Google News Timeline

මෙය යම් පිරිසකගෙන් ප්‍රශ්න විමසීමටත්, ඒ සඳහා පිළිතුරු ලබාගැනීමටත්, එකී පිළිතුරු සඳහා පාඨක මනාපය ප්‍රකාශ කිරීමටත්, ඒ හරහා සංවාදයක් ගොඩනගා ගැනීමටත් හැකි වන ලෙස තැනූ සේවාවක්. මාගේ මතයට අනුව මෙය Yahoo! Answers හි ක්‍රියාකාරීත්‍වය Google භාවිතාකරුවන්ට ලබාදීම සඳහා යෙදවෙන සේවාවක් වනු ඇති.

ගිහින් බලන්න : Google Moderator

http://img190.imageshack.us/img190/8876/wavelogo.png

ඉහත සේවා සියල්ලටම වඩ ආකර්ෂණීය Google සේවාවක් මෙම වසර අගදී ඔබ හමුවන්නට බලාපොරොත්තුවෙන් සිටිනවා. පහත දැක්වෙන නිරූපනය (= demonstration ද ?) නැරඹීමෙන් මට සිතුනේ එය සන්නිවේදනයට නව මානයක් එකතු කරාවි කියලයි.

එය වචනයෙන් විස්තර කරනවාට වඩා පහත වීඩියෝව බලන්න හැකි නම් හොඳයි.

ඉහත වීඩියෝව බාගන්න :

FLV (අඩු ගුණාත්‍මක භාවය.)
MP4 (වැඩි ගුණාත්‍මක භාවය.)


3 responses to “Google Labs ඔබවෙත ගෙන එන නවතම සේවා.”

  1. ඔය Yahoo Answers තමයි මාත් තවම යාහූ පාවිච්චි කරන්න එකම හේතුව. හැබැයි ඒකට තරගයක් දෙන්න තියා කිට්ටුවට එන්නවත් ගූගල් මොඩරේටර්වලට තාම නම් පුළුවන් වෙලා නෑ.
    Google Wave නම් ලොකු පෙරළියක් ඇති කරයි වගේ. ‍
    Fusion tables ගැන ඇහුවෙ දැන්. ඒත් ලින්ක් එකෙන් ගියාම 502 server errorලු. අද ගූගල් අවුලක් වගේ. Friend connect එකටත් යන්න බෑ.

  2. @ තමීර :

    තවම ඔය කියන එක සේවාවක්වත් භාවිතාව සඳහා විවෘත කළ සේවා නෙවෙයි. තවම Google Labs වල සංවර්ධනය කරමින් පවතින ඒවා. ඒ නිසා Google Moderator , Yahoo! Answers වලට මරු පහරක් වේවි. දැනටමත් එහි ආකර්ෂණීය ගුණාංග තියනවා නොවැ.

Leave a Reply to තමීර Cancel reply

Your email address will not be published. Required fields are marked *